[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ධර්ම චර්යාව සහ සම-චර්යාව

මජ්ක්‍ධිම නිකායේ සාලෙය්‍යක සූත්‍රයෙන්

“ත්‍රිවිධං ඛෝ, ගහපතයෝ, කායේන ධම්මචරියා සමචරියා හෝති; චතුබ්බිධං වාචාය ධම්මචරියා සමචරියා හෝති; ත්‍රිවිධං මනසා ධම්මචරියා සමචරියා හෝති.” ගෘහපතිවරුනි, කයින් සිදුවන ධර්මචර්යාව හා සමචර්යාව ත්‍රිවිධාකාර වේ. වචනයෙන් සිදුවන ධර්මචර්යාව හා සමචර්යාව සිව්වැදෑරුම් වේ. සිතින් සිදුවන ධර්මචර්යාව හා සමචර්යාව ද ත්‍රිවිධාකාර වේ. අප බුදුරජාණන් වහන්සේ කෝසල ජනපදයෙහි චාරිකාවෙහි යෙදෙන සේක්, දිනක් කොසොල් රට වැසියන්ගේ “සාලා” නම් බ්‍රාහ්මණ ගමට භික්ෂු සංඝයා වහන්සේ සමඟ වැඩම කළ සේක. එම සාලා ග්‍රාමයේ දී දේශනා කරන ලද සූත්‍රය මජ්ක්‍ධිම නිකායට අයත් “සාලෙය්‍යක සූත්‍රය” නම් වේ. එදින බුදුරදුන් “අතුරිත චාරිකාවෙහි” යෙදුණු දිනයකි. ලෝකානුකම්පාවෙන් දිනපතා කරනු ලබන ධර්ම සංචාරය, “අතුරිත චාරිකා” නම් වන බව මජ්ක්‍ධිම නිකාය අටුවාව වන “පපඤ්චසූදනී” හි සඳහන් වෙයි. එම සාලා ග්‍රාමයේ බ්‍රාහ්මණ ගෘහපතිවරු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙලෙස විමසා සිටියහ. “ස්වාමීනී, මෙලොව කිසියම් සත්ත්ව කෙනෙක් මරණින් මතු සැපයෙන් තොර වූ, දුක වූ දුගතියෙහි උපදින්නේත්, ඇතැම් සත්ත්ව කෙනෙක් සුගතියෙහි උපදින්නේත් කවර හේතුවක් නිසා ද?” ඊට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ, අධර්මචරියා සහ විෂම චරියා හේතුවෙන් සත්ත්වයන් දුගතියෙහි උපදින බවත්, ධර්මචරියා සහ සමචරියා හේතුවෙන් සත්ත්වයන් සුගතියෙහි උපදින බවත් ය. එය තවදුරටත් විස්තරාත්මක ව දේශනා කරන ලෙස බ්‍රාහ්මණයන් ඉල්ලා සිටි කල්හි, බුදුරජාණන් වහන්සේ දස අකුසලයෙන් වැළකීම හා දස කුසලයෙහි හැසිරීම මෙසේ විස්තර කළ සේක. කයින් කරනු ලබන අධර්මචර්යා (වැරැදි ක්‍රියා) තුනකි. ඒවා නම්,


නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]