[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

නුවණට සරිලන ගුණයෙන් උතුම් රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නා හිමි

උන් වහන්සේ ගේ සාධු චරිතය ලොකු කුඩා සැවොම විමසා, කියවා, සිතා, ලියා ආදර්ශයට ගත යුතු ඉතා දුර්ලභ උදාර චරිතයකි. ධර්ම ශාස්ත්‍රාලෝකයෙන් ලක්දිව අන්ත පරිහාණිකර තත්ත්වයකට පත්ව තිබූ අවධියක් ලෙස 19 වන සියවසේ මුල් භාගය හඳුන්වාදිය හැකි ය. මෙම තත්ත්වයෙන් අප ධර්ම ද්වීපය ආරක්‍ෂා කර ගැනීමට බෝධි සත්ත්ව ගුණෝපේත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේ ජාතියේ පිනින් පහළ වූහ. උන් වහන්සේ ආරම්භ කළ අත්‍යුදාර ශාසනික මෙහෙවර අඛණ්ඩ ව පවත්වාගෙන යාමට 19 වන සියවසේ අග භාගය වනවිට පහළ වූ අග්‍රගණ්‍ය මහා යතිවරයන් වහන්සේලා බොහෝ සිටිය හ. සංඝරාජෝත්තමයාණන් වහන්සේ ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අයත් උන් වහන්සේලා අතර කීර්තිමත් මහා යතිවරයෙකු ලෙස පණ්ඩිතාචාර්ය රත්මලානේ ශ්‍රී ධම්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හඳුන්වා දිය හැකි ය. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ප්‍රදේශයේ විසූ රයිගම විදානෙලාගේ දොන් කොර්නේලිස් අප්පුහාමි හා අඹේපිටියගේ දෝන අද්‍රියානා හාමිනේ යන සැදැහැබර වාසනාවන්ත මව්පියන්ගේ පුත්‍රයෙකු ලෙස වර්ෂ 1828 මැයි මස 28 වැනිදා රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නා හිමියෝ ජන්මලාභය ලැබූ හ. වර්ෂ 1837 දී රත්මලාන පුරාණ විහාරයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භාවයට පත් වූයේ අඬුපේ සෝණුත්තර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ආචාර්යත්වයෙනි. පසුව පණ්ඩිතාචාර්ය මලිගස්පේ ශ්‍රී ධර්මකීර්ති, පණ්ඩිතාචාර්ය වලානේ ශ්‍රී සිද්ධාර්ථ යන බහුශ්‍රැත ධර්ම විනයධර මහ තෙරවරුන් වහන්සේලා වෙතින් ධම්මාලෝක හිමියෝ ධර්ම විනය, භාෂා ශාස්ත්‍රය පිළිබඳ මනා අවබෝධයක් ලැබූ හ. වර්ෂ 1860 දී මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ දී අධි සීල සංඛ්‍යාත උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ අතර, එහි දී ඉදිරිපත් කළ අර්ථවත් පාලි නිබන්ධනය කෙරෙහි සංඝ සභාවේ බලවත් ප්‍රසාදය පළ කෙරිණි.


   නිකිණි අමාවක පෝය 

   අගෝස්තු 18 අඟහරුවාදා පූර්වභාග 10.39 න් අමාවක පෝය ලබා 19 බදාදා පූර්වභාග 08.11 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]