UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියෝ අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධූරයට

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධූරයට ගල්කිස්සේ ධර්මපාලාරාමාධිපති අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නාහිමියෝ පත් වූහ.

එම සංඝ සභාවේ සභාපතිව වැඩ විසූ බෝයගම විමලසිරි මහ නාහිමියන් ගේ් අපවත් වීමෙන් හිස් වු එම සභාපති ධූරයට කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියෝ එසේ පත්වූ අතර එම සභාපති පදවිය සමස්ත අමරපුර මහා නිකායේම අනුනායක පදවිය ලෙසද පිළිගැනෙන්නේය. අමරපුර මහා සංඝ සභාවේ මහා රැස්වීම ඉකුත් දා ගල්කිස්ස ධර්ම පාලාරාමයේදී පැවැති අවස්ථාවේදී එම පත්වීම සිදු කැරිණි. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම මහා සංඝ සභා රැස්වීම පැවැත්විණි.

කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියෝ විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක් ලෙස මහත් ගෞරවාදරයට පාත්‍රව වැඩ වසන සංඝ පීතෘන් වහන්සේ නමකි. කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරින් වහන්සේ ලෙස ද කටයුතු කළහ.

බක්පුර පසළොස්වක පෝය

    බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා අපර භාග 02.08 ට ලබයි. 20 වැනිදා ඉරිදා අපර භාග අපර භාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 28 වැනි දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]