UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෝක ශාසනික හා සමාජ සේවයට කැප වූ ලෝක බෞද්ධ තරුණ සඟ සමුළුව

ලෝක බෞද්ධ තරුණ සංඝ සභාව වර්තමානයේ ආගමික, ශාසනික, අධ්‍යාපනික, සාමාජික සත්කාරක සේවා රැසක් ලොවට සිදුකරන භික්‍ෂු සංවිධානයකි. පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ශාඛා සංවිධාන පිහිටුවා ඇති අතර මෙරට තරුණ භික්‍ෂූන් වහන්සේගේ කැපවීම මත සුවිශාල වූ සේවා රැසක් මේ වන විට මෙරටට සිදුකර ඇත. විදේශ අධ්‍යාපන චාරිකා, විහාරස්ථාන ආධාර, ධර්ම ප්‍රචාරක සේවා, ශිෂ්‍යත්ව ප්‍රදාන, පාසල් උපකරණ බෙදාදීම ආදී වැඩසටහන් ඒ අතර වේ. තවත් ව්‍යාපෘති රැසක් මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

අප්‍රේල් මාසයේ මෙරට සෑම දිස්ත්‍රික්කයකින්ම තෝරාගත් භික්‍ෂූන්වහන්සේ 40 නමක් සිංගප්පූරුව, මැලේසියාව යන රටවල සංචාරයක නිරත වන අතර මැයි මාසයේ තායිලන්තයේ පැවැත්වෙන උත්සවයකට තවත් භික්‍ෂූන් වහන්සේලා 50 නමක් සහභාගී කෙරෙති. මීට පෙරද ලෝකයේ රටවල් කිහිපයක පැවැති උත්සව සඳහා මෙරට භික්‍ෂූන් වහන්සේට සහභාගී වීමට අවස්ථාව එම සංවිධානය මගින් උදා කරදෙනු ලැබී ය. ලෝකයේ රටවල් 45 ක් පුරා ව්‍යාප්තව ඇති ලෝක බෞද්ධ තරුණ සංඝ සභාව ආරම්භ කිරීම සඳහා මූලිකව ක්‍රියාකළ ආචාර්ය මුගුණුවෙල අනුරුද්ධ හිමියන් ලෝකයේ විවිධ රටවලට වැඩම කරමින් සිදුකරන සේවය ද අගය කළ යුතු ය.

බක්පුර පසළොස්වක පෝය

    බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා අපර භාග 02.08 ට ලබයි. 20 වැනිදා ඉරිදා අපර භාග අපර භාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 28 වැනි දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]