UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියස පෝ දා දවස පුරා පින්කම්

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර ඓතිහාසික මහමෙවුනා උයනේ රෝපණය කර 2315 වසරක් සපිරෙන මෙම උඳුවප් පුර පසළොස්වක පෝදා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී දවස පුරා විශේෂ පින්කම් රැසක් සිදු කෙරේ. අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව සිදු කැරේ.

23 වනදා අළුයම 3 ට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී යල් කන්නයේ අළුත් සහලින් කිරි ඉතිරවීමටද 4.30 ට කිරි ආහාර පාත්‍ර 2315 ක පූජාව හා සිල් පෙරහරද පැවැත්වේ. පෙරවරු 5 ට කුඩා ඇලගමුවේ ඤාණසිරි හිමියන්ගේ මෙහෙයවීමෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජා අටපිරිකර චීවර හා රන්වැට කප්රුක් පූජාද,ඇතුළු සීල සමාදානය සිදු කැරේ. පෙරවරු 8 - 9 දක්වා දහම් දෙසුම අනුරාධපුර භික්‍ෂු විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමියන් විසිනි. 9.15 - 10.15 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් විසිනි. ඇස් දන්දීමේ පොරොන්දු පත්‍ර අත්සන් කිරීමේ පින්කම මෙහෙයවීම රැළපනාවේ ධම්මජෝති නාහිමියන් සහ හල්මිල්ලෑවේ රතනපාල හිමියන් විසිනි. 10.30 බුද්ධ පූජාව මෙහෙයවීම තලාවේ ඤාණරතන හිමියන් විසිනි.

4 - 5 දම් දෙසුම ශ්‍රී බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමියන් විසිනි. පස්වරු 6.30 රාවාඇල පියතිස්ස හිමියන් මෙහෙයවන බෝධිපූජාව සිදු කැරේ. රාත්‍රී 9.25 ට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කැරේ. පසුදා හීල් දානය මහ සඟරුවන වෙත පිරිනැමේ.

මේ අතර නාවලපිටිය ශ්‍රී ලංකා සත්‍යාලෝත පුණ්‍යායතනය මෙහෙයවීමෙන් දින කීපයක් පුරා පින්කම් රැසක්ද සිදු කැරේ.

උඳුවප් පසළොස්වක


උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර්
31 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]