[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් විත්ති

පොත් විත්ති

බෞද්ධ සමාජය හා සදාචාරය (මූලාශ්‍රය අධ්‍යයනයක්)

කර්තෘ - (සංස්කරණය) බුත්තල ඤාණාධාර හිමි.

ප්‍රකාශනය - ශ්‍රී ඤාණරතන ග්‍රන්ථ සංරක්ෂණ මණ්ඩලය

මෙම ග්‍රන්ථය බෞද්ධ ගිහි ප්‍රතිපදාව හෙවත් බෞද්ධ සමාජ ධර්ම දැන ගනු කැමැති සාමාන්‍ය බෞද්ධ පාඨකයාට මෙන්ම ගැඹුරු අධ්‍යයනයක යෙදීමට කැමැති විද්‍යාර්ථින්ට ද එකසේ ප්‍රයෝජනවත් බව සංස්කාරක හිමි දන්වා සිටියි. පරිච්ඡේද හතකින් සහ උප පරිච්ඡේදයන්ගෙන් සමන්විත මෙම ග්‍රන්ථය පාඨකයාට රුචි පරිදි ඉදිරිපත් කිරීමට සංස්කාරක හිමියෝ සමත් වී ඇත.

 

 

 

 


 

****

යොවුන් විය විවාහය හා බුදු දහම

කර්තෘ - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මහරැඹාවැවේ පාලිත හිමි.

ප්‍රකාශකයෝ - ඇම්.ඩී. ගුණසේන සහ සමාගම

ලෞකික දිවියේ වඩාත් වැදගත් අපේක්ෂාව වනුයේ සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම යි. විවාහය යනු හදවත් දෙකක බැඳීමකි. ස්වාමි භාර්යා දෙදෙනා ම ඔවු නොවුන්ගේ අපේක්ෂාවන් දැන හඳුනාගෙන අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම සාර්ථක විවාහ දිවියක පළමු පියවර යි. මේ කෘතිය පරිශීලනයෙන් ලබා ගන්නා වූ දැනුමෙන් අවබෝධයෙන් යුතුව වාසනාවන්ත, සාර්ථක විවාහ දිවියකට මඟ පෑදෙනු ඇතැයි උන්වහන්සේගේ අපේක්ෂාව බව කර්තෘ හිමියෝ පවසති.

 

 




 

****

ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල

කර්තෘ - ගණේගම සරණංකර නා හිමි

ප්‍රකාශකයෝ - ඇම්.ඩී. ගුණසේන සහ සමාගම

19 වැනි ශත වර්ෂයේ අග භාගයේ විසූ අපේ ජාතියේ පියා වූ අනගාරික ධර්මපාලතුමා නිර්භීතව, නිර්ලෝභීව ක්‍රියා කළ උතුමෙකි. එතුමාට දිය යුතු ගෞරවය සෑහෙන පමණකින් මේ වන විට ලැබී ඇත. මෙම ග්‍රන්ථය තුළින් එතුමා ගැන යම් අවබෝධයක් ලබාගත හැකි බවත් කතුවර හිමියෝ පවසති.

  බක් පුර පසළොස්වක 

 අප්‍රේල් 26 සඳුදා අපර භාග 12.44 පුර පසළොස්වක ලබා 27 අඟහරුවාදා පූර්ව භාග 09.01 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]