UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

රුවන්වැලි සෑ රදුන් අබියස ඖෂධ පූජාව
22 දා

ශ‍්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්මයුක්තික නිකායේ සංවිධායකත්වයෙන් එම නිකායේ ආදි කතෘවරයන් වහන්සේලාට, රට වෙනුවෙන් දිවි පිදූ ති‍්‍රවිධ හමුදාවේ හා පොලිසියේ රණවිරුවන්ට, සුනාමියෙන් ජීවිත අහිමිවූවන්ට නිවන් සුව පැතීම හා ජනාධිපතිතුමාට, රටට, ජනතාවට හා කි‍්‍රයාන්විත සේවයේ යෙදී සිටින රණවිරුවන්ට ආරක්ෂා සම්පත්තිය හා දිගාසිරි සම්පත් පතා මෙම 22 සෙනසුරාදා රාති‍්‍ර අනුරපුර රුවන්වැලි සෑ බිමේ දී මහා ඖෂධ පූජාවක් හා දම්සක් පැවතුම් සූත‍්‍ර දේශනයක් පැවැත් වේ.

ඉතිරිය»

පෙර නොඇසූ විරූ දහම

බුදුරජාණන් වහන්සේ විසින් ඇසළ පුර පසළොස්වක දින පස් වග භික්ෂූන්ට දේශනා කළ සූත‍්‍රය, ධම්මචක්ක පවත්තන සූත‍්‍රයයි. මෙම දේශනය මගින් උන්වහන්සේ තමන් වහන්සේ විසින් සාක්ෂාත් කරන ලද සුවිශේෂ දර්ශනය හැඳින්වූයේ පර නොඇසූ විරූ දහම ( පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ) කියායි. වසර 45 ක කාලය තුළ බුදුරජාණන් වහන්සේ ලෝකවාසීන්ට දේශනා කළ සමස්ත දර්ශනයම හකුලුවා දක්වන දේශනය, මෙම සූත‍්‍රයයි. එය බුදු දහමේ සංක්ෂේපයයි, “ පටුනයි, තමන් වහන්සේ ප‍්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරන ලද දර්ශනය , තත්කාලීන සියලු දාර්ශනික හා ආගමික සම්ප‍්‍රදායයන්ට වඩා වෙනස් වූවක් බව පැහැදිලි කර දීම, මෙම දේශනයේ දී උන්වහන්සේගේ ප‍්‍රධාන අපේක්‍ෂාව වූ බව, මෙම ඉගැන්වීම විමසන විට පැහැදිලි වෙයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ජීවිතය බබළවන වටිනා සම්පත්


නමෝ තස්ස භගවතෝ අරහතෝ  සම්මා සම්බුද්ධස්ස.
 

පඤ්චිමෙ ගහපති ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මිං. කතමෙ පඤ්ච ආයුඛෝ ගහපති ඉට්ඨො කනෙතා මනාපො දුල්ලභො ලොකස්මිං, වණෙණා ඉට්ඨො කනෙතා මනාපො දුල්ලභෝ ලොකස්මිං සුඛං ඉටඨං කනතං මනාපං දුල්ලභං ලොකස්මිං යසො ඉටෙඨාකනෙතා මනාපො දුල්ලභො ලොකස්මිං සග්ගා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකසමිං ඉමෙඛො ගහපති පඤ්චධම්මා ඉටඨා කනතා මනාපා දුල්ලභා ලොකස්මිං (අං.ගු.නි. පඤ්චක නිපාතය ඉට්ඨධම්මසුත්ත)

දිගු කලක් ජීවත්වීම, සිත් ගන්නා සිරුරකට හිමිකරුවකු වීම වැනි අද සමාජයද උනන්දු වන කරුණු කිසියම් දෙවියකුට යාඥාකර ඉල්ලා ගත නොහැකි බව අනාථපිණ්ඩික සිටුවරයාට පහදා දීම මෙම දේශනාවේ අරමුණයි.

ඉතිරිය»

සිරිලක දෙව්රම් වෙහෙර නම් පුද බිම

පන්නිපිටියේ දෙව්රම් වෙහෙර 1999 සැප්තැම්බර් 24 වැනි දින තුනුරුවනට පූජා කළ මොහොත සිහිවීම සඳහා එහි ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද ශිලා ලේඛනයේ - තෛ‍්‍රනිකායික මහ නායක හිමිවරුන්ගේ පහත දැක්වෙන වදන් පෙළ සටහන් වී තිබේ. ‘පාරමිතා පුරන උතුමන්ට මනු ලොව මහා පුණ්‍ය තලයකි. ජීවිතය සැපදායක වන්නේද සිත්වල උපදින සිතිවිලි අනුව ය. සියලු දුක් සැප මධ්‍යස්ථ සිතකින් දරාගත හැකි නම් ඔවුහු ජීවිතයේ කවදා හෝ ජය ලබන්නෝය. නිවන් මඟ පසක් කර ගන්නෝය. පන්නිපිටිය දෙව්රම් මහා වෙහෙර බිහි වූයේ ස්ථාන ගොඩනැගීමට නොව, සන්තාන ගොඩනැගීමට ගත් වෙහෙසකි. මේ උතුම් පින්බිම බුදුසසුනට ලැදි සියලු දෙව් මිනිසුනට උපහාරයක් වේවා. පාපයට බර ලෝකය පිනට බර කරවන සසර සැනසුම උදාකරන පිවිතුරු පුදබිමක් වේවා.’

බුද්ධ චරිතය හා බැඳුණූ විවිධ අවස්ථා සහ ශාසන ඉතිහාසයට සම්බන්ධ නොයෙකුත් ස්ථාන පිළිබඳ මූර්ති හා සිතුවම් ඇතුළත් දෙව්රම් වෙහෙර රමණීය පින් බිමකි.

ඉතිරිය»

හෝමාගම මැතිවරණ කොට්ඨාශයේ පිහිටි වසර සියයකට වඩා පැරැණි
සිද්දමුල්ල කුඩාමාදුව ශ්‍රී සංඝිකාරාම විහාරස්ථානයේ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ඡායාරූපයෙන් දැක්වෙයි.

බිනර පුර අටවක

බිනර පුර අටවක පෝය
සැප්තැම්බර් 19 වන දා බදාදා පුර්වභාග 09.29 ට ලබයි. 20 වන දා බ‍්‍රහස්පතින්දා  පූර්වභාග 10.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර්
26 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 03

New Moonඅමාවක

ඔක්තෝම්බර් 10

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]