[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

නුවණ පිරිසිදු කරන අවස්ථා අටක්

බුදුරදුන් පෙන්වා වදාළ නිර්වාණගාමී මාර්ගය හෙවත් ශික්‍ෂණ මාර්ගය ත්‍රිවිධය යි. සත්වයාගේ බාහිර කාය - වාග් සංවරයෙන් චිත්ත සන්තානයේ සංසිඳීම ඇති කර ගනී. එහි කෙළවර නුවණැස පහදා ගනිමින් ලෝක යථාර්ථය ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කරගැනීමෙන් ඇති වන ප්‍රඥාවේ පාරිශුද්ධ භාවය යි. ප්‍රඥාවේ ස්වභාවය හා එහි සංවර්ධනය පිළිබඳ ව සම්බුදුරදුන් වදාළ දේශනා අපමණ ය. මෙම විග්‍රහයේ දී පෙන්වා දෙන්නේ මිළින්ද ප්‍රශ්නයෙහි සඳහන් වන නුවණ පිරිසිදු බවට පත් කර ගැනීම හෙවත් විශද කර ගැනීමට උපකාරි වන කරුණු අටක් පිළිබඳ ව යි. වයෙන යස පුච්ඡාහි - තිත්ථ වාසෙන යොනිසො - සාකච්ඡා සෙනෙහ සංවාසෙන - පතිරූපවාසෙනව මෙම ගාථාවේ සඳහන් වන්නේ පෙර සඳහන් කළ කරුණු අට යි. ඒවා නම් වයස, යසස, ප්‍රශ්න කිරීම, තීර්ථ වාසය, යෝනිසෝ මනසිකාරය, සාකච්ඡා කිරීම, ස්නෙහ සංවාසය, පතිරූප දේස වාසය යනුවෙනි. පුද්ගල ජීවිතයේ ප්‍රඥා දශකය ලෙස සඳහන් කෙරෙන එසේම කාගේ වුවත් නුවණ විශද වන කාලය වන්නේ උපතින් සතළිස් විය තර වන විටයි. බාල තරුණ කාල ඉගෙනීමට හොඳ වුවත් සතළිස ඉක්ම වූවකුට උගත් දේ පිරිසිදුව වැටහෙන්නේ ය. ගැඹුරු කරුණක් ගැන ද සිතා මතා තීරණ ගැනීමට හැකි වන්නේ සතළිස් විය ඉකුත් කල්හි ය. බාල තරුණ කාලවල දී වහ වහා පාඩම් කර ගත හැකි ය. එහෙත් එහි තීරණාත්මක දැනුමක් ලැබෙන්නේ නුවණ මුහුකුරා ගිය පසුව ය. එබැවින් නිසි වයසට පත්වීම නුවණ පිරිසිදු වීමට හේතු වන බව සඳහන් කොට තිබේ.


බක් පුර පසළොස්වක

අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]