[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

මෙත් සිත

මෙත්තා යනු හිතවත් බවයි. සැබෑ මිත්‍රත්වය යි. නැතිනම් මෛත්‍රිය යි. මිතුරකු පිළිබඳ තමා තුළ ඇති හිතවත්භාවයට සමාන හිතවත් භාවයක් සියලු ජීවින් කෙරෙහි ඇති කර ගැනීම මෛත්‍රී භාවනාවෙන් සිදු වෙයි. මිත්‍රත්වය සියලු ජීවින් කෙරෙහිම දැක්වීම උසස් මානුෂික ගුණාංගයකි. සැබෑ මිතුරා සිය මිතුරාට අවැඩක්, විපතක් වෙනවාට අකමැති වේ. ඔහු මිතුරාගේ දියුණුව ම අපේක්ෂා කරයි. මිතුරා සම්බන්ධයෙන් ද ඇති කර ගන්නා හිතවත්කම මෛත්‍රිය යි. මෙම තත්වය උසස් හැසිරීමක් වන්නේ ආයාසයකින් තොරව තමාට හමුවන ඕනෑම අයකු සම්බන්ධයෙන් හිතවත් බවක් ගොඩනඟා ගැනීමට හැකියාවක් පවතී නම් පමණි. මෛත්‍රී සහගත සිතිවිලි සහිත පුද්ගලයා සියලු ජීවින් සැපෙන් සිටිනු දැකීමට කැමැති වෙයි. නිරන්තරයෙන් මෙවැනි සිතිවිල්ලක් පවත්වා ගැනීමට නම් එය භාවනාවක් ලෙස ප්‍රගුණ කළ යුතු ය.

****

ඇසුරක වෙනස

ඉස්සර කාලේ දඹදිව උත්තර පංචාල නමින් නුවරක් තිබුණා. එහි පංචාල නම් රජෙකු රට පාලනය කළා. දවසක් රජතුමා දඩයම පිණිස කැළයට පිටත් වුණා. මහ වනය මැද දී රජතුමාට ඇසුණා ගිරවු දෙදෙනෙකු කතා කරන ආකාර ය. එක් ගිරවෙක් අල්ලපියව්, ගහපියව්, ඇනපියව් කියා කියනවා. අනෙක් ගිරවා ඉතාම මිහිරි වචනයෙන්, පි‍්‍රය වචනයෙන් කතා කරනවා. හොඳ අය ඇසුරු කළ ගිරවා හොඳ ගිරවෙකු වූ හැටිත්, නරක අය ඇසුරු කළ ගිරවා නරක් වූ හැටිත් රජතුමා අවබෝධ කර ගත්තා.

****

ප්‍රාර්ථනාව

දස මස මා කුසෙහි දරාගෙන සිටි මගෙ අම්මා
ගතෙහි තිබුණු ලේ කිරි කර පෙවු මගෙ අම්මා
ලෙඩක් සැදුණු විට මුළු රැය අවදිව සිටි අම්මා
නිවන් දකීවා මගේ ආදර සුදු අම්මා

දවසම වෙහෙස ව වැඩ කළ මගේ ආදර තාත්තා
ගෙදර ඇවිත් මාව වඩාගන්නා මගෙ තාත්තා
උපන් දිනේ මා සනසා තෑගි දුන්න තාත්තා
නිවන් දකීවා මාගේ ආදර සුදු තාත්තා

****

ආදර අම්මා

සැනසුම සොයන්නට වෙර දරන නුඹ
කළේ නැත අරුමෝසම් රූපයට
ගත්තේ ද නැත රස අහර කුස තුළට
වෙනස්කම් කළේ නැත නුඹ අපහට කිසි දිනෙක. . .
කටුක වූ රුදු ජීවන මාර්ගය මත
ශක්තිය වී අපේ කුඩා පැල්පතට
ආදරය එකමුතුකම අප තුළ රඳවන්ට
හැකිවූවා ය නුඹහට
මවුනි මගේ ආදරණීය. . .

****

මගේ පාසල

ගණේමුල්ලේ පිහිටා ඇති හේමමාලී මහා විදුහල නමින් ඉතා ප්‍රසිද්ධ, සුන්දරත්වයෙන් පිරි පාසල මගේ පාසල යි. අප විදුහලේ සියලු දෙනා සහයෝගය, සුහදත්වය, පි‍්‍රය වචනය ආදී ගුණාංගයන් පුරුදු පුහුණු කරමු. දරුවන් වන අපට ශිල්ප මනාව පිහිටන අයුරින් එහි ගුරු මව්පියවරු ශිල්ප ශාස්ත්‍ර ලබාදීමට බොහෝ සමත් වෙයි. ගමේ පාසල හොඳම පාසල යන්න විරුදාවලිය ලත් පාසල් අතරට මගේ පාසලත් අයත් ය. බොහෝ දෙනාගේ පැසසුමට ලක්වන මගේ පාසල මමද එසේම ගෞරවාදරයෙන්, භක්තියෙන් යුතුව රැක ගනිමි.

****

මගේ දහම් පාසල

මගේ දහම් පාසල ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාමය යි. අපේ ගුරුවරු පළවැනි ශ්‍රේණියේ සිටම යහපත් ගතිගුණ කියා දෙයි. සෑම වර්ෂයක ම නො වරදවා ම පෙරහර හා කළා උළෙල භික්ෂූන් වහන්සේ හා ගුරුවර, ගුරුවරියන් විසින් එක්ව පවත්වනු ලබන්නේ ළමයින්ට සහභාගි වීම සඳහා ය. සෑම මසකම යහපත් බෞද්ධ දරුවන් බිහි කිරීම සඳහා සිල් සමාදන්වීමේ වැඩසටහන් ද පවත්වනු ලබයි. සෑම ඉරුදිනකම ගුරුවර, ගුරුවරියන් පාන්දරම පැමිණ අපට පන්සල ඇමදීම සඳහා උපදෙස් ලබාදෙයි. ඉන්පසු පන්සිල් සමාදන්වීම, විහාරස්ථානයේ මලියදේව හාමුදුරුවන් වහන්සේ විසින් කරවනු ලැබේ. ගුරුවර, ගුරුවරියන් පාඩම් වැඩ කටයුතු අතරතුර යහපත් ගතිගුණ. හොඳ පුරුදු ද කියා දෙයි.

****

පෝය දවස

****

අපේ පන්සල

****

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

650 ජනනදගම කල්‍යාණසිරි හිමි - 04 වන ශ්‍රේණිය
ශ්‍රී සෝරත පිරිවෙන – ගාල්ල

651 මරදන්කඩවල සුධම්ම හිමි - 1 වන ශ්‍රේණිය
විද්‍යාවාස මහ පිරිවෙන – මීරිගම

652 එච්. ඒ. අශේන් ඉමංශ- 7 වන ශ්‍රේණිය
සුමනතිස්ස ධර්ම විද්‍යාලය – මාතර

653 ඊ. ජී. නෙත්මි සංසලා - 11 වන ශ්‍රේණිය
මීදුම ශ්‍රී සුගත දහම් පාසල – රඹුක්කන

654 ආර්.ඩී. හෂානි සංසලා ගුණසේන- 9 වන ශ්‍රේණිය
ශ්‍රී උපනන්ද දහම් පාසල – නාරම්මලුව

****

පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

අපි පරිසරයට ආදරය කරමු යන මතෘකාව යටතේ කෙටි රචනාවක් නිර්මාණාත්මක ව ලියා අපවෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.

   නිකිණි අමාවක පෝය 

   අගෝස්තු 18 අඟහරුවාදා පූර්වභාග 10.39 න් අමාවක පෝය ලබා 19 බදාදා පූර්වභාග 08.11 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]