UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - අනුරාධපුර ශිෂ්ටාචාරයේ සිට අද දක්වා පැතිරී ඇති කාල පරාසය තුළ සිංහල භික්ෂූ සමාජයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන්න.

පිළිතුර - මූලික වශයෙන් අනුරාධපුර සමාජය තුළ කේන්ද්‍රිය භික්ෂූ ආයතනය වූයේ මහා විහාරයීය නිකාය වන අතර එම නාගරික සමාජයේ ම අනෙක් පාර්ශ්වය නියෝජනය කරනු ලැබුවේ අභයගිරි නිකායයි. මෙයින් පළමු පාර්ශ්වය එනම් මහා විහාර පාර්ශ්වය ථෙරවාද න්‍යායික සම්ප්‍රදාය අනුගමනය කළ අතර දෙවැන්න වූ අභයගිරි පාර්ශ්වය මහායාන බලපෑම් මත ප්‍රායෝගික ආකල්පයක් අනුගමනය කළහ. මෙම දෙපාර්ශ්වය නිසාම ශාසනික අධ්‍යාපනික ශාස්ත්‍රීය මෙන් ම සමාජයීය උන්නතියක් මෙරට ඇති වූ බව පිළිගත යුතුය.

1. මහා විහාරය - විසුද්ධි මග්ග

2. අභයගිරිය - විමුක්ති මග්ග

සිංහල භික්ෂූ වංශයේ විකාශනය සැලකීමෙහි දී විද්වතුන් විසින් ආකෘති හෙවත් අවස්ථා 04ක් ගෙනහැර දක්වා ඇත.

1. මහා විහාර වංශය

2. පොළොන්නරු කතිකාවත

3. දඹදෙණිය කතිකාවත්

4. සරණංකර සංඝරාජ සමය

ප්‍රශ්නය - අනුරාධපුර මුල් සියවස් අට තුළ භික්ෂූ අධ්‍යාපනයේ විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර - ආරම්භයේ සිට මුල්ම සියවස් අට තුළ භික්ෂූ අධ්‍යාපන ක්‍රමවේදයේ මග පහත සඳහන් පරිදි සිදුවිය. භික්ෂූ අධ්‍යාපන විෂය පථය හරහා එක්තැන් වූ ඤාණ සම්භාරය මෙසේ ගොනු කළ හැකිය.

1. හෙළ බසින් බ්‍රහ්මි අක්ෂර සමුදාය උපයෝගි කොට ගෙන ලියා ඇති සෙල්ලිපි

2. මධ්‍යම ප්‍රමාණයේ හස්තීන් හත් දෙනෙකුගේ ප්‍රමාණයට ගොඩකළ හැකි ප්‍රමාණයේ හෙළටුවා සමුදාය

3. හෙළ වංසකථා හා ඒවායේ පරිවාර කෘති

4. හෙළ සූත්‍ර ධර්ම සමුදාය

5. හෙළ වෙදහෙදකම් සඳහා වූ කෘතීන්හි අඩංගු විෂය පථය

බුදු සමයේ ක්‍රමික ව්‍යාප්තියක් සම¼ග මහා විහාර පිරිවෙන් පද්ධතිය තුළ ක්‍රියාත්මක වූ පාලි භාෂා ත්‍රිපිටකය හා අටුවාවතට පමණක් සීමා වූ විෂය ප්‍රමාණය අභයගිරිය හා ජේතවනික දෙනිකාය අනුගමනය කළ පිළිවෙළත් අනුව තවදුරටත් ව්‍යාප්ත විය.

ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය වෛද්‍ය භූත විද්‍යාව සංස්කෘත භාෂාව හා ඊට අයත් විවිධ විෂයයන් හැදෑරීමට අවස්ථාව ලැබිණ. කලාතික්‍රමණයෙන් බෞද්ධ ගිහි මහජනයාගේ්ද අවශ්‍යතා සැලකිල්ලට ගෙන පහත සඳහන් විෂයන් ද පිරිවෙන් තුළ විෂය පථයට එකතු විය.

1. ධර්ම දේශනා ක්‍රම
2. පරිත්‍රාණ ධර්ම දේශනා
3. ජාතක දේශනා
4. යුගාසන දේශනා
5. සරභඤ්ඤ සජ්ඣායනා

ගිහි පැවිදි විද්වතුන් ගේ ි දැඩි අවධානය පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි යොමුවෙත්ම වඩා පුළුල් විෂය පද්ධතියක් නිර්මාණය විය.

ප්‍රශ්නය - ගම හා පන්සලට සුසංයෝගයක් වූ සන්නිවේදනය පිළිබඳව වූ ඉපැරැණි තොරතුරු පිළිබඳව සටහනක් ලියන්න

පිළිතුර - පන්සල සහ ගම අතර පවතින සමගාමී සම්බන්ධතාවයත් සන්නිවේදනය ත් අතර පැවතියේ දැඩි සමීප බවකි. සාමයික - අධ්‍යාපනික- සංස්කෘතික කේන්ද්‍රස්ථානය වූ පන්සල ගමේ මෙහෙයුම්කාර පාලන ඒකකය විය. එහි පෙර ගමන්කරු විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේ ය. ගම වටා ඇති (චංචල හා නිශ්චල) ස්වභාවික හා භෞතික සම්පත් මෙන් ම ග්‍රාමවාසීන් ගේ ජන්ම කේන්ද්‍රයේ පුවත් සියල්ල පන්සල තුළ එක්තැන් ව තිබිණි.

යුක්තියේ සාධාරණයේ ජීවමාන ප්‍රතිමූර්තිය වූ පන්සල මෙහෙයුමෙන් ගනු ලබන තීරණය අධිකරණ තීන්දුවකට වඩා බලවත් විය. ජනතා බහුතරයේ තීන්දුව පන්සලේ නායක හාමුදුරුවන්ගේ තීරණය හා සමගාමී වෙයි. කිසිදු සංකාවක් හෝ අගතියක් එතැන නැත. පාරිශුද්ධ බව පන්සල කේන්ද්‍ර කොට ගෙන ගම පුරා විහිදී යයි. මෙම පාරිශුද්ධිය සාධු නාදයත් සමඟ හේවිසි නාදයෙන් සන්නිවේදනය වන්නේ සෑම ග්‍රාමවාසී දිවි පෙවෙතක් ම සාධුජන සංවිධානයක් ලෙස ගම තුළ බිහිවිය යුතු බවයි. අළුයම් වේලේ හේවිසි නාදය නිකුත් වූයේ පන්සලේ විහාරගෙය අසලිනි. එය උදයේ තේවා මුරයයි. ඒ හා සමාන්තර ව පන්සලේ ඝන්ඨාරය ද නාද වීමෙන් දවසේ මුලදීම මුළු ගමම අවදි ව කටයුතු ආරම්භ කරයි. දිවා තේවා මුරයත් සන්ධ්‍යා තේවා මුරයත් හේවිසි හා ඝන්ඨා නාදයත් එක්ව ගම පිබිදීම ගැන

ඇසෙයි ළමා වසුපැටියන් හඬ දුරට

පැසෙයි නිබ¼ඳ කෙත්වත් හැම අවට

දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට

රසෙයි අමාරස මය එම පියස දුට

වශයෙන් කෝට්ටේ යුගයේ කවියෙකු දකින්නේ එම සුන්දර දර්ශනයයි. ගම හා පන්සල එකතුව වැව හා දාගැබ සංකේතය මූර්තිමත් කරයි. ඇතැම් විද්වතුන් විසින් සිවුර හා නගුල යනුවෙන් ගැමියා ගේ් උභයත්ථකටග්ගහ මෙලොව පරලොව සුගතිය පන්සල මුල්කරගෙන ඇති වූ බව සඳහන් කරයි. මෙවන් ගුණ දහම් වාණිජ රැල්ලට අසුවී අද පන්සල තුළ පැවතී ආධ්‍යාත්මය තරමක් දුරට වියැකී තිබීම අවාසනාවකි. මිහිඳු සංස්කෘතිය තුළ බුදු දහම සිංහලයන් උපතින් ම ආරක්ෂා කිරීමට බැඳී සිටින පාරම්පරික උරුමයක් ඇති ජන්ම දායාදයක් ලෙස සැලකූ® බෞද්ධයා ගේ උපතේ සිටම නැකැත් බැලීම, ඉඳුල්කට ගෑම, නම් තැබීම, අධ්‍යාපනය - වෛද්‍ය ශාස්ත්‍රය සහ කෘෂිකර්මාන්තය සඳහා උපදෙස් ලැබුවේ පන්සලේ විහාරාධිපති හිමියන්ගෙනි. මේ අනුව මුල් කාලයේ පන්සල බහුවිධ කාර්යයන්හි නිරත වූ ආයතනයක් විය. සමාජය නවීකරණය වීමත් සම¼ග ම පන්සල නමැති ආයතනයේ කාර්යය ද සමාජයේ විවිධ සංස්ථා ඇති වී ඒවා වෙත පැවැරීමෙන් පන්සල මූලික කේන්ද්‍රිය මෙහෙයුම් අධිකාරිය එක් එක් ආයතනය විසින් උදුරා ගැනීම හෝ පවරා ගැනීම සිදුවිය. අධ්‍යාපනය පන්සලෙන් ඉවත් ව පාසල නමැති ආයතනයටත් වෙදකම රෝහලටත් නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලිසියටත් වැනි විධිමත් ආයතන වෙත පැවරිණි. මේ නිසා ගම හා පන්සල අක්‍රිය වූ පෞරාණික නෂ්ටාවශේෂයක් බවට පත්විය.

තවද පන්සල වෙතින් මෙහෙයුම් ලද ආගමික ඇතැම් කාරියයන්ද ගුවන් විදුලිය රූපවාහිනිය හා පාසල් තුළත් වෙනත් සන්නිවේදන මගින් ක්‍රියාත්මක වීම නිසා භික්ෂුවගේ් කාර්යය ද ලිහිල් ව ගොස් භික්ෂුව අගයෙන් පිරිහුණු සාමාජිකයෙකු බවට පත්විය.

වෙනස් වන සමාජයට අනුරූපී ව පැවිදි මෙහෙවර සකස්කර ගන්නට උගත් තරුණ භික්ෂූන් උත්සාහ කළත් සමාජයෙන් හා වැඩිහිටි පරපුරෙන් එයට සහයෝගයක් නොලැබීම හා නිරතුරු ව විරෝධතාවක් ඇති කිරීම නිසා භික්ෂුවගේ පැවිදි උපැවිදි වීම ද බෙහෙවින් දක්නට ලැබෙයි.

ප්‍රශ්නය - ‘බෝධි සත්ව‘ ආදර්ශය පිළිබඳ ථෙරවාදී සම්ප්‍රදාය ගැන සාකච්ඡා කරන්න

පිළිතුර- ‘බෝධිසත්ත’ යන පාලි වචනය සකස් ව ඇත්තේ ඤණය බුදු බව යන අර්ථ දෙන ‘බෝධි’ යට කැපවුනු බලාපොරොත්තු ඇති යන අරුත් ඇති ‘සත්ත’ යන්න එකතු වීමෙනි. එහෙයින් බෝධිසත්ත යන්නෙහි අරුත බුදු බව හෝ ප්‍රඥාව අරමුණු කරගත් ඊට කැපවුණු හෝ එය අපේක්ෂා කරන තැනැත්තා යන්නයි. විමුක්තිය අපේ්ක්ෂා කරන හැම දෙනාට ම මේ වචනය ගැලපෙන නමුත් සාමාන්‍යයෙන් එය යොදන්නේ සම්මා සම්බුද්ධත්වය අපේක්ෂා කරන්නන්ට පමණි.

නිර්මාතෘ දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් නැති හෙයින් බෞද්ධයෝ තමන් තුළ සංවර්ධනය කරගත යුතු දේවත්වයේ ගිනි පුපුරක් ඇතැයි විශ්වාස නොකරති. එතෙකුදු වුවත් මිනිසා තුළ ඇති නිර්මාණ ශක්තිය ගැන විශ්වාස කරති. විවිධ අත්දැකීම් රැස්කරමින් භවයෙන් භවයට යන ආත්මයක් බුදු සමය පිළිනොගන්නා නමුත් ඒ වෙනුවට ගත්‍යාත්මක (වෙනස්වන) ජීවන ප්‍රවාහයක් ලෙස සංසාරික අනන්‍යතාව රැක ගනිමින් ප්‍රවර්තනය වීම පිළිගැනීමට අකැමැත්තක් නැත.

සිද්ධාර්ථ, ගෞතමයන් වහන්සේ සත්වයෙකු විසින් අපේක්ෂා කළ හැකි උත්කෘෂ්ට අධිගමය. (උපරිම අවබෝධය) සිය අධිෂ්ඨාන ශක්තියෙන් ප්‍රඥාව හා කරුණාව වැඩීමෙන් මිනිසෙකු වශයෙන් සිටිමින් සාධනය කරගෙන, නිවනට එකම මග මිනිස් වර්ගයාට ඉගැන් වූහ.

අවශ්‍ය වීර්ය වඩන්නේ නම් ශාස්තෘන් වහන්සේ ගේ් තත්ත්වයට ම ඕනෑම කෙනෙකුට පත්වන්නට අවකාශ තිබීම බුදු සමයේ විශේෂ ලක්ෂණයකි. බුද්ධත්වය විෂයෙහි සුවිශේෂ ඒකාධිකාරයක් තමන්ට ඇතැයි බුදුරජාණන් වහන්සේ නොපැවසූහ. එය ස්වාභාවික පරිණාමයෙහි ප්‍රතිඵලයක්ද නොවේ.

  මැදින් පුර අටවක පෝය

   මාර්තු 14 වැනිදා සිකුරාදා පූර්ව භාග 05.17 ට ලබයි.
15 වැනිදා සෙනසුරාදා
පූර්වභාග 06.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 14 වැනිදා සිකුරාදාය.

මී ළඟ පෝය මාර්තු 21 වැනිදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 21

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]