[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ජීවිතයේ දියුණුව යසස කීර්තිය උදා කර ගැනීමේ පහසු මඟ

උට්ඨානවතො සතිමතො - සුචිකම්මස්ස නිසම්මකාරිනො - සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනො - අප්පමත්තස්ස යසෝභි වඩ්ඪති, බුදු දහමට අනුව උත්සාහ සම්පත්තිය ඉතා වැදගත් දෙයක්. උත්සාහයෙන් තොරව කිසිවක් ජය ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. ලෞකික ජීවිතය ජය ගැනීමට එදිනෙදා ඒ ඒ පුද්ගලයා ගනු ලබන උත්සාහය වැදගත් වනවා. මෙම උත්සාහය ලෞකික දියුණුවට පමණක් නොව ආධ්‍යාත්මික වශයෙන් ද උසස් තත්වයක් ලැබීමටත්, උපයෝගී වන බව බුද්ධ චරිතය ආශ්‍රයෙන් අපට වටහා ගන්නට පුළුවන්. සමහරු එක එක කරුණු සඳහන් කරලා තමන්ගේ වැඩ කටයුතු අතපසු කරන ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කොට තිබෙනවා . ඉතා සීතල නිසා, ඉතා උණුසුම් නිසා, ඉතා උදෑසන නිසා, ඉතා හවස නිසා, ඉතා බඩගිනි නිසා, බඩ පිරිලා වැඩි නිසා ආදී වශයෙන් තම වැඩකටයුතු අතපසු කිරීම නිසා ඒවා සාර්ථක කර ගැනීමට නොහැකි වෙනවා. අලස බව යන වචනය මෙයට සඳහන් කරන්නට පුළුවන්. තමාගේ වැඩ කටයුතු අතපසු කරමින් ඒවා කල් දමන කෙනාගේ ජීවිතයේ කටයුතු කවදාවත් සාර්ථක වන්නේ නැහැ. කර්මාන්ත කරන කෙනකුගේ කර්මාන්ත කටයුතු, අධ්‍යාපනය ලබන ළමයකුගේ ඉගෙන ගැනීමේ කටයුතු, ගොවිතැන් කරන කෙනාගේ ගොවිතැන් කටයුතු, ආගමික වතාවත් සිදුකරමින් ක්‍රියා කරන තැනැත්තකුගේ ඒ කටයුතු ආදී වශයෙන් හැම දෙයක් ම අසාර්ථක තත්ත්වයට පත්වෙනවා. මේ නිසයි බුදුරජාණන් වහන්සේ උත්සාහය සම්පතක් වශයෙන් දේශනා කරලා තියෙන්නේ දෙවන කාරණය ‘සති මතෝ’ සිහි ඇති බවයි. මේ සිහි ඇති බව ජීවිතයට ඉතා වැදගත් වෙනවා. බුදු දහමේ සිහියට දී ඇත්තේ ඉතා සුවිශේෂ තැනක්. මහණෙනි, සිහිය සියලු අර්ථසිද්ධි සදා දෙන බව මම සඳහන් කරමි. ක්‍රමානුකූලව වැඩූ සිහිය නොදෙන යහපතක් නැතැයි දේශනා කිරීමෙන්ම එහි ඇති වැදගත්කම පැහැදිලි වෙනවා.


 අධි වප්

පුර පසළොස්වක 

   ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.26 න් පසළොස්වක ලබා 02 සිකුරාදා පූර්වභාග 02.35 න් ගෙවේ. 
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

සැප්තැම්බර් 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]