UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරම විමලජෝති හිමියන්ගෙන් ධම්මානන්ද විදුහලට ශ්‍රවණාගාරයක්

දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති හිමියන් විසින් ස්වකීය මව්පිය දෙපළට පින් පිණිස කිරම ධම්මානන්ද මහා විද්‍යාලයට පරිත්‍යාග කරන ලද “ කිරම විමලජෝති ශ්‍රවණාගාරය” මෙම 08 වන සෙනසුරාදා පස්වරු 2.30 අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අතින් සිසු අයිතියට පවරනු ලැබේ.

එම අවස්ථාවට නාවික ගුවන් කටයුතු, වරාය හා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා සහ ජලසම්පාදන අමාත්‍ය මහින්ද අමරවීර, ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන් සහභාගිවීමට නියමිතය.

ඒ නිමිත්තෙන් මෙම 5 වනදා පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදා සංඝගත දක්‍ෂිණාවක්ද පිරිනැමීමට විදුහල්පතිතුමිය ඇතුළු සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.

කිරම විමලජෝති හිමියන් මූලික අධ්‍යාපනය ලද කිරම ධම්මානන්ද මහා විද්‍යාලයට මෙතෙක් අඩුවක්ව පැවැති ශ්‍රවණාගාරයක් සහිත මහල් දෙකක ගොඩනැගිල්ල රු.ලක්ෂ 75 ක පමණ වියදමින් ඉදිකරවා ඇත.

කිරම විමලජෝති හිමියන් ජාතික, ආගමික, සාමාජික හා ධර්ම ශාස්තී‍්‍රය උතුම් මෙහෙවරක නිරත සංඝ පීතෘන්වහන්සේ නමක් වන අතර මහජන සුබ සාධන සේවා රැසක්ද නිහඬව සිදු කර ඇති පරිත්‍යාගශීලි හිමිනමකි.

ඉල් අව අටවක

 
ඉල් අව අටවක පෝය දෙසැම්බර් 01 වන දා
සෙනසුරාදා පූර්ව භාග
05.48 ට ලබයි.
02 වන දා ඉරිදා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
01 වනදා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
09 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]