[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ධාර්මික වටිනාකම්වලින් යුත් කෞතුක භාණ්ඩ පිරිවරා ඇති ගංගාරාමය

හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව හා ශිෂ්‍ය උරුමය පවතින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් සපයන පෞරාණික විහාරස්ථානයක් වශයෙන් හැඳින්විය හැකි ය.හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, දෙවුන්දර ශ්‍රී ජිනරතන නාහිමි, මහගොඩ ශ්‍රී ඤාණිස්සර නා හිමි, මොරෙන්තුඩුවේ ධම්මානන්ද නාහිමි, දෙවුන්දර සිරි වාචිස්සර නාහිමි, දෙවුන්දර සිරි රතනජෝති නාහිමි, සහ ගල්බොඩ සිරි ඤාණිස්සර නාහිමි යන එකී නාමාවලිය ගංගාරාමාධිපති නාහිමි පෙළපත වශයෙන් දැක්විය හැකි ය. එකී පෙළපතට උරුම ගංගාරාමය යනු එක් අතෙකින් මහා කෞතුකාගාරයකි. සිය දහසක් බුදු පිළිමවලින් සහ තවත් නොයෙකුත් පෞරාණික සහ ධාර්මීය වටිනාකම්වලින් යුත් කෞතුක භාණ්ඩ පිරිවරා ඇති ගංගාරාමයෙහි සර්වඥධාතූන් වහන්සේ විශාල ප්‍රමාණයක් වැඩ වෙසෙති. සියලු චෛත්‍ය අංගවලින් සමන්විත ගංගාරාමයේ චෛත්‍ය පිරිවරා ඇත්තේ ශෛලමය පරිවාර දාගැබ් හැට එකකි. සඳකඩපහණක්, මුරගල් රූප තුනක් හා ශෛලමය පැරැණි හිටි බුදුපිළිමයක් ද මෙහි තැන්පත් කර ඇති අතර මේ චෛත්‍යයේ නිර්මාණ කාලය බුද්ධ වර්ෂ 2476ට පමණ අයත් වේ. ගංගාරාමයේ විහාර මන්දිරය කොටස් දෙකකින් පමණ සමන්විත ය. පැරැණි විහාරය සහ අලුත් විහාරය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විහාර මන්දිර දෙකේම හිටි පිළිම දෙකක්, හිඳි පිළිම දෙකක්, පිත්තලෙන් තැනුණු තායිවාන් හිඳි පිළිමයක් සහ කිරිගරුඬ හිඳිපිළිමයක් ද ඇත. පැරැණි විහාර මන්දිරයේ ඇත්තේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින අයුරු දැක්වෙන විසල් සැතපෙන පිළිමයකි. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව නිරූපණය කෙරෙන හිඳි පිළිමය ද ඒ ආකාරයෙන් ම ජීවමාන බවක් දක්වයි. එමෙන්ම පැරැණි හිඳි පිළිමය අසලින් මෛත්‍රී බෝසත් රුවක් වෙන අතර සිවිලිම හා බිත්ති ජාතක කතා බුද්ධචරිතය නිරූපිත දිනවලින් සහ අලංකාර මල්කම්වලින් සරසා ඇත.

දුරුතු පුර අටවක

ජනවාරි 17 බදාදා අ.භා. 10.12 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 ගෙවේ.
18 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]