[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

පින් කිරීමට අවස්ථාව ලැබෙන්නේ පෙර කළ පිනටයි

සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය - දජ්ජාප්පස්ම්මපි යාචිතො - එතෙහි තීහි ඨානෙහි ගච්ඡෙ - දෙවාන සන්තිකෙ  අද ඔබ සැම වෙනුවෙන් ඉදිරිපත් කරන ධර්මාවවාදය ධම්මපදයේ ක්‍රෝධ වග්ගයේ එන ගාථාවක් ඇසුරු කරමින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි. මේ ගාථාවේ තේරුම මෙසේ දැක්විය හැකි ය. “ඇත්ත කීම, කෝප නොවීම යමෙක් යමක් ඉල්ලුවිට සුළු දෙයක් හෝ දීම, යන මේ කරුණු තුනෙන් දෙවියන්ගේ සමීපයට යන්නේ ය.” මේ ගාථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටින විට මුගලන් මහ රහතන් වහන්සේ මුල්කොට දේශනා කරන ලද්දකි. දිනක් මුගලන් මහ රහතන් වහන්සේ තම සෘද්ධි ශක්තියෙන් දිව්‍ය ලෝකයට වැඩම කරන ලදහ.එහිදී විවිධ දෙවිවරු උන්වහන්සේට වන්දනා කිරීමට පැමිණි අතර, සතුටු සාමීචියෙන් අනතුරුව ඒ ඒ දෙවිවරුන් දිව්‍ය සම්පත් ලැබීමට සිදුකළ පින්කම් මොනවාද යන්න අසා දැන ගන්නා ලදී. පසුව දිව්‍ය ලෝකයේ සිට නැවත ජේතවනාරාමයට වැඩම කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, ඇත්ත කී පමණෙකින්, කෝප නොවීමෙන්, තිඹිරි, කැකිරි, පලා ආදිය සුළු දෙයක් දුන් පමෙණකින් කෙනෙකුට දිව්‍ය සම්පත් ලැබිය හැකි දැයි විචාළ සේක. බුදුරජාණන් වහන්සේ එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් “එසේය, හැකිය” යි වදාරා මේ ගාථාව වදාළ සේක. රහත් භාවය පිළිබඳ අවබෝධය ඇති කෙනකුට නිරතුරුව ඇති වන ප්‍රශ්නය නම් මුගලන් මහ රහතන් වහන්සේට මේ කරුණ පිළිබඳ දැනීමක් නැද්ද යන්නයි. මුගලන් මහ රහතන් වහන්සේ එම කරුණු සහ එහි විපාක හොඳින් දනිති. නමුත් දම් සභාවේ දී අනිත් අය නො දන්නා, සාමාන්‍ය ජනතාවට යහපතක් ඇති කරන ධර්ම කරුණක් ඉදිරිපත් කිරීමෙන් බුදුරජාණන් වහන්සේට එදින අල්පශ්‍රැතයින් සඳහා වැඩදායී යමක් ඉටුකළ හැකිය යන පරාර්ථ චේතනාවෙන් මෙබඳු ප්‍රශ්න අසන බව පෙනේ.


  දුරුතු පුර පසළොස්වක 

ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]