[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මේ පින්බර වස්සාන කාලය යි

මේ පින්බර වස්සාන කාලය යි

වස්සාන ඍතුවේ වස් සාර මාසය අතුරෙන් ඇසළ පොහොයෙන් ආරම්භ වන මුල් මාස තුන භික්ෂූන් වහන්සේලා වස් සමාදන් ව ගත කරන කාලය යි. මෙය සැදැහැවත් බෞද්ධයා ගේ පුණ්‍ය කාලය යි. විහාරස්ථානවලට නිබඳ ව එක් රැස්වන සැදැහැවත්හු මෙම සමය තුළ විවිධාකාර වූ චිත්තාකර්ෂණීය පින්කම් සංවිධානය කරති.

ගිහි පැවිදි සබැඳියාව ගසට පොත්තත්, පොත්තට ගසත් මෙන් පැවතිය යුතු බව සිංහල බෞද්ධ ජන සමාජය පිළිගෙන තිබේ. එම සබැඳියාව මැනවින් මූර්තිමත් වන කාල පරිච්ඡේදයක් මෙම වස් සමය තුළින් පිළිබිඹු කෙරෙයි. භික්ෂූන් වහන්සේලා සහ සැදැහැවත් ගිහි සමාජය අතර මෙම සබැඳියාව ඇතිවූයේ ද වස් විසීමත් සමඟ ය. ආරාමික දිවි පෙවෙත ක්‍රමානුකූල පදනමක් ඔස්සේ සංවර්ධනය වූයේ ද වස් විසීමේ ප්‍රතිඵලයක් ලෙස යි.

එකල ලක්දිව විහාරස්ථාන අඩු ප්‍රදේශවල සැදැහැවතුන් එකතුව භික්ෂූන් වහන්සේ නමකට වස් විසීමට යෝග්‍ය ස්ථානයක් පිළියෙළ කොට එහි වස් වැසවීම සාමාන්‍ය සිරිතක් ව පැවතිණි. වස් සමය නිමවීමෙන් පසුව එම ස්ථානය ස්ථිර විහාරස්ථානයක් බවට පත් වුණි. ලක්දිව බොහොමයක් විහාරස්ථාන ආරම්භ වී තිබෙන්නේ මේ ආකාරයට ය. පුරාතන යේ මෙන්ම අදටත් ඇතැම් සැදැහැවතුන් අභිනවයෙන් නිවසක් ඉදිකළ විට පළමුව එහි භික්ෂූන් වහන්සේ නමක් හෝ දෙතුන් නමක් සිරිත් පරිදි වස් වැසවූහ. නිවස භාවිතයට යොදාගන්නේ වස් සමය නිමවා කඨින චීවර පූජාවත් සිදු කිරීමෙන් පසුව යි.

මෙම වසරේ වස් සමයේ වැඩි කාලයක් මේ වනවිට අවසන් ව ඇත. එබැවින් මෙම අධි වප් පුර පසළොස්වක පොහෝදා වස් වැසීමෙහි හා කඨින චීවර පූජාවෙහි සමාරම්භක සංසිද්ධීන් පිළිබඳ මෙනෙහි කිරීම ඉතා වැදගත් ය.

බුදුරදුන් ධරමාන අවධියේ වස් වැඩීමේ නීතිය පනවා නොතිබූ කාලයෙහි භික්ෂූන් වහන්සේලා වැසි සමය තුළ ද වැස්සට තෙමෙමින් වැසිදියෙන් තෙත් වු සිවුරුවලින් යුතුව ගම් , නියම්ගම් හා නගර සැරි සැරූහ. මේ දුටු අන්‍ය තීර්ථකයෝ භික්ෂූන් වහන්සේලාට දොස් නැගූහ. මේ ගැන සැදැහැවත් මහ ජනතාව ගේ ද කාරුණික ඉල්ලීම් සලකා බැලූ බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට වස් විසීමේ ශික්ෂාපදය පැනවූහ. සංචාරක දිවියක් ගෙවමින් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත භික්ෂූන් වහන්සේලාට එයින් අත්මිදී එක් තැනෙක වැඩ වෙසෙමින් ග්‍රන්ථධුර හා විදර්ශනා ධූර වැඩීමටත් , සැදැහැවතුනට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීමටත් වස් කාලයේ අවස්ථාව උදා වුණි.

සාකේත නුවර භික්ෂූන් වහන්සේලා පිරිසක් මුහුණ දුන් දුෂ්කරතාවක් මුල් කරගෙන කඨින චීවර පූජාවෙහි සමාරම්භය සිදු විය. එසමයෙහි බුදුරජාණන් වහන්සේ සැවැත්නු

 අධි වප්

පුර පසළොස්වක 

   ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.26 න් පසළොස්වක ලබා 02 සිකුරාදා පූර්වභාග 02.35 න් ගෙවේ. 
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

සැප්තැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]