[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සතුටින් ජීවත් වන හැටි

"රාගය සිතට බැස ගත් කල්හි එය ජීවිතය ඇතුළතින් හා පිටතින් ගිනි ගෙන දවාලීමට සමත් වෙයි. ඒ නිසා ම රාගය බලවත් වූ සත්වයෝ ඒ රාගය සංසිඳුවා ගැනීමට නොහැකි ව උමතු වෙති." පුහුදුන් සියලු මනුෂ්‍යයෝ සැපය, ප්‍රීතිය හා සතුට ම කැමැති වෙති. ඔවුහු දුක පිළිකුල් කරති. ඒ පුහුදුන් බවේ ස්වභාවය යි. එසේ සැපය, ප්‍රීතිය හා සතුට ම ප්‍රාර්ථනා කළත් පුහුදුන් මනුෂ්‍යයෝ තුළ “කිඤ්චන” හෙවත් රාග, ද්වේෂ, මෝහ කෙලෙස් පවතින තාක් සැප සේ ජීවත් විය නොහැකි ය. ප්‍රීතියෙන් ජීවත් විය නොහැකි ය. සතුටින් ජීවත් විය නොහැකිය. එසේ වුවත් යම් කෙනෙක් තුළ රාග, ද්වේෂ, මෝහ කෙලෙස් නැත්තේ ද ඔහු ඒකාන්තයෙන් ම සුවසේ, සතුටෙන්, ප්‍රීතියෙන් ජීවත් වෙයි. කයට කිසිදු ආහාරපානයක් නොලැබුව ද ආභස්සර දෙවියන් සේ ප්‍රීතිය ම ආහාර කොට සතුටින් සිටීමට ඔවුනට පුළුවන. මේ බව සර්වඥයන් වහන්සේ ම ඛුද්දක නිකායේ ධම්මපද පාලියේ සුඛ වග්ගයේ දී දේශනා කර තිබෙන්නේ “සුසුඛං වත ජීවාම යෙසං නො නත්‍ථි කිඤ්චනං - පීතිභක්‍ඛා භවිස්සාම දෙවා ආභස්සරා යථාති” යනුවෙනි. අපට පළිබෝධ හෙවත් රාග, ද්වේෂ, මෝහ කිඤ්චන නැත්තේ ද එබඳු වූ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වන්නෙමු. ආභස්සර දෙවියන් මෙන් ප්‍රීතිය ආහාර කොට ඇත්තෝ වන්නෙමු. මේ ඉහත ගාථාවේ අර්ථය යි.


  වප් අව අටවක 

නොවැම්බර් 08 ඉරිදා පූර්ව භාග 7.29 න් අව අටවක ලබා 09 සඳුදා පූර්වභාග 6.51 න් ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]