UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී වප් පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ. එදින පෙරවරු 6 - 7 සීල සමාදානය මෙහෙයවීම මහරගම මහින්ද හිමි, 8 - 9 දහම් දෙසුම තුංගම පඤ්ඤාකිත්ති හිමි, 9- 10 දහම් දෙසුම මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි. 10 - 11 ආරාධිත දේශනය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා, 11 බුද්ධ පූජාව, පස්වරු 12 - 1 පිරිත් සජ්ඣායනාව , 1 - 2.30 භාවනා දේශනය ගාමිණී පි‍්‍රයන්ත මහතා , 3 - 4 දහම් දෙසුම මතුරට අරියධම්ම හිමි, 4 - 5 දහම් දෙසුම 5 බුද්ධ වන්දනාව .

 

කොළඹ තරුණ බෞද්ධ සංගමය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දී වප් පෝදා පින්කම් රැසක් සිදුකැරේ. එදින සීල සමාදානය හා බුද්ධ වන්දනාව මෙහෙයවීම මොරවක ශාන්ත හිමි, 8 – 9.30 භාවනා වැඩසටහන උතුරාවල ධම්මරතන හිමි, 9.30 – 10.30 දහම් දෙසුම බොරලන්කඩ විමලතිස්ස හිමි, 10.30 –11 බුද්ධ පූජාව පස්වරු 1 – 2 දහම් දෙසුම මෙදේරිපිටියේ චන්ද්‍රවංශ හිමි, 2 – 3 බෞද්ධ කථාව කේ.කේ. සුගතපාල මහතා 3.30 – 4.45 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම නාවල චන්දවිමල හිමි, 4.45 – 5.45 දහම් දෙසුම වෙරලුගොල්ලේ උදයනන්ද හිමි.

කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේ දී කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් වප් පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ.

එදින පෙරවරු 6.30 – 7.30 සීල සමාදානය හා බුද්ධ වන්දනාව යුධඟනාවේ සේනානන්ද හිමි, 8 – 9.45 භාවනා වැඩ සටහන මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි, 10 – 11.30 දහම් දෙසුම ආචාර්ය නෙළුවේ සුමනවංශ හිමි, පස්වරු 1 – 2 දහම් දෙසුම කිතලගම නන්දසාර හිමි, 2.15 – 3.30 දහම් දෙසුම පොහොද්දරමුල්ලේ දීපංකර හිමි,

3.45 – 4.45 දේශනය විල්මට් විමලසේන මහතා 5 – 6.30 දහම් දෙසුම මෙලේගොඩ නන්ද නාහිමි, 7 – 8 ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ 111 වැනි ජන්ම දින නිමිත්තෙන් විශේෂ දම් දෙසුම ආචාර්ය බ්‍රාහ්මණාවත්තේ සීවලී නාහිමි 8.30 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.10 ට ලබයි.
26 වන දා සිකුරාදා පූර්ව භාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දාය


මී ළඟ පෝය නොවැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]