UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අම්පිටියේ චන්දජෝති හිමියෝ මල්වතු පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවට

සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ කාරක සංඝ සහිකයෙකු ලෙස මල්වතු විහාරවාසී අම්පිටියේ චන්දජෝති හිමියන් මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා හිමිපාණන් වහන්සේ විසින් පත්කරනු ලැබ ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ඇසුරට සුදුස්සා


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අසත්පුරිසො භික්ඛවෙ අසද්ධම්ම සමන්නාගතො හොති, අසත්පුරිස භන්තී හොති, අසත්පුරිස චින්තී හොති. අසත්පුරිස මන්තී හොතී, අසත්පුරිස වාචො හොතී, අසත් පුරිස කම්මන්තො හොති, අසත්පුරිස දිට්ඨී හොති, අසත්පුරිස දානං දෙති. - චූලපුණ්ණම සූත්‍රය


පින්වත්නි,

පුද්ගලයෙකුගේ අභිවෘද්ධිය පිණිස කවර කාලයක වුවත් සත්පුරුෂයන්ගේ ආශ්‍රය අවශ්‍ය වනවා. පුද්ගලයා නිවනට යොමු කරවන්නේ ද සත්පුරුෂයා විසින්. අසත්පුරුෂයා හැම කල්හිම දුසිරිතම, පාපයට ම පුද්ගලයා රැගෙන යනවා. ඒ නිසා ආශ්‍රය සඳහා සත්පුරුෂයන් ම තෝරා ගත යුතු වනවා. අපි ඕනම පුණ්‍ය කර්මයක් අවසානයේ සත්පුරුෂ ආශ්‍රය පතමින්, අසත්පුරුෂයන් ප්‍රතික්‍ෂේප කරන්නට ‘ඉමිනා පුඤ්ඤකම්මේන’ යන ගාථාව කියනවා. සත්පුරුෂයා සහ සත්පුරුෂතරයා යනුවෙන් දෙදෙනෙක් බුදුහාමුදුරුවො අපට උගන්වනවා. පංච දුශ්චරිතයෙන් වැලකී තම ජීවිතය පුණ්‍යවන්ත කර ගත් පුද්ගලයා සත් පුරුෂයායි. එවැනි කෙනෙක් අන්‍යයන් ද පංච දුශ්චරිතයෙන් මුදවා ගන්නට උත්සාහ කරනවා නම්, වෙහෙස වනවා නම් ඒ පුද්ගලයා සත්පුරුෂතරයා බවට පත් වෙනවා.

ඉතිරිය»

අනගාරික ධර්මපාලතුමාණන් ඉදි කැර වූ බරණැස නව මුල ගන්ධකුටි විහාරය

අනගාරික ධර්මපාලතුමා 1891 කොළඹ විද්‍යොදය පිරිවෙන මූලස්ථානය කොට පරිවේණාධිපති අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණෝ සභාපති වශයෙන් ද තමා ප්‍රධාන ලේකම් වශයෙන්ද පත්කොට 1891 මැයි මස 31 වැනි දින ධර්මපාලතුමා බුද්ධගයා මහාබෝධි සංගමය පිහිටුවා බුද්ධගයාවටද ගියේය. හොනලුලු දූපතේ රාජකුමාරියක වූ මාරි ඉලිසෙබත් පොස්ටර් මැතිණියගේ සහ ධර්මපාලතුමාගේ මුදල් උපකාර වන බරණැස සාරානාත් හි ධර්මපාලතුමා නව මූලගන්ධිකුටි විහාරය තනන ලදී. එම නව විහාරය එකල ඉන්දියාවේ කොන්ග්‍රසයේ ලේකම් ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා සිය බිරිඳ හා සොහොයුරියන් දෙදෙනා සමඟ, පැමිණ 1931 නොවැම්බර් මස 11 වැනි දින උත්සවශ්‍රීයෙන් විවෘත කරන ලදී.

ඉතිරිය»

කටුවාවල පරමධම්මවිසුද්ධාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපයෙන් දැක්වෙයි.  පිළියන්දල - කොළඹ මහා මාර්ගයට මුහුණ ලා කටුවාවල නමැති ස්ථානයේ පිහිටි මේ විහාරස්ථානය 1936 දී ඉදි කර ඇති අතර, මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ 1938 දී නිර්මාණය කැර තිබේ. ඡායාරූපය කුමාර ජයවීර

ඉල් අව අටවක

 
ඉල් අව අටවක පෝය දෙසැම්බර් 01 වන දා
සෙනසුරාදා පූර්ව භාග
05.48 ට ලබයි.
02 වන දා ඉරිදා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
01 වනදා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
09 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]