[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මෙවර කඨින මහා පුණ්‍යොත්සවයේ රාජ්‍ය උත්සවය සෝමවති චෛත්‍යරාජයා අබියසදී

සම්බුද්ධ ශාසනයෙහි පවත්නා අටමහා කුසල් අතර අග්‍රතම කුසලය වන්නේ කඨින චීවර මහා පුණ්‍ය කර්මයෙන් ලැබෙන කුසලයයි. භික්ෂූන් වහන්සේට මෙන්ම දායක පින්වතුන්ට මෙම පුණ්‍ය කර්මය තුළින් උපනූපන් සෑම ආත්මයක දී ම උපභෝග පරිභෝග සැප සම්පත්තියත් අවසානයේ දී නිර්වාණ සම්පත්තියටත් හේතු වන්නකි. කඨින චීවර පූජාව, අටපිරිකර පූජාව, ආවාස සාදා පූජා කිරීම, බුද්ධ ප්‍රමුඛ සංඝගත දානය, ධර්මය ලිවීම, කුඹුරු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා සෑදවීම, වැසිකිළි කැසිකිළි සෑදවීම යන කුසල් අතරින් ප්‍රධාන වන්නේ කඨින චීවර දානමය මහා පින්කමයි. මෙම වර්ෂයේ කඨින චීවර මහා  පුණ්‍යොත්සවයේ  රාජ්‍ය උත්සවය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ආශිර්වාදාත්මක අනුග්‍රහයෙන් 2020 නොවැම්බර් 7 සහ 8 දිනයන්හි පෞරාණික චාරිත්‍රානුකූල ව විනයානුගතව පැවැත්වීමට කටයුතු කෙරේ.රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍යවරු වන සිරිපාල ගම්ලත්, රොෂාන් රණසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පොළොන්නරුවේ මහ දිසාපති ඩබ්.ඒ. ධර්මසිරි, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් ඉන්දික කරුණාරත්න, සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු සියලු රාජ්‍ය ආයතන නිලධාරීන් හා මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය උසුලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා හා නීතිඥ නිලනොලත් මහෙස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව මහත්මිය ඇතුළු සෑම දෙනාගේම සහ සම්බන්ධතාවයෙන් 2020 නොවැම්බර් 07 දින වන විට වියා නිමකරන ලද චීවර වස්ත්‍රය සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මත රතනසූත්‍ර දේශනාව මධ්‍යයේ සෝමවති රජමහ විහාරය සමීප පොලිස් නිල නිවාසයේ තැන්පත් කිරීමට නියමිතව තිබිණි.


  වප් අව අටවක 

නොවැම්බර් 08 ඉරිදා පූර්ව භාග 7.29 න් අව අටවක ලබා 09 සඳුදා පූර්වභාග 6.51 න් ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]