UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පදියතලාව, පල්ලේගම, අංක 59 පදිංචි එම්.ඩී.ධර්මපාල මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ.

45 වන වියේ පසුවන මොහු තිදරු පියෙක් බවද කියයි. ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙත් නම් ඉහත ලිපිනයට හෝ 060- 2633212, 060- 2631165 දුරකථන අංකයකට දැනුම් දෙන ලෙස එම රෝගියා ඉල්ලා සිටී.

ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් වැයවන බැවින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා ලංකා බැංකුවේ පදියතලාව ශාඛාවේ 5713141 දරන ගිණුමක් ආරම්භ කර ඇති බවද රෝගී ධර්මපාල මහතා දන්වා සිටී.

*****

කැස්බෑව, විලියම් ජයසූරිය මාවතේ අංක, 200/ 38/4 හි පදිංචි පී.ආර්. කරුණාරත්න මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඒ මහතාට ඕ පොසිටිව් වර්ගයේ ලේ ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ.

කරුණාරත්න මහතාගේ දරුවන් තිදෙනාද අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින බවද කියයි. දැනට මෙම රෝගියා කොළඹ මහ රෝහලේ 43 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බැවින්, ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළහැකි අයෙකු වෙත් නම් ඉහත ලිපිනයට හෝ 011-2703694 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පවුලේ සාමාජිකයන් ඉල්ලා සිටී.

*****

අනුරාධපුර මහවල්ගොල්ලෑව, යාය 5, අංක 883 පදිංචි ඩබ්.ඩබ්.ඒ. ජයසේතර නමැති තිදරු මවගේ උකුල් ඇටයක් දිරාගොස් ඇති බවින් ඒ සඳහා ශල්‍යකර්මයක් කළ යුතු බව අනුරාධපුර මහරෝහලේ විශේෂඥ වෛද්‍ය දිල්ශාන් මුණිදාස මහතා නිර්දේශ කර ඇත. ඇයගේ සැමියාද වකුගඩු ආබාධයකින් පෙළෙමින් සිට මියගොස් ඇතැයි පැවසේ. ස්ථිර රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නොමැතිව දරු තිදෙනා සමඟ ආර්ථික අපහසුතා මැද දිවිගෙවන ඇයට සමෘද්ධියේ ආධාරය පමණක් ලැබෙන බව පැවසේ. කරුණු මෙසේ හෙයින් ඇයගේ ශල්‍යකර්මය කර ගැනීමට හා දරු තිදෙනාගේ ජීවිකාව ගෙන යෑමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා මහජන බැංකුවේ මැදවච්චිය ශාඛාවේ 207- 023190 – 2 දරන ගිණුමක් ආරම්භ කර ඇති බව රෝගී නාලිනී ජයසේකර මහත්මිය දන්වා සිටී.

*****

අංක 60/4, මොරගස්මුල්ල, රාජගිරිය පදිංචි ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ සේවයේ නියුතු පී.කේ. බැසිල් ගෝමස් මහතා මේ වන විට දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බවට ශ්‍රී ජයවර්ධන පුර නව රෝහලේ වෛද්‍ය වරු හා එඥඵබඥපද ධ්දටඪපථචපර පෞද්ගලික රෝහලේ වෛද්‍ය වරුද නිර්දේශ කොට ඇත. මේ වන විට මෙම රෝගියාට සතියකට දෙවතාවක් ශ්‍රී ලංකා පොලිස් රෝහලෙන් ඩයලියිසිස් යන්ත්‍ර ප්‍රතිකාර කරනු ලැබේ. මෙම රෝගියාට ඉතා ඉක්මනින් ඒ පොසිටිව් වකුගඩුවක් බද්ද කළ යුතු බැවින් ඒ සඳහා ලක්‍ෂ 10 ක් පමණ මුදලක් වැය කිරීමට සිදුව ඇත. මෙම රෝගියා සුව කිරීම සඳහා ආධාර, අපේක්‍ෂා කැරේ. දුරකථනය – 0785106841, ගිණුම් අංකය බොරැල්ල මහජන බැංකු ශාඛාවේ 078200118513629 වේ.

*****

ඇයට ජීවිතය දෙන්න

පමුණුගම, බෝපිටිය ග්‍රාමයේ, අංක 371/ඒ දරන නිවසේ පදිංචි අවුරුදු 38 ක් වයසැති චම්පා ගෞරී සුබසිංහ මහත්මියගේ වකුගඩු යුගලය දැඩි ලෙස අකර්මණ්‍ය වී ඇත. එහෙයින් ඉතා ඉක්මනින් ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය මතයයි. දැනට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබන ඇය කුඩා දියණියන් තිදෙනෙකුගේ මවකි.

“ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබා දීමට කැමැති ලෙන්ගතු අයෙකු වෙතොත් පහත සඳහන් ලිපිනයට හෝ දුරකථන අංකවලට දන්වන ලෙස කාරුණික ඉල්ලීමක් කෙරේ. මෙම ශල්‍යකර්මය වෙනුවෙන් අධික මුදලක් වැය වන බැවිනුත් මෙම රෝගියා ආර්ථික අමාරුකම් වලින් පෙලෙන කෙනකු බැවිනුත් මුදලින් හෝ ආධාර කිරීමට කැමැති සැදැවතකු සිටී නම් මහජන බැංකුවේ පමුණුගම ශාඛාවේ අංක – 318 – 2- 001- 8 – 8357767 දරන චම්පා ගෞරී ගේ ගිණුමට තම ආධාරය යොමු කරන ලෙසද ආයාචනය කෙරේ.

ලිපිනය – අංක 371/ඒ, බෝපිටිය, පමුණුගම, වේ. දුරකථන අංක – 0112 –232790/0777 – 448060/0112 242854 වේ.

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.10 ට ලබයි.
26 වන දා සිකුරාදා පූර්ව භාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දාය


මී ළඟ පෝය නොවැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]