UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පාලි භාෂාව ඉගෙන ගනිමු

ලිංග විභාගය

පාලි භාෂාවේ නාම පද (ශබ්ද ප්‍රකෘති) ලිංගිකත්වය අනුව බෙදී යන ආකාරය ගැන, අද අපි ඉගෙන ගනිමු.

ධම්මචාරී වනිතාය පුත්තා තළාකම්හා පදුමානි ඕචිනිත්වා විහාරං ගච්ඡන්ති.

දහම් හි හැසිරෙන ස්ත්‍රියගේ පුත්තු නෙළුම් විලෙන් නෙළුම් මල් නෙළා එක් රැස් කොට ගෙන විහාරයට යති.

පුරුෂයන් හෝ පුරුෂ භාවය අඟවන ශබ්ද පුල්ලිංගික (පුරුෂ ලිංග) නමින් ද, ස්තී‍්‍රන් හෝ ස්තී‍්‍ර භාවය අඟවන පද ඉත්ථිලිංග (ස්තී‍්‍ර ලිංග) නමින් ද, පුරුෂ භාවය හෝ ස්තී‍්‍ර භාවය නො අඟවන පද නපුංසක ලිංග නමින් ද හඳුන්වනු ලැබේ. එසේම මෙකී පුරුෂ දෙකක් හෝ තුනම හෝ භාජනය කරන පදද පාලි භාෂාවේ තිබේ. ඉහතින් දැක් වූ වාක්‍යයේ, ‘පුත්තා’ යන්න, පුල්ලිංගික පදයෙකි. ‘වනිතාය’ යන්න, ඉත්ථි ලිංගික ය. පදුමානි, තළාකම්හා, විහාරං යන පද නපුංසක ලිංලික ය. ‘ධම්මචාරී’ යන පදය එම ලිංග තුනම භාජනය කරයි.

අහං (අම්හ ශබ්දය) ත්වං (තුම්හ ශබ්දය) පුරුෂයකු කීවත්, ස්ත්‍රියක කීවත්, නපුංසකයකු කීවත් ලිංග වශයෙන් වෙනසක් වන්නේ නැත. එබැවින් එම ශබ්ද ‘අලිංගික ශබ්ද’ වශයෙන් සැළකෙයි.

පුල්ලිංගික ‘අ’ කාරාන්ත පද

පුත්ත                                   කුමාර                           දෙව

පුරිස                                    පාද                                මිග

ගොපාල                            වානිජ                            බිළාල ආදිය යි.

පුල්ලිංගික ‘ඉ’ කාරාන්ත පද

ජලනිධි                              මණි                                තිථි                              අසි

ගහපති                             කපි                                 සාරථි                           අහි

භූපති                                ඉසි                                  පාණි ආදිය යි.

පුල්ලිංගික ‘උ’ කාරාන්ත පද කීපයක්

නත්තු                                දාතු

භාතු                                  සොතු

සත්ථු ආදිය යි.

‘ඌ’ කාරාන්ත පුල්ලිංග පද

කතඤ්ඤු, විඤ්ඤු, වෙදාගු, විදූ ආදිය යි.

ඉත්ථිලිංග ‘ආ’ කාරාන්ත පද කීපයක්.

දාරිකා                          ලංකා                     සාඛා                ලතා                      ගාථා

ගංගා                           මාලා                      වාලුකා            දෙවතා                 සිලා

භරියා                          වනිතා                    පූජා                   නාවා ආදිය යි.

ඉත්ථි ලිංගි ‘ඉ’ කාරාන්ත පද කිහිපයක්

වානරී                          කුක්කුටී

මාතුලානී                   කින්නරී

බ්‍රාහ්මණී                    රාජිනී

භගිනි                           නාරී

බිළාලී ආදිය යි.

‘උ’ කාරාන්ත ඉත්ථි ලිංගික පද කීපයක්

මාතු, කණේරු, ධෙනු, රජ්ජු ආදිය යි.

නපුංසක ලිංග ‘අ’ කාරාන්ත පද කීපයක්.

පුඤ්ඤ                          දුක්ඛ                     මංගල

ධඤ්ඤ                          දාන                       නගර

චිත්ත                             සීල

රූප                                 ධන

සුඛ                                 පදුම ආදිය යි.

ඉත්ථි ලිංග, පුල්ලිංග, නපුංසක ලිංග යන තුනම භාජනය කරන ශබ්ද කීපයක්

අපණ්ණත                     උදාර                         සත්ත                  දමිත

අපර                                නව                             වාම                     පාපකාරි

අපරිමිත                       නාගරික                     නිග්ගහිත

උපකාරක                      චතු                             සමෙක

බුද්ධිනන්ත දිට්ඨ ධම්මිත

‘ඉ’ කාරාන්ත පුල්ලිංගික පදයක් විභක්තිවලට මෙසේ වර නැගේ.

කපි (වඳුරා) යන පදයේ අග ඇත්තේ ‘පි’ යන්න ය. එය. ප් + ඉ යන ගතකුර හා පණකුර (ස්වරය) එක්වීමෙන් සෑදී ඇත. ‘ඉ’ යන්නෙන් අවසන් වන නිසා ‘කපි’ යන පදය ‘ඉ’ කාරාන්ත පදයක් යැයි කියනු ලැබේ. එම පදය මෙසේ වර නැගෙයි.

විභක්තිය                                          එ.ව                                      බ.ව

පඨමා වි                                             කපි                                    කපි, කපයො

දුතියා වි                                             ‍කපිං                                 කපි, කපයො

තතියා වි                                           කපිනා                               කපිහි, කපිති

චතුත්ථි වි                                          කපි, කපිස්ස                  කපිනං

පඤ්චමි වි                                        කපියා, කපිම්හා           කපිහි, කපිභි

ජට්ඨි වි                                              කපිනො, කපිස්ස           කපිනං

සත්තමී වි                                         කපිම්හි, කපිස්මිං          කපිසු

කරණ වි                                             කපිනා                               කපිහි, කපිභි

ආලපන වි (ෂෙ) කපි, කපයො

බිනර
අව අටවක

බිනර අව අටවක පෝය ඔක්තෝබර් 03 වන දා බදාදා පූර්ව භාග
04.18 ට ලබයි. 04 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.09 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 03 වන දා බදාදාය.

මීළඟ පෝය ඔක්තෝබර්
10 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 03

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25
 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]