[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පස්වග මහණුන් වහන්සේ උදෙසා අනාත්ම ලක්ෂණ සූත්‍රය
දේශනා කිරීම.
සිතුවම - හර්ෂ ගුණවර්ධන

   ඇසළ අමාවක පෝය 

 ඇසළ අමාවක පෝය ජුලි 20 සඳුදා පූර්වභාග 00.10 න් ලබා එදිනම අපරභාග 11.02 න් ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය ජූලි 27 සඳුදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

පිරිවෙන් අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ යෝජනාවලියක් ජනපතිතුමන් වෙත...

පිරිවෙන් අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ පස් අවුරුදු යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් වෙත පසුගිය දා පිළිගැන්වී ය. දිවයිනේ සියලුම මහානායක සවාමීන්ද්‍රයන් වහන්සේලා, සියලු පිරිවෙන්වල කෘත්‍යාධිකාරි හා පරිවෙණාධිපති හා පරිවෙණාචාර්ය හිමිවරුන්ගේ සහ සීලමාතා අධ්‍යාපන ආයතන ප්‍රධානීන් හා පරිවේණාචාර්ය ගිහි භවතුන් ඇතුළු මේ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූ ගිහි පැවිදි විද්වතුන්ගේ අදහස් ද සැලකිල්ලට ගෙන යෝජනාවලිය සකස් කෙරිණි. මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් සාම්ප්‍රදායික අධ්‍යාපනයත් මැනවින් රැකගනිමින් නූතන තාක්ෂණය ද භාවිතයට ගනමින් පිරිවෙන් අධ්‍යාපනය පවත්වාගෙනයාම කෙරෙහි මෙම යෝජනාවලියේ විශේෂ අවධානයක් යොමුකර ඇත. ජාතික පිරිවෙන් උපදේශක දොඩම්පහළ ශී‍්‍ර රාහුල හිමි පිරිවෙන් අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද හිමි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස් ද සැලකිල්ලට ගෙන සහකාර පිරිවෙන් අධ්‍යක්ෂ (අධ්‍යාපන සංවර්ධන) කන්තලේ විජිතවංශ හිමියන් විසින් මෙම යෝජනාවලිය සකස්කරන ලදී.

ධර්ම දේශනාව:

පෙර කර්ම පල දීම

අචිරං වතයං කායො - පඨවිං අධිසෙස්සති - ඡුද්ධො අපේත විඤ්ඤාණො - නිරත්ථං ව කලිංගණං, ඉවත දැමූ වැඩකට නැති දර කැබැල්ලක් මෙන් මේ කය ද පහවූ සිත් ඇතිව නොබෝ කලකින් පොළොව මත වැතිරෙන්නේය කයෙන් සිත පහවූ විට සිරුර දරකඩක් බව පෙන්වීමට පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ මුල්කරගෙන ඉහත ගාථාව සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ දී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. සැවැත් නුවර තිස්ස නම් තෙර නමකගේ මුළු සිරුර පුරාම අබ ඇට, පමණ බිබිලි හටගෙන ඉමහත් සේ රෝගාතුර විය. පසුව එම බිබිලි වර්ධනය වී මුං, කඩල, ඩෙබර, නෙල්ලි, බෙලි පමණ වී ගෙඩි සිදුරු වී වණ වී පැලී ගොස් සැරව හා ලෙයින් සිරුර වේයන් කෑ පරඬැල් පතක් බඳුවිය. එබැවින් උන් වහන්සේට පූතිගත (ගතෙහි ගෙඩි) යන නාමය එකතු විය. පූතිගත තිස්ස" පූතිගත්ත තිස්ස" යන ව්‍යවහාර නම එකතු වූයේ එතැන් සිට ය. මෙම සිද්ධිය පෙර කර්ම පලදීමකි. අකුසල විපාක දීමකි. තිස්ස තෙරණුවෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දවස දක්ෂ කුරුලු වැද්දෙකි. දිනපතාම රැකියාව වශයෙන් කළේ බොහෝ කුරුල්ලන් අල්ලාගෙන මරා මස් විකිණීමයි. පවුලේ ආහාරයට ද ගනියි. ඉතිරි පක්ෂීන්ට පියාඹා නොයන ලෙස පියාපත් උගුල්වා, අඬු ඇට කඩා දෙඇස් අඳ කර තබා පසුදාට විකුණයි. මේ අයුරින් දිවි ගෙවන ඔහුගේ නිවසට පිඬු පිණිස ගෙපිළිවෙලින් වැඩි රහතන් වහන්සේ නමක් දැක පැහැදී සතුටු වී සැදැහෙන් දන් පූජා කර මම බොහෝ ප්‍රාණඝාත පව්කම් කෙළෙමි. මට මෙබඳු වූ පිනක් කුසලයක් සිදුකර ගැනීමට ලැබීම මහත් වාසනාවකි.

 

මාරාන්තික වසංගත රෝගවලින් මිදීමට බුදු දහමෙන් උපදෙස්

පමණ ඉක්මවා ආහාර ගත් කොසොල් මහරජුට බුදුරදුන් වදාළ පරිදි, සිහි බුද්ධියෙන් ක්‍රියකරන මිනිසුන් පමණ දැන ආහාර ගත යුතු ය. එවිට කුසගින්න මෙන්ම තවත් කායික වේදනාවෝ ද නැති වෙති. පෙර කිසිදාක නොවූ විරූ ආකාරයේ බලවත් ම සෞඛ්‍ය ගැටලුවකට අපි මුහුණ දුන්නෙමු. චීනයේ වූහාන් නගරය කේන්ද්‍ර කරගෙන ඇරඹි කොවිඩ් 19 හෙවත් නව කොරෝනා යැයි, නම් ලද මාරාන්තික වසංගත රෝගී තත්ත්වය මුළු මහත් ලෝකය ම වෙළාගෙන පැතිර යාමට ගතවූයේ ඉතා කෙටි කලකි. රෝග නිධානයක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් මෙතෙක් ස්ථිරව සොයාගෙන නොමැති හෙයින් මෙම වෛරසය ලොවෙන් තුරන් කිරීමේ බලවත් අභියෝගයකට ලොව පුරා වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මුහුණ පා සිටිති. ලෝකයේ ආර්ථිකය හා තාක්ෂණය අතින් අද්විතීය. බලවත් රාජ්‍යයන් ජනතාවට ද මෙමඟින් අත් වූ ඉරණම ඉතා ඛේදජනකය. මෙවන් වසංගත රෝග සම්බන්ධ ව ඉතිහාසය විමසා බැලීමේ දී මුලින්ම මතකයට නැගෙන්නේ බුදුරදුන් ධරමාන අවධියේ දී දඹදිව විසාලා මහනුවර ඇතිවූ රෝග, දුර්භික්ෂ හා අමනුෂ්‍ය යන තුන්බිය පිළිබඳ සිදුවීමයි. මේ පිළිබඳ බුදුගුණ අලංකාරයේ දී වීදාගම හිමි ඉදිරිපත් කොට තිබෙන කාව්‍යමය වාර්තාව තුළ මෙසේ දැක්වෙයි.

 

සුගතියට මඟ කියන සත්පුරුෂ ඇසුර

සමාජය ගොඩනැඟී ඇත්තේ මිනිසුන්ගෙනි. මිනිසුන් නැති තැන සමාජයක් ද නැත. ඔවුහු විවිධ අදහස් උදහස් ඇති අය වෙති. හඳුනා ගැනීම අපහසු ය. කලක් ඇසුරු කළත් හඳුනා ගැනීම ඉතා ම අපහසු ය. සතා සිව්පාවා හඳුනා ගැනීම පහසුවුවත් මිනිසා හඳුනා ගැනීම ඉතාම අපහසු කරුණකි. බුදු දහමෙන් පෝෂණය ලැබූ සැදැහැවතාට මොහු මෙබඳු යැයි හඳුනා ගැනීම එ තරම් අසීරු කරුණක් නො වේ. හේතුව ඔහු දහම් අසන, දහම් සාකච්ඡා කරන, දහම් පොතපත කියවන, තුණුරුවන් නිබඳ ඇසුරු කරන කෙනෙකු වන බැවිනි. බුදුරජාණන් වහන්සේ සත්පුරුෂ හා අසත්පුරුෂ වශයෙන් මිනිසුන් ඇති බව පෙන්වා දී ඇත. අංගුත්තර නිකායේ ‘සත්පුරුෂ සූත්‍රයේ” බුදු හිමියෝ සත්පුරුෂයා හා අසත්පුරුෂයා කවරෙක්දැයි පෙන්වා දී ඇත. අසත්පුරුෂයාට, අසත්පුරුෂයකු දැක මොහු අසත්පුරුෂයෙකු යැයි කියා හඳුනාගත නො හැකි ය. සත්පුරුෂයෙකු දැක මොහු සත්පුරුෂයෙකු යැයි කියා ද හඳුනාගත නො හැකි ය. නමුත් සත්පුරුෂයාට අසත්පුරුෂයා හා සත්පුරුෂයා හඳුනාගත හැකි ය. හේතුව ඔහු සත්පුරුෂ හැම ගුණයකින් ම යුක්ත වූවකු වීම නිසයි. යම් පුද්ගලයෙකු සත්පුරුෂ භාවයට පැමිණ ඇත්නම්, ඔහු පැමිණ ඇත්තේ අහම්බෙකින් නොව, ඔහු හැදුණ වැඩුණ යහපත් සමාජ පසුබිම මතයි. දැහැමි දෙමව්පියන්, දැහැමි ගුරුවරු, දැහැමි වැඩිහිටියන්, භික්ෂූන් වහන්සේලාගෙන් ලැබුණ පූර්වාදර්ශ, අවවදා අනුශාසනා නිසයි. ඔවුහු නිසි පන්සිල්, දස සිල්, දස කුසල් සිදු කරමින් තුනුරුවන් හැර අන් පිහිටක්, අන් සරණක් නැත. ජීවිතාන්තය දක්වා තුනුරුවන් සරණ යමි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]