[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන් මහියංගණයට වැඩම කිරීම. සිතුවම - සමන් ශ්‍රීකාන්ත

  දුරුතු පුර පසළොස්වක 

ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

දශක ගණනකට පසු ආසියානු බෞද්ධ සාම සම්මේලනය මෙරටදී පැවැත්වෙයි

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු සාමයත්, එකූමුතුකමත් ලෝකයේ රටවල් අතර ඇතිවිය යුතු බව තේරුම් ගත් රුසියානු සහ මොංගෝලියානු බෞද්ධ නායූකයන් විසින් ලෝකයේ සියලු බෞද්ධ රටවල් සාමාජිකත්වය දරන අන්තර්ජාතික බෞද්ධ සංවිධානයක අවූශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 1970 ජූනි මස 13 වැනි දින මොංගෝලියාවේ උලන් බටාර් නගරයේ මහා විහාරයට රැස් වූ ගිහි පැවිදි බෞද්ධ නායකයෝ ආසියානු බෞද්ධ සාම සම්මේලනය පිහිටුවා එහි ප්‍රථම සමුළුව ද එහිම පැවැත්වූහ. එහිදී ඇති කරගත් එකඟතාවකට අනුව දෙවන සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පූර්ණ සත්කාරය සහිතව ය. අඩ සියවසකට ආසන්න කාලයකට පසුව එහි 13 වැනි විධායක කවුන්සල සභා රැස්වීමේ සත්කාූරක දායකත්වය ශ්‍රී ලංකාවට හිමිවිය. ඒ අනුව එම සමුළුව පසුගිය 14 වැනිදා කොළඹ 7 සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්වුණේ සෞඛ්‍යාරක්ෂිත හේතූන් මත Zoom සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ය. එහිදී විධායක කවුන්සිල සභා රැස්වීම සඳහා (Zoom) සන්නිවේදන තාක්ෂණය ඔස්සේ රටවල් 25ක නියෝජිතයෝ එක්ව සිටියහ. මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ය. සම්බෝධි විහාරයේ පැවැති ආගමික වතාවත්වලින් පසුව ජනාධිපතිතුමා සමුළුවට සහභාගි විය.

යොවුන් සීල සමාධි වැඩ සටහන දීප ව්‍යාප්තව දියත් කෙරේ

තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ උදාර සංකල්පයක් අනුව රටේ ජීවනාලිය, අපේ තරුණ පරපුර යහපත් කරවීමේ අරමුණ පෙරදැරි කොට ගනිමින් ශ්‍රී ලංකාවේ සෑම විහාරස්ථානයක දී ම සෑම පසළොස්වක පොහොය දිනයන්හිදී තරුණ තරුණියන් සීල සමාධියෙහි පිහිටුවීම හා දාන සීල, භාවනා වැඩ සටහන් වලට යොමු කරවීම උදෙසා යොවුන් සීල සමාධි වැඩ සටහන දීප ව්‍යාප්ත ව දියත් කෙරෙයි. බුද්ධශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ජාතික තරුණ සේවා සභාවේ සහයෝගීත්වයෙන්, ජාතික වෙළෙඳ හා ව්‍යවසායකත්ව සම්මේලනයේ ක්‍රියාකාරී දායකත්වයෙන්, පහන් සිත් පදනමේ සංවිධායකත්වයෙන්, සීක් ඔෆ් ක්‍රවුන් ජාත්‍යන්තර සංවිධානයේ අනුග්‍රාහක දායකත්වයෙන් 2021 ජනවාරි මස 28 වන දුරුතු පුර පසළොස්වක පොහොය දින ඓතිහාසික කැලණි රාජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේගේ උපදේශකත්වයෙන් ඓතිහාසික කැලණි රාජමහා විහාරස්ථානයේ දී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා සහ තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

ධර්ම දේශනාව:

පින් කිරීමට අවස්ථාව ලැබෙන්නේ පෙර කළ පිනටයි

සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය - දජ්ජාප්පස්ම්මපි යාචිතො - එතෙහි තීහි ඨානෙහි ගච්ඡෙ - දෙවාන සන්තිකෙ  අද ඔබ සැම වෙනුවෙන් ඉදිරිපත් කරන ධර්මාවවාදය ධම්මපදයේ ක්‍රෝධ වග්ගයේ එන ගාථාවක් ඇසුරු කරමින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි. මේ ගාථාවේ තේරුම මෙසේ දැක්විය හැකි ය. “ඇත්ත කීම, කෝප නොවීම යමෙක් යමක් ඉල්ලුවිට සුළු දෙයක් හෝ දීම, යන මේ කරුණු තුනෙන් දෙවියන්ගේ සමීපයට යන්නේ ය.” මේ ගාථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටින විට මුගලන් මහ රහතන් වහන්සේ මුල්කොට දේශනා කරන ලද්දකි. දිනක් මුගලන් මහ රහතන් වහන්සේ තම සෘද්ධි ශක්තියෙන් දිව්‍ය ලෝකයට වැඩම කරන ලදහ.එහිදී විවිධ දෙවිවරු උන්වහන්සේට වන්දනා කිරීමට පැමිණි අතර, සතුටු සාමීචියෙන් අනතුරුව ඒ ඒ දෙවිවරුන් දිව්‍ය සම්පත් ලැබීමට සිදුකළ පින්කම් මොනවාද යන්න අසා දැන ගන්නා ලදී. පසුව දිව්‍ය ලෝකයේ සිට නැවත ජේතවනාරාමයට වැඩම කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, ඇත්ත කී පමණෙකින්, කෝප නොවීමෙන්, තිඹිරි, කැකිරි, පලා ආදිය සුළු දෙයක් දුන් පමෙණකින් කෙනෙකුට දිව්‍ය සම්පත් ලැබිය හැකි දැයි විචාළ සේක. බුදුරජාණන් වහන්සේ එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් “එසේය, හැකිය” යි වදාරා මේ ගාථාව වදාළ සේක. රහත් භාවය පිළිබඳ අවබෝධය ඇති කෙනකුට නිරතුරුව ඇති වන ප්‍රශ්නය නම් මුගලන් මහ රහතන් වහන්සේට මේ කරුණ පිළිබඳ දැනීමක් නැද්ද යන්නයි. මුගලන් මහ රහතන් වහන්සේ එම කරුණු සහ එහි විපාක හොඳින් දනිති.

 

බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ දුරුතු පෝ දා

හේමන්ත, ගිම්හාන හා වස්සාන යන ඍතු තුන අතුරෙන් සීතල දේශගුණයක් පවත්නා කාලවකවානුව හේමන්ත ඍතුවයි. එහි දෙවැනි මාසය මෙන් ම අධික සීතල මාසය වන්නේ දුරුතු මාසයයි. දිවා කාලය දැඩි සූර්ය තාපයෙන් ද, රාත්‍රී කාලය දැඩි සීතලෙන් ද යුත් දුරුතු මාසය හිතකර නොවූ කාලගුණයකින් යුතු මාසයකි. දුරුතු මහේ උදාවන දුරුතු පුර පසළොස්වක පොහොය දිනයට ශාසන ඉතිහාසය තුළ ඉතා වැදගත් තැනක් හිමි වෙයි. බුදුරජාණන් වහන්සේ විසින් උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුන්බෑ ජටිල පිරිස දමනය කරනු ලැබීමෙන් පසුව ප්‍රථම වරට ලංකාවට වැඩමවීම හා එහිදී යක්ෂ ගෝත්‍රිකයින් දමනය කිරීම කේශ ධාතු නිධන්කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහ රජු ගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ දහසක් රහතන් වහන්සේලා ද සමඟ රජගහ නුවරට වැඩමවීම, මිය ගිය ඤාති පේ‍්‍රතයන්ට පින් අනුමෝදනා කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍යය අසල දී රජ බවට පත් කරවීම යනාදිය දුරුතු පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් අතර ප්‍රමුඛස්ථානයෙහිලා සැලකිය හැකි ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]