[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන් බවට ත්‍රිපිටකයේ අංශුමාත්‍රයක සාධකයක් නැත

බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන් බවට ත්‍රිපිටකයේ අංශුමාත්‍රයක සාධකයක් නැත

බුදුරජාණන් වහන්සේ ලොව පහළවීම සම්බන්ධ ඓතිහාසික මූලාශ්‍රයන් අතර බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා උන්වහන්සේ වදාළ ධර්ම විනය ප්‍රධාන වේ. ඒ බව අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ලෝක සූත්‍රයෙහි සඳහන් වන්නේ මෙසේ ය.

“යඤ්ච භික්ඛවේ රත්තිං තථාගතො
අභිසම්බුජ්ඣති යඤ්ච රත්තිං පරිනිබ්බායති
යං එකස්මිං අන්තරෙ හාසති ලපති
නිද්දිසති සබ්බං තං තථෙව හොති නො අඤ්ඤථා”

මහණෙනි, යම් රැයෙක තථාගතයන් වහන්සේ චතුස්සතපාවබෝධය කරන සේක් ද, යම් රැයෙක පිරිනිවන්පාන සේක ද, මේ අතර යමක් දේශනා කරන සේක් ද, තෙපලන සේක් ද නිදෙසන සේක් ද, එහැම එසේම වෙයි. වෙනස් නොවෙයි.”

එම නිසා බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නේ නම් ඒ හා සම්බන්ධ කුමන හෝ කරුණක් තුන් පිටකයේ අඩංගු විය යුතුයි. එවැනි උපකල්පනයක හෝ එළඹීමට බුද්ධ දේශනාවේ අංශුමාත්‍රයක සාධකයක් නොමැති බව නිසැකව ප්‍රකාශ කළ හැකි ය. තවදුරටත් මේ පිළිබඳ කෙටියෙන් විමසා බලනවා නම්, එනම්,

ඉන්දියාවේ බිහි වූ ශ්‍රේෂ්ඨම පාලකයා වූ අශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් ඔහුගේ පුත්‍ර රත්නය වූ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ අප රටට බුදුදහම හඳුන්වාදුන් සේක. ඓතිහාසික කෘතිවල එනම් දීපවංශය, මහාවංසය සමන්තපාසාදිකා ආදී කෘතිවල ථෙරවාද බුදුදහම වශයෙන් මෙය සඳහන් ය.

විද්වතුන්ගේ ඓතිහාසික පර්යේෂණවලට අනුව බුදුදහම පිළිබඳ පුරාණතම භාවය පවතින්නේ ථෙරවාද නැතහොත් පාලි ත්‍රිපිටකයේ ය. සංස්කෘත, ප්‍රාකෘත, චීන ආදී භාෂාවලින් පවත්නා විවිධ සම්ප්‍රදායානුගත බෞද්ධ විශේෂ පශ්චාත්කාලීන ප්‍රකාශයන් ය. මෙකී පාලි තුන්පිටකයේ ධර්ම ස්කන්ධ වශයෙන් අසූහාර දහසක් (ධර්මස්ඛන්ධ වෙසෙන චතුරාසිකී සහස්ස විධං) වශයෙන් සමන්ත පාසාදිතා අටුවාවේ සඳහන් කරයි. මෙම 84000ක් වූ ධර්ම ස්කන්ධයන්ගෙන් අංශු මාත්‍රයකින්වත් බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන් බවට කරුණක් ඉදිරිපත් කළ නොහැක.

බුදුරජාණන් වහන්සේගේ මව, පියා, ලොව පහළවීම ගිහි කළ රජ සැප විඳිමින් ගත කළ කාලය, ගිහිගෙයින් නික්ම යාම, වනගතව අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කළ කාලය බුද්ධත්වයට පත්වීම, බුද්ධත්වයෙන් පසු අවුරුදු 45ක් පුරා ධර්ම දේශනා කළ ස්ථාන වැඩ සිටි ස්ථාන ආදී සෑම කරුණක්ම තුන්පිටකයේ සඳහන් ය. ඒ කිසිම තැනක ලංකාව ගැන කිසිදු වචනයක් සඳහන් නොවේ. විශේෂයෙන් ම දීපංකර බුදුරජාණන් වහන්සේ පටන් විසි පස් නමක් බුදුරජාණන් වන්සේගේ විස්තර ඇතුළත් වන “බුද්ධවංස පාලි“ නම් ත්‍රිපිටක ග්‍රන්ථයේ බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය ලංකාව නම් එහි ඒ ආශි‍්‍රත කරුණු ඇතුළත් විය යුතුයි. එවැනි කිසිදු කරුණක් සඳහන් නොවේ. ත්‍රිපිටකයට අයත් වන චරියාපිටකයේ අන්තර්ගත වන්නේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේ සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී පිරූ අයුරුයි. අවම වශයෙන් චරියාපිටකයේ බුදුවීමට පෙර සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ ආත්ම භාවයක දීවත් ලංකාවේ උපන් බවක් සඳහන් නොවේ.

තුන්පිටකයට අයත් ග්‍රන්ථ, සූත්‍ර, විනය, අභිධර්ම යනු තුන්පිටකයයි. 1. දීඝ නිකාය සූත්‍ර සංඛ්‍යාව 34කි. මෙම කිසිදු සූත්‍රයක ලංකාව හා සම්බන්ධ කිසිදු වචනයක් නැත. 2. මජ්ක්‍ධිම නිකාය සූත්‍ර සංඛ්‍යාව 152කි. මෙම කිසිදු සූත්‍රගතව ලංකාව හා සම්බන්ධ කිසිදු වචනයක් නැත. 3. සංයුත්ත නිකාය සූත්‍ර සංඛ්‍යාව 7762කි. මෙම කිසිදු සූත්‍රයක ලංකාව හා සම්බන්ධ කිසිදු වචනයක් නැත. 4. අංගුත්තර නිකාය සූත්‍ර සංඛ්‍යාව 8,777 කි. මෙම කිසිදු සූත්‍රයක ලංකාව හා සම්බන්ධ කිසිදු වචනයක් නැත. 5 ඛුද්දක නිකාය මෙයට ග්‍රන්ථ 15ක් අයත් වේ. එනම්,

1.ඛුද්දක පාඨ 2. ධම්ම පදය 3. උදාන 4. ඉතිවුත්තක පාලි 5. සුත්ත නිපාත 6. විමාන වත්ථු 7. පේත වත්ථු 8. ථේර ගාථා 9. ථෙරි ගාථා 10. ජාතක පාලි 11. නිද්දෙස පාලි 12. පටිසම්භි දාමග්ග 13. අපදාන 14. බුද්ධ වංස 15. චරියාපිටක

විනය පිටක ග්‍රන්ථ 5කි. 1 පාරාජිකා පාලි 2. පාචිත්තිය පාලි 3. මහා වග්ග පාලි 4. චුල්ලවග්ග පාලි 5. පරිවාර පාලි අභිධර්ම පිටකය ග්‍රන්ථ 7 කි.

1. ධම්ම සංගණීවිපකරණය 2. විභංගවිපකරණය 3. ධාතුකථාවිපකරණ 4. පුග්ගලපඤ්ඤත්ති ජාපකරණ 5. කථාවත්ථුප්පකරණ 6. යමකප්පකරණ 7. පට්ඨානප්පකරණ තෙත්තිප්‍රකරණය හා පෙටකොපදෙස යන ග්‍රන්ථවලින් ලංකාව හා සම්බන්ධ කිසිදු වචනයක් නැත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයකින්, ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කළ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව මුද්‍රිත ග්‍රන්ථ 52කින් සමන්විත වේ. මෙම ග්‍රන්ථ ද විශාල පිටු සංඛ්‍යාවකින් යුක්තයි. එම කිසිදු දේශනාවකින්, බුදුන් උපන් දේශය ලංකාව යැයි. උපකල්පනය කිරීමට හෝ අංශුමාත්‍ර සාක්ෂියක් නොමැත.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

දුරුතු පුර අටවක

ජනවාරි 17 බදාදා අ.භා. 10.12 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 ගෙවේ.
18 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]