|  | ධර්ම දේශනාව: ජීවිතය බබළවන වටිනා සම්පත්
			නමෝ තස්ස භගවතෝ අරහතෝ 
			සම්මා සම්බුද්ධස්ස.
 
 
			 
			පඤ්චිමෙ ගහපති ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මිං. කතමෙ පඤ්ච 
			ආයුඛෝ ගහපති ඉට්ඨො කනෙතා මනාපො දුල්ලභො ලොකස්මිං, වණෙණා ඉට්ඨො කනෙතා 
			මනාපො දුල්ලභෝ ලොකස්මිං සුඛං ඉටඨං කනතං මනාපං දුල්ලභං ලොකස්මිං යසො 
			ඉටෙඨාකනෙතා මනාපො දුල්ලභො ලොකස්මිං සග්ගා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා 
			ලොකසමිං ඉමෙඛො ගහපති පඤ්චධම්මා ඉටඨා කනතා මනාපා දුල්ලභා ලොකස්මිං 
			(අං.ගු.නි. පඤ්චක නිපාතය ඉට්ඨධම්මසුත්ත) 
			  දිගු කලක් ජීවත්වීම, සිත් ගන්නා සිරුරකට හිමිකරුවකු වීම වැනි අද සමාජයද 
			උනන්දු වන කරුණු කිසියම් දෙවියකුට යාඥාකර ඉල්ලා ගත නොහැකි බව 
			අනාථපිණ්ඩික සිටුවරයාට පහදා දීම මෙම දේශනාවේ අරමුණයි. සසර කළ පින් ඇතිව 
			සිටි එතුමා, මෙම සියලු සම්පත්වල උරුමකරුවකුව සිටින බව දත් බුදුපියාණන් 
			වහන්සේ දාන, ශීල, භාවනාදී පින්කම්වල නිරත වීමෙන්ම මෙම ප‍්‍රතිලාභ අත්වන 
			ආකාරය පහදා දුන්හ. ආයුෂ වැඩීමට ආයුසංවත්තිනික පටිපදා, පටිපජ්ජිතබ්බා, 
			ශරීරයේ වර්ණ සම්පන්න බව පිහිටීමට වර්ණ සංවත්තනිකා පටිපදා 
			පටිපජ්ජිතබ්බා, සැප පහසුකම්වලට හිමිකරුවෙක් වීමට නම් සුඛසංවත්තනිකා 
			පටිපදා පටිපජ්ජිතබ්බා, යසස් ලැබීමට යසසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා, 
			ස්වර්ග සම්පත් කැමැති වන්නේ නම් සග්ග සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා 
			යනුවෙන් ඒ ඒ සම්පත් ලැබීම සඳහා අවශ්‍ය පිළිවෙත් පහදා දුන් සේක.  
						ඉතිරිය»
					 | 
								
									|  |  
									| 
	
		
			| 
	
		| 
					බිනර පුර අටවක බිනර පුර 
					අටවක පෝය සැප්තැම්බර් 19 වන දා බදාදා පුර්වභාග 09.29 ට ලබයි. 20 වන දා 
					බ‍්‍රහස්පතින්දා  පූර්වභාග 10.55 දක්වා පෝය පවතී. සිල් 
					සමාදන්වීම සැප්තැම්බර් 19 වන දා බදාදා ය.
 
 මී ළඟ පෝය සැප්තැම්බර්
 26 වන දා බදාදා ය.
 |  
		| 
 |  
		| 
			
				
					|  |  
		| 
		 පුර 
		අටවක |  
		| සැප්තැම්බර් 19 |  
		| 
		 පසෙලාස්වක |  
		| සැප්තැම්බර් 26 |  
		| 
		 අව 	අටවක |  
		| ඔක්තෝම්බර් 03 |  
		| 
		 අමාවක |  
		| ඔක්තෝම්බර් 10 |  |  |  |  
									|  |  |