UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මාතලේ දිස්ති‍්‍රක්කයේ මූලික යටිතල පහසුකම් පවා නොලැබුණු විහාරස්ථාන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර ඇතිව මාතලේ විල්ගමුව සෝනුත්තර විහාරස්ථානයට පසුගියදා විදුලිබලය ලබා දීම සිදු විය. ඒ සඳහා වැය වූ මුදල රුපියල් දසලක්‍ෂයකි. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් විදුලි බුබුළු දල්වා විදුලි බලය ලබාදීම නිල වශයෙන් සනිටුහන් කළ අවස්ථාවයි මේ. විහාරාධිපති විනීත දේවානන්ද හිමියන් ඇතුළු දායක දායිකාවෝ පිරිසක් ද ඡායාරූපයේ වෙති.

රුවන්වැලි සෑ රදුන් අබියස ඖෂධ පූජාව
22 දා

ශ‍්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්මයුක්තික නිකායේ සංවිධායකත්වයෙන් එම නිකායේ ආදි කතෘවරයන් වහන්සේලාට, රට වෙනුවෙන් දිවි පිදූ ති‍්‍රවිධ හමුදාවේ හා පොලිසියේ රණවිරුවන්ට, සුනාමියෙන් ජීවිත අහිමිවූවන්ට නිවන් සුව පැතීම හා ජනාධිපතිතුමාට, රටට, ජනතාවට හා කි‍්‍රයාන්විත සේවයේ යෙදී සිටින රණවිරුවන්ට ආරක්ෂා සම්පත්තිය හා දිගාසිරි සම්පත් පතා මෙම 22 සෙනසුරාදා රාති‍්‍ර අනුරපුර රුවන්වැලි සෑ බිමේ දී මහා ඖෂධ පූජාවක් හා දම්සක් පැවතුම් සූත‍්‍ර දේශනයක් පැවැත් වේ.

 

ඉතිරිය»

බිනර පුර අටවක

බිනර පුර අටවක පෝය
සැප්තැම්බර් 19 වන දා බදාදා පුර්වභාග 09.29 ට ලබයි. 20 වන දා බ‍්‍රහස්පතින්දා  පූර්වභාග 10.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර්
26 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 03

New Moonඅමාවක

ඔක්තෝම්බර් 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]