[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිරුව තාරා දෙවඟනගේ පිළිරුව එක පෙළට මතුකර ඇති

වැල්ලවාය බුදුරුවගල පුදබිමේ අසිරිය

“බුදුරුවගල” මෙම පුද බිම මෙකල හඳුන්වන නාමයයි. බුදුරුවක් පිහිටි ගලෙහි මතුකර (අල්ප උන්නත ලෙස) නෙළා ඇති නිසා මේ පුදබිමට ඒ නාමය හඳුන්වා ඇතත් මෙහි විශාලතම බුදුරුව අඩි 52 පමණ උස ය. ඒ බුදු පිළිම වහන්සේ පමණක් නොව අවලෝකිතේශ්වර බෝධිසත්ව රූපය, තාරා දෙවඟනගේ රූපය ද තවත් එවැනි පිළිම කීපයක් ම මෙම පිහිටි ගලෙහි එක පෙළට මතුකර දක්වා තිබේ. වැල්ලවායේ බුදුරුවගලට සමාන වූ ස්ථානයක් ලංකාවේ වෙනත් තැනක දැකිය හැකි නොවේ. එම නිසා අපේ පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ මූර්ති නිර්මාණ අතර ඉතා විශේෂිත වූ පුදබිමක් ලෙස බුදුරුවගල හඳුන්වා දිය හැකි ය. වැල්ලවාය නගරයේ දකුණු දෙසට යන විට බුදුරුවගල විදුහල හමුවේ. ඊට ඉදිරිපසින් බටහිර දෙසට ඇති පාරේ ටික දුරක් යන විට බුදුරුවගල ගම්මානය ද, වැව ද හමුවේ. එම වැව පසුකර කිලෝමීටර් පහක් (5) පමණ ඉදිරියට යනවිට භාවනා මධ්‍යස්ථානය හමුවෙයි. එය ඉදිරිපිට ඇති රිය නැවතතුම් පළ පසුකර මද දුරක් මහ වනය මැදින් ඉදිරියට යන විට කඳු වැටියක් හමු වේ. මේ කඳු වැටිය මැද විශාල පර්වතයක මෙම ප්‍රතිමා වහන්සේ නෙළා තිබෙනු දැකිය හැකි ය. මෙහි ඇති සියලුම ප්‍රතිමා පිහිටි ගලෙහි මතුකර, මැටි බදාමයෙන් ඒවා නැවත මතුකර නිර්මාණය කර තිබේ.

   නිකිණි අමාවක පෝය 

   අගෝස්තු 18 අඟහරුවාදා පූර්වභාග 10.39 න් අමාවක පෝය ලබා 19 බදාදා පූර්වභාග 08.11 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]