ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝ දා 2026 අගෝස්තු 27 බ්රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මැණික්හින්න අතරගල්ල අග්රබෝධි ශ්රී ස්වර්ණ බිම්බාරාමාධිපති අතරගල්ලේ ධම්මාලංකාර නාහිමියන්ට උඩරට අමරපුර මහානිකායේ මධ්යම පළාතේ ප්රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්රී සන්නස් පත්රය ප්රදානය කිරීම පසුගියදා නිකදලුපොත ශ්රී චන්ද්රජෝති මහානායක හිමි අතින් අතරගල්ල අග්ර බෝධි ශ්රී ස්වර්ණ බිම්බාරාම විහාරයේ දී රාජ්ය ගෞරව සහිත ව සිදු කෙරිණි. කරල්ලියද්ද සමුහ - කේ. විජේසිරි නිශ්ශංක
අධ්යාපන අමාත්යාංශයේ පිරිවෙන් ඒකකයේ සංවිධානයෙන් දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහා පුණ්ය මහෝත්සවය සැප්තැම්බර් මස 24 වැනි දා රාත්රියේ අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේ දී පැවැත්වෙන අතර 25 වැනි දා අලුයම තුන් නිකායික මහා නායක ස්වාමීන්ද්රයන් වහන්සේ ප්රමුඛ අනුනායක ස්වාමීන්ද්රයන් වහන්සේ ප්රධාන ව සියලු පිරිවෙන් කෘත්යාධිකාරි නාහිමිවරුන්, පරිවේනාධිපති නාහිමිවරුන්ගේ සහභාගිත්වයෙන් අධ්යාපන අමාත්යාංශයේ පිරිවෙන් ඒකකයේ අධ්යක්ෂ, රාජකීය පණ්ඩිත, ශාස්ත්රපති මාදෝවිට වජිරබුද්ධි නාහිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කිරීමට සංවිධාන කර ඇත. ශාසනික, ජාතික, ආගමික පුනරුදයක් උදා කරලීම සඳහා මෙම උතුම් අවස්ථාව යොදාගෙන ඇත. ඒ සඳහා සියලු ම පිරිවෙන් කෘත්යාධිකාරි හිමිවරුන්, පරිවේණාධිපති හිමිවරුන් ඇතුළත් ව පරිවේණාචාර්ය හිමිවරුන් ගුරු භවතුන් ඒ සඳහා කුල දරුවන් සෑම පිරිවෙන් ආයතනයකින් ම සූදානම් කර මෙම උතුම් අවස්ථාවට යොමු කරන ලෙසත්, එම පැවිදි වන සාමණේර හිමිවරුන්ගේ අධ්යාපනය සඳහා මාසික ශිෂ්යත්වයක් දෙන අතර, පැවිදි වීමට අවශ්ය සියලු සිවුරු පිරිකර ද පිරිවෙන් අධ්යාපන අධ්යක්ෂ මාදෝවිට වජිරබුද්ධි මාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් ලබා දීමට සියල්ල සූදානම් කර ඇත.
අගෝස්තු 27 බ්රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ. 27 බ්රහස්පතින්දා සිල්
පසළොස්වක
අගෝස්තු 27
අව අටවක
සැප්තැම්බර් 04
අමාවක
සැප්තැම්බර් 10
පුර අටවක
සැප්තැම්බර් 18
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]