[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

පෙර කර්ම පල දීම

අචිරං වතයං කායො - පඨවිං අධිසෙස්සති - ඡුද්ධො අපේත විඤ්ඤාණො - නිරත්ථං ව කලිංගණං, ඉවත දැමූ වැඩකට නැති දර කැබැල්ලක් මෙන් මේ කය ද පහවූ සිත් ඇතිව නොබෝ කලකින් පොළොව මත වැතිරෙන්නේය කයෙන් සිත පහවූ විට සිරුර දරකඩක් බව පෙන්වීමට පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ මුල්කරගෙන ඉහත ගාථාව සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ දී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. සැවැත් නුවර තිස්ස නම් තෙර නමකගේ මුළු සිරුර පුරාම අබ ඇට, පමණ බිබිලි හටගෙන ඉමහත් සේ රෝගාතුර විය. පසුව එම බිබිලි වර්ධනය වී මුං, කඩල, ඩෙබර, නෙල්ලි, බෙලි පමණ වී ගෙඩි සිදුරු වී වණ වී පැලී ගොස් සැරව හා ලෙයින් සිරුර වේයන් කෑ පරඬැල් පතක් බඳුවිය. එබැවින් උන් වහන්සේට පූතිගත (ගතෙහි ගෙඩි) යන නාමය එකතු විය. පූතිගත තිස්ස" පූතිගත්ත තිස්ස" යන ව්‍යවහාර නම එකතු වූයේ එතැන් සිට ය. මෙම සිද්ධිය පෙර කර්ම පලදීමකි. අකුසල විපාක දීමකි. තිස්ස තෙරණුවෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දවස දක්ෂ කුරුලු වැද්දෙකි. දිනපතාම රැකියාව වශයෙන් කළේ බොහෝ කුරුල්ලන් අල්ලාගෙන මරා මස් විකිණීමයි. පවුලේ ආහාරයට ද ගනියි. ඉතිරි පක්ෂීන්ට පියාඹා නොයන ලෙස පියාපත් උගුල්වා, අඬු ඇට කඩා දෙඇස් අඳ කර තබා පසුදාට විකුණයි. මේ අයුරින් දිවි ගෙවන ඔහුගේ නිවසට පිඬු පිණිස ගෙපිළිවෙලින් වැඩි රහතන් වහන්සේ නමක් දැක පැහැදී සතුටු වී සැදැහෙන් දන් පූජා කර මම බොහෝ ප්‍රාණඝාත පව්කම් කෙළෙමි. මට මෙබඳු වූ පිනක් කුසලයක් සිදුකර ගැනීමට ලැබීම මහත් වාසනාවකි. මෙම පුණ්‍ය කර්මයෙන් ඔබ ලත් උතුම් දහම ම මටත් මුදුන් පැමිණෙවාය පැතුවේ යි. එම පව්කම්වල මහා විපාක හා සුළු පින්කමේ ආනිශංසය යහපත් ප්‍රතිඵල මේ ආත්මභවයේ දී ම මේ ලෙස ලැබුණේ ය. ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලුයම ලෝවැසියන් දෙස බැලීමේ දී උන්වහන්සේගේ මහා කරුණාවට මෙම භික්ෂුව දක්නට ලැබිණ. ආනන්ද හිමියන් සමඟ බුදුරජාණන් වහන්සේ ගිලානෝපස්ථානය සඳහා වැඩම කළහ. ඉන් අනතුරුව සිවුරු, අඳන, ඇඳ ඇතිරිලි සෝදා වේලා පිරිසුදු කරණ නැවත සිවුරු පොරවා සැතපීමට, අවස්ථාව ලබා දුනි.


   ඇසළ අමාවක පෝය 

 ඇසළ අමාවක පෝය ජුලි 20 සඳුදා පූර්වභාග 00.10 න් ලබා එදිනම අපරභාග 11.02 න් ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය ජූලි 27 සඳුදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]