ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් පුර පසළොස්වක පෝ දා 2026 අප්‍රේල් 01 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
වෛරය, ක්‍රෝධය, තරහව ඇවිලෙන ගිනි ගොඩක් සේ ය. තමන් ම දවයි. ආවේගශීලි බවට, පීඩාවට පමුණුවයි. සිරුරේ ලේ ධාතුව අපවිත්‍ර කරයි. බොහෝ කායික මානසික රෝග ලේ ධාතුව අපිරිසිදු වීමේ පලය.
මෙත් සිත සිසිල් ය. දැවීම් නැත. කෙලෙස් දාහය සංසිඳුවන්නේ ය. කලබල නැත. පීඩාකාරී ද නොවේ. සංවර ය. සැහැල්ලු ය. ඒ තුළම ලබන සැනසීම අපමණ ය.
මෙලෙස ලබන සතුට, සොම්නස, යහපත් ගුණ කය, මනස සුවපත් කරයි. රුධිර ධාතුව පිරිසිදු කරයි. රුධිර සංසරණයට හිතකරයි. ඒ තුළ හදවතේ ක්‍රියාකාරීත්වය යහපත් කරයි. සුවපත් කරයි.
මෙත් ගුණ පිරුණු සිත ප්‍රභාෂ්වර ය. අඳුරක දැල්වු පහනක් සේ ය. එවැනි කෙනකුට මුහුණේ පැහැයට, සමේ අලංකාරයට අමුතුවෙන් ආලේප ගැල්විය යුතු නොවේ. ඔහුගේ හෝ ඇයගේ හෝ පියකරු පෙනුම දුටුවන් නෙත් සිත් බඳියි. යහපත් සිතිවිලි නිසා අයහපත් ක්‍රියා සිදු නොවෙයි. පස්පවින් වළකී. ලෝභය, ද්වේෂය, මෝහය ආදීි අකුසල මූල සිඳින්නට සිතිවිලි මෙහෙයවයි. තමන් ද සුවපත් ව අනුන් ද සුවපත් කරයි.
අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ. 01 බදාදා සිල්
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
පුර අටවක
අප්‍රේල් 24
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]