[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන් බවට ත්‍රිපිටකයේ අංශුමාත්‍රයක සාධකයක් නැත

බුදුරජාණන් වහන්සේ ලොව පහළවීම සම්බන්ධ ඓතිහාසික මූලාශ්‍රයන් අතර බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා උන්වහන්සේ වදාළ ධර්ම විනය ප්‍රධාන වේ. ඒ බව අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ලෝක සූත්‍රයෙහි සඳහන් වන්නේ මෙසේ ය. “යඤ්ච භික්ඛවේ රත්තිං තථාගතො - අභිසම්බුජ්ඣති යඤ්ච රත්තිං පරිනිබ්බායති - යං එකස්මිං අන්තරෙ හාසති ලපති - නිද්දිසති සබ්බං තං තථෙව හොති නො අඤ්ඤථා”, මහණෙනි, යම් රැයෙක තථාගතයන් වහන්සේ චතුස්සතපාවබෝධය කරන සේක් ද, යම් රැයෙක පිරිනිවන්පාන සේක ද, මේ අතර යමක් දේශනා කරන සේක් ද, තෙපලන සේක් ද නිදෙසන සේක් ද, එහැම එසේම වෙයි. වෙනස් නොවෙයි.” එම නිසා බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නේ නම් ඒ හා සම්බන්ධ කුමන හෝ කරුණක් තුන් පිටකයේ අඩංගු විය යුතුයි. එවැනි උපකල්පනයක හෝ එළඹීමට බුද්ධ දේශනාවේ අංශුමාත්‍රයක සාධකයක් නොමැති බව නිසැකව ප්‍රකාශ කළ හැකි ය. තවදුරටත් මේ පිළිබඳ කෙටියෙන් විමසා බලනවා නම්, එනම්, ඉන්දියාවේ බිහි වූ ශ්‍රේෂ්ඨම පාලකයා වූ අශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් ඔහුගේ පුත්‍ර රත්නය වූ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ අප රටට බුදුදහම හඳුන්වාදුන් සේක. ඓතිහාසික කෘතිවල එනම් දීපවංශය, මහාවංසය සමන්තපාසාදිකා ආදී කෘතිවල ථෙරවාද බුදුදහම වශයෙන් මෙය සඳහන් ය. විද්වතුන්ගේ ඓතිහාසික පර්යේෂණවලට අනුව බුදුදහම පිළිබඳ පුරාණතම භාවය පවතින්නේ ථෙරවාද නැතහොත් පාලි ත්‍රිපිටකයේ ය. සංස්කෘත, ප්‍රාකෘත, චීන ආදී භාෂාවලින් පවත්නා විවිධ සම්ප්‍රදායානුගත බෞද්ධ විශේෂ පශ්චාත්කාලීන ප්‍රකාශයන් ය. මෙකී පාලි තුන්පිටකයේ ධර්ම ස්කන්ධ වශයෙන් අසූහාර දහසක් (ධර්මස්ඛන්ධ වෙසෙන චතුරාසිකී සහස්ස විධං) වශයෙන් සමන්ත පාසාදිතා අටුවාවේ සඳහන් කරයි. මෙම 84000ක් වූ ධර්ම ස්කන්ධයන්ගෙන් අංශු මාත්‍රයකින්වත් බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන් බවට කරුණක් ඉදිරිපත් කළ නොහැක.


දුරුතු පුර අටවක

ජනවාරි 17 බදාදා අ.භා. 10.12 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 ගෙවේ.
18 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]