[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආර්ය ශ‍‍්‍රාවක ප‍‍්‍රතිපදා 12: විජ්ජාචරණසම්පන්න - බුදුගුණ භාවනාව

ආර්ය ශ‍‍්‍රාවක ප‍‍්‍රතිපදා 12:

විජ්ජාචරණසම්පන්න:

බුදුගුණ භාවනාව

පසුගිය ලිපියේ දැක්වූ පරිදි සම්මා සම්බුද්ධ බුදුගුණය භාවනා කරලා සිතට වශී වුණාට පසුව විජ්ජාචරණසම්පන්න බුදුගුණය වඩන්න පටන් ගන්න.

තෙවැනි බුදුගුණය විජ්ජාචරණසම්පන්න බුදුගුණය යි. බුදුරජාණන් වහන්සේ විද්‍යා ඥාන අටකින් හා චරණ ධර්ම පහළොවකින් යුක්ත වන නිසා විජ්ජාචරණ සම්පන්න ගුණය ලැබී තියෙනවා. භාවනා කමටහන වඩන්න කලින් මේ ගාථාව කටපාඩම් කර ගන්න.

“විපස්සනාදි විජ්ජාහි
සීලාදි චරණෙහි ච
සුසමිද්ධෙහි සම්පන්නො
ගගනාගෙහි නායකො”

භාවනා කරන්න සූදානම් වෙලා පූර්වකෘත්‍ය අවසන් වුණාට පසුව මේ ගාථාව කිහිප වරක් ශබ්ද නඟල කියනවා නම් වඩාත් හොඳයි. ගාථාවේ තේරුම දැනගෙන, තේරුමත් හිතමින් කියනවා නම් තවත් වැඩිය හොඳයි.

ගාථාවේ තේරුම මෙසේයි.

“බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘද්ධ වූ ආකාශය බඳු වූ විදර්ශනා ඥානාදී විද්‍යාවන්ගෙන් ද, සීලාදී චරණ ධර්මයන්ගෙන් ද යුක්ත වන සේක.”

විජ්ජාචරණසම්පන්න ගුණය වැඩීම සඳහා සරල, කෙටි කමටහනක් පළමුවෙන් දක්වන්නම්.

“මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ, විද්‍යා ඥාන අටකින් ද, පසළොස් චරණ ධර්මයන්ගෙන් ද, යුක්ත වන සේක. මේ කාරණා නිසා, මාගේ බුදුපියාණන් වහන්සේ, විජ්ජාචරණසම්පන්න නම් වන සේක, විජ්ජාචරණසම්පන්න නම් වන සේක, විජ්ජාචරණසම්පන්න නම් වන සේක”

මේ කමටහන දින කිහිපයක් වඩන්න. ඊට පසුව වඩන්නට සුදුසු තවත් කමටහනක් මෙසේයි.

“මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ, විදර්ශනා ඥානයෙන් යුක්ත වන හෙයින් ද,

මනෝමය සෘද්ධි ඥානයෙන් යුක්ත වන හෙයින් ද,

සෘද්ධිවිධ ඥානයෙන් යුක්ත වන හෙයින් ද, දිබ්බසෝත ඥානයෙන් යුක්ත වන හෙයින් ද, පරචිත්ත විජානන ඥානයෙන් යුක්ත වන හෙයින් ද, පුබ්බේනිවාසානුස්සති ඥානයෙන් යුක්ත වන හෙයින් ද, දිබ්බචක්‍ඛු ඥානයෙන් යුක්ත වන හෙයින් ද,

ආසවක්ඛය ඥානයෙන් යුක්ත වන හෙයින් ද, ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලයෙන් යුක්ත වන හෙයින් ද, ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුක්ත වන හෙයින් ද,

භෝජනයෙහි මාත්‍රඥතාවෙන් යුක්ත වන හෙයින් ද,

ජාගරියානුයෝගයෙන් යුක්ත වන හෙයින් ද,

ශ්‍රද්ධාවෙන් යුක්ත වන හෙයින් ද,

හිරි ගුණයෙන් යුක්ත වන හෙයින් ද,

ඔත්තප්ප ගුණයෙන් යුක්ත වන හෙයින් ද,

බහුශ්‍රැත බවින් යුක්ත වන හෙයින් ද,

වීර්යයෙන් යුක්ත වන හෙයින් ද,

ස්මෘතියෙන් යුක්ත වන හෙයින් ද,

ප්‍රඥාවෙන් යුක්ත වන හෙයින් ද, ප්‍රථම ධ්‍යානයෙන් යුක්ත වන හෙයින් ද, ද්විතීය ධ්‍යානයෙන් යුක්ත වන හෙයින් ද, තෘතීය ධ්‍යානයෙන් යුක්ත වන හෙයින් ද, චතුර්ථ ධ්‍යානයෙන් යුක්ත වන හෙයින් ද, විජ්ජාචරණ සම්පන්න වන සේක.

  වප් අව අටවක 

නොවැම්බර් 08 ඉරිදා පූර්ව භාග 7.29 න් අව අටවක ලබා 09 සඳුදා පූර්වභාග 6.51 න් ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]