[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කුසල් අකුසල්

කුසල් අකුසල්

මණිකාර කුලුපගතිස්ස තෙරුන් වහන්සේගේ කතාව

සැවැත්නුවර මැණික් කපන්නෙක් විසීය.

එක්තරා රහතන් වහන්සේ නමක් දොළොස් අවුරුද්දක් තිස්සේ ඔහුගේ බිරියත්, දරුවාත් ඇසුරු කළ සේක. උන් වහන්සේ නිවෙසට වැඩ සිටි අවස්ථාවක කොසොල් රජතුමා ඇමැතියකු අත ඔප දමා දීම සඳහා මැණිකක් යැවීය. ඉතා අගනා විශාල වටිනාකමකින් යුත් මැණික මැණික් කපන්නාට අතට ගැනීමට සිදුවූයේ කුස්සියේ මස්් කපමින් සිටිය දී ය. ලේ තැවරුණු අතින් ම මැණික අතට ගත් ඔහු එය තෙරුන් ඉදිරියේ ම පෙට්ටියක් මත තබා අත සෝදා ගැනීමට ගියේ ය.

ඒ නිවෙසේ සුරතලයට ඇති කළ කොස්වාළිහිණියෙක් ලේ තැවරුණු මැණික මස් කැබැල්ලක් යැයි සිතා ගිල දමනු රහතන් වහන්සේ දුටහ. මැණික් ඔප දමන්නා මැණික නැති බව දැක, ඒ පිළිබඳ ව බිරියගෙන් හා දරුවාගෙන් විමසීය. පසුව මැණික ගත්තේ දැයි තෙරුන් වහන්සේගෙන් විමසීය. තමා නො ගත් බව පැවසූ හිමියෝ නිහඬ වූහ. රජතුමා සතු ඉහළ වටිනාකමකින් යුක්ත මැණික තෙරුන් ගන්නට ඇතැයි සිතූ මැණික් ඔප දමන්නා අධික ලෙස කෝපයට පත්ව බිරිය හා දරුවා තෙරුන්ට හිංසා නො කරන්න යැයි හඬා වැලපෙද් දී ලණුවක් ගෙන තෙරුන්ගේ හිස වෙළා කෙළවර දෙක ලී කැබැල්ලක දවටා නළල් තලය මිරිකීය. තෙරුන්ගේ කන් දෙකෙන් හා නාසයෙන් ලේ ගලන්නට විය. කොස්වාලිහිණියා වහා අවුත් බීමට වැටෙන ලේ බිමට සැරසෙද්දී කෝපයෙන් නො සන්සුන් ව සිටි මැණික් ඔප දමන්නා ඒ සතාට වේගයෙන් පා පහරක් දුන්නේ ය. කොස්වාළිහිණියා මැරී වැටුණේ ය. ඒ බව තෙරුන් ද, මැණික්කරු ද දිටීය. සතා මියගිය බව තහවුරු කර ගත් තෙරුන් මැණික මේ ළිහිණියා ගිල දැමූ බව පැවසීය. මැණික්කරු ලිහිණියාගේ බඩ පළා මැණික එළියට ගත්තේ ය.

බලවත් ශෝකයට පත් මැණික්කරු හඬා වැළපෙමින් තෙරුන්ගේ බැමි ලිහා දෙපා වඳිමින් සමාව අයදිමින් වැඳ වැටිණි. තෙරුන් වහන්සේට නොයෙක් පිළියම් කළ ද උන් වහන්සේ කෙටි කලකින් පිරිනිවන් පෑ සේක.

මේ තොරතුරු බුදුරදුන්ට දන්වා ඔහුගේ ඊළඟ උත්පත්ති කවරාකාර දැයි විමසීය. මැණික්කරු අවීචි මහ නිරයේ උපන් බවත්, දොළොස් වසරක් තිස්සේ කළ උවටැන් නිසා බිරිය දෙව්ලොව උපන් බවත් භාග්‍යවතුන් වදාළ සේක.


පේෂකාර දියණිය

සොළොස් හැවිරිදි පේෂකාර දියණිය අලව් නුවර අග්ගලාව විහාරයේ දී බුදුරදුන්ගෙන් ධර්මය ශ්‍රවණය කළ නූල් කටින්නියක්, රෙදි වියන පියාණන්ට නූල් කැට දී පැමිණ ධර්ම ශ්‍රවණයට සූදානම් වූ විට බුදුන් වහන්සේ ඇය අමතා “කොහි සිට ආවේ” දැයි විමසීය. ඇගේ පිළිතුර වූයේ එය “තමන් නොදන්නා” බවයි. “කොහි යන්නේ දැයි” විමසූ විට එය ද නොදන්නා” බව පැවසීය. නැවතත් “ නො දන්නේ” දැයි විමසූ විට “දන්නා” බව පැවසු දැරියගෙන් අවසානයට “දන්නේ දැයි” විමසූ විට “නොදනිමියි” පිළිතුරු දුනි.

රැස්ව සිටි වැඩිහිටි පිරිසට මෙම සංවාදය අවබෝධ නො වූයෙන් ඇය තථාගතයන් වහන්සේ අවඥාවට ලක් කරතියි සිතා පරිභව කළහ.

බුදුරදුන් එම පිරිසට ඇය දුන් පිළිතුරු පැහැදිලි කරමින් කවර භවයක සිට මෙම උත්පත්තිය ලද්දේ දැයි තමන් නො දන්නා බවත්, ඊළඟ භවය කො තැනක සිදු වේ ද යන්නත් නො දන්නා බවත්, මියයන අවස්ථාව නො දන්නා බවත් ඇගේ සැඟවුණු පිළිතුරු වූ බව දේශනා කළ සේක.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]