UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මාඑළියේ සෝරත හිමියෝ
නායක පදවි ලබති

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ විංශද්වර්ගික සුධර්මා නම් කාරක සංඝ සභාව වෙතින් ශ්‍රී මංගල පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති මාඑළියේ සෝරත හිමියන් වෙත වයඹ පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳව අක්තපත්‍ර ප‍්‍රදානය ඉකුත් 29 වනදා කුප්පියාවත්තේ ජයශේඛරාරාමයේ දී සිදු කැරිණි.

ඉතිරිය»

සසර පුරා අනුසස් ගෙන දෙන
කඨින චීවර මහා පූජාව

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරකාලීන පැවැත්ම උදෙසා සීලාදී ගුණයන්ගෙන් උදාර වූ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් ප්‍රභාමත්වූ උතුම් මහා සංඝරත්නයේ යථාර්ථවාදී මාර්ගෝපදේශකත්වය දින දින වෙනස්වන භෞතික අපේක්ෂාවන්ගෙන් ‘අසහනකාරීවූ සමස්ත මානව පරපුරටම පරම ශාන්තියකි. තණ්හාව , වෛරය, මෝහය යන ප්‍රධාන අකුශල චේතනාවන්ගෙන් වෙලී පැටලී ඔවුනොවුන් සැකයෙන් මානුෂික ගුණාංගයන්ගෙන් අන්තයටම පිරිහෙන සමාජයේ ගමන්මග වෙනස් කිරීමට හැකි එකම පිරිස ඇත්තේ මහසඟරුවන අතරය. සුපටිපන්නතාදී ගුණයන්ගෙන් පින් කෙතක් වූ අපේ මහා සංඝරත්නය වස්කාලය තුළ තමනට සිව්පසයෙන් ඇප කැපව උපස්ථාන කරන අනුගාමිකයන්ගේ චිත්ත සන්තානය ශුද්ධාදී උතුම් චේතනාවලින් පුරවා දෙලොව අභිවෘද්ධිය ඇති කරලීමට උනන්දුවන්නේ නම් එය ගිහි පැවිදි දෙපක්‍ෂයටම අපමණ ශාන්තියකි. බණ දහමට පුරුදු කරවීම පන්සල් ආරාම පවිත්‍ර කිරීම පුරාණයේ පැවති ග්‍රන්ථධූර විදර්ශනා ධූර පුරුදු පුහුණු කිරීම යනාදී ආගමික, ජාතික , කාර්යයන්ට වස් කාලය අපතේ නොයවා කාලය, ශ්‍රමය, බුද්ධිය , වීර්ය පිළිවෙත් වෙනුවෙන් ආයෝජනය කරන්නේ නම් ලාංකික සමාජය තුළින් මෙයට වඩා දහස් ගුණයෙන් කුශලතා වර්ධනය වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිත පහදවා ගත යුතු කරුණු හතරක්

චත්තාරෝ මේ භික්ඛවේ අග්ගප්පසාදා, තථාගත සම්මා සම්බුද්ධෝ අග්ගමක්ඛායති. විරාගෝ අග්ගමක්ඛායති. අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අග්ගමක්ඛායති. තථාගත සාවක සංඝෝ අග්ගමක්ඛායතී තී.

සැදැහැවත් පින්වත්නි,

අමා මෑණි තථාගතයන් වහන්සේ වදාළනෙ “දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ” කියල. මිනිසෙක්වීම දුර්ලභ වූ විශේෂ ලාභයක්. ඔබත් මමත් මේ මිනිස් ජීවිතය ලැබුවෙ පෙර කළ පින් බලයෙන්. පෙර කළ පින් ඇති අය, පෙර පින් බලයෙන් ඉපදුණු අප මේ ජීවත්වන මොහොතෙත් පිනට දහමට යොමු විය යුතුයි. නැතිනම් වන්නෙ පුරාණය වළඳමින් ජීවත්වීම. අලුත් පිනක් නැහැ, පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සිරි මුව මඬලින් මහා කරුණාවෙන් වදාළ හැම බුදු වදනක්ම සිත සංසුන් කරනව, සිත තැන්පත් බවට පත්වෙනව. පාපයෙන් මුදවනව. පින් පුරනවා. දිනක් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනව, “චත්තාරෝ මේ භික්ඛවෙ අග්ගප්පසාදා”. මහණෙනි. මේ හතර ගැන ඔබේ පැහැදීම ඇති කර ගන්න. ඒ පැහැදීම විශිෂ්ටයි. මොනවද ඒ හතර? “තථාගත සම්මා සම්බුද්ධෝ අග්ග මක්ඛායති” තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම උතුම්ම පැහැදීමයි. “විරාගෝ අග්ගමක්ඛායතී” විරාගී වූ ධර්මය ගැන පැහැදීම උතුම්. “අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අග්ගමක්ඛායතී” ආර්්ය අෂ්ටාංගික මාර්ගය ගැන පැහැදීම උතුම්. “තථාගත සාවක සංඝෝ අග්ගමක්ඛායති” තථාගත ශ්‍රාවක සංඝ රත්නය ගැන පැහැදීම උතුම්. මේ තැන් හතර ගැන පහදින අයගේ දුක සෝක සංකා දුරු වී සැදැහැවත් බව, නුවණ දියුණු වෙනව.

ඉතිරිය»

ගණේමුල්ල ආනන්ද බෝධි ධර්මායතනයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඉන්දියාවේ සාරානාත් බුද්ධ ප්‍රතිමාවට අනුරූපව මෙම බුද්ධ ප්‍රතිමාව ව්‍යවහාර වර්ෂ 2000 දී නිර්මාණය කර ඇත. සාරානාත් බුද්ධ ප්‍රතිමාවෙන් ධර්මචක්‍ර මුද්‍රාව සහ පද්මාසනය නිරූපණය වන අතර, මෙම බුද්ධ ප්‍රතිමාවෙන් ධර්මචක්‍ර මුද්‍රාව සහ වීරාසනය නිරූපණය කැරේ.
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

බිනර
අව අටවක

බිනර අව අටවක පෝය ඔක්තෝබර් 03 වන දා බදාදා පූර්ව භාග
04.18 ට ලබයි. 04 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.09 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 03 වන දා බදාදාය.

මීළඟ පෝය ඔක්තෝබර්
10 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 03

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25
 
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]