[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උතුම් සම්බුද්ධ පූජාව උදෙසා

උතුම් සම්බුද්ධ පූජාව උදෙසා

කැඳ පූජා කිරීම

අධිවාසෙතු නො භන්තෙ
තරලං පරිකප්පිතං
අනුකම්පං උපාදාය
පතිගණ්හාතු මුත්තමං

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කැප වූ කැඳ අනුකම්පා කොට පිළිගන්නා සේක්වා!

කිරි ආහාර පූජා කිරීම

පරිසුද්ධොජවන්තෙන
පායාසෙන සුගන්ධිනා
භගවන්තං අරහන්තං
සන්ති ලාභාය පූජයෙ

ශක්ති ජනක පිවිතුරු සුවඳ කිරිබතින් නිවන් අරමුණු කොට බුදුරදුන්ට පුදමි

ව්‍යඤ්ජන කැවිලි ආදිය පූජා කිරීම

ඉමෙහි භෝජනාදීහි
සූප පූපාදිකෙහි ච
පූජෙමි සම්මා සම්බුද්ධං
නිබ්බාණ සුඛ සිද්ධියා

නිවන් සුවය ලබනු සඳහා ව්‍යඤ්ජන හා කැවිලි ආදියෙන් යුක්ත වූ භෝජනය බුදුරදුන්ට පූජා කරමි.

ගිලන්පස පූජා කිරීම

අධිවාසෙතු නො භන්තෙ
ගිලාන පච්චයං ඉමං
අනුකම්පං උපාදාය
පතිගණ්හාතු නායකො

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස අනුකම්පා පිණිස මෙම ගිලන්පස පූජාව පිළිගන්නා සේක්වා

අෂ්ටවිධ පාන වර්ග පූජා කිීම

මධු මුද්දික සාලුක
චෝච මොචම්බ ජම්බුජං
ඵාරුසං බුද්ධ සෙට්ඨස්ස
අට්ඨපානානි පූජයෙ

මී පැණි , මිදි, ඕලු, ඇට කෙසෙල් , මස් කෙසෙල් , අඹ, ජම්බු, බොරළුදමන (උගුරැස්ස) යන අෂ්ටවිධ පානය බුදුරජාණන් වහන්සේට පූජා කරමි.

 අධි වප්

පුර පසළොස්වක 

   ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.26 න් පසළොස්වක ලබා 02 සිකුරාදා පූර්වභාග 02.35 න් ගෙවේ. 
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

සැප්තැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]