[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අරුත් දැන බෝධීන් වහන්සේට වන්දනා කරමු

අරුත් දැන බෝධීන් වහන්සේට වන්දනා කරමු

“බෝධි” නම් වූ වචනයෙන් ලෝකෝත්තර මාර්ග ඥානය, සර්වඥතාඥානය, යන්න අර්ථවත් වේ. මහබෝසත් උතුමන්ට ලොව්තුරු බුදුබව ලැබීමට උපකාර වන වෘක්ෂය ද ‘බෝධි’ වේ.

නිවැරැදි වූ ද, පැහැදිලි වූ ද, සම්පූර්ණ වූ ද දැනීම හෙවත් අවබෝධය, දැකීම යන්න ද ‘බෝධි යන්නෙන් අර්ථවත් වේ.

බුදු බව සඳහා සෙවණ දුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේට පළමු පූජාව සිදු කළේ ද අප තථාගත බුදුරජාණන් වහන්සේ විසිනි.

භාග්‍යවතුන් වහන්සේ සමාපත්තීන්ට සමවදිමින් බෝධි මූලයේ වජ්‍රාසනය මත ම පළමු සතිය ගෙවා, ඉන් නැඟී සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට උතුරු දිගින් සිට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරූ මාගේ ප්‍රාර්ථනය මේ බෝධිමූලයේ දී මස්තකප්‍රාප්ත වූයේ ය. මා හට බුදු බව ලැබීමට උපකාර වූ මේ බෝධි වෘක්ෂයට හා ආසනයට පූජාවක් කළ යුතු යැයි සිතා බෝධීන් වහන්සේ දෙසත්, වජ්‍රාසනය දෙසත් පඤ්ච වර්ණයෙන් බබළන්නා වූ නෙත් දෙකින් ඇසිපිය නො හෙළාම සතියක් මුළුල්ලෙහි බලා සිටි සේක. එය අනිමිසලෝචන පූජාව නම් වේ.

එම නිසා බෝධි වන්දනා ගාථාවන්හි තේරුම පැහැදිලි කොට දැන වන්දනා කිරීම සිදු කළ යුතු ය.

යස්ස මූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේ තං බෝධිපාදපං

යම් කිසි බෝධි මූලයක වැඩ සිටියා වූ අප ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ දසමරුන් පරදා උතුම් සර්වඥතා ඥානය උපදවා ගත්තේ ද ඒ උතුම් බෝධි රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

ඉමේ ඒතේ මහා බෝධි
ලෝකනාථෙන පූජිතා
අහංපිතේ නමස්සාමි
බෝධිරාජා නමත්ථුතේ

ලෝක නාථ වූ මාගේ බුදුරජාණන් වහන්සේ සත් දිනක් අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් කළා වූ ඒ උතුම් බෝධි රාජයාණන් වහන්සේට මම ද ගෞරවයෙන් යුතු ව මෙසේ නමස්කාර කරමි.

ඉන්ද්‍රනීල වණ්ණ පත්ත සේත ඛන්ධ භාසුරං
සත්ථු නෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං
අග්ග බෝධි නාම වාම දේවරුක්ඛ වණ්ණිතං
තං විසාල බෝධි පාදපං නමාමි සබ්බදා

ඉඳුනිල් මානික්‍යය වැනි පත්‍රවලින් හා සුදු වර්ණිත කඳින් ද බබළන්නා වූ ද, මාගේ බුදුරජාණන් වහන්සේගේ නෙත් පියුම්වලින් පුදන ලද්දා වූ ද, අග්‍ර මිහිර ගෙන දෙන්නා වූ , අග්‍ර බෝධි නම් වූ, සුන්දර වූ, දෙව්රුකක් සේ වර්ණිත වූ, විශාල වූ එම බෝධි වෘක්ෂයන් වහන්සේට මම සෑම කල්හි ම වන්දනා කරමි.

   ඇසළ අමාවක පෝය 

 ඇසළ අමාවක පෝය ජුලි 20 සඳුදා පූර්වභාග 00.10 න් ලබා එදිනම අපරභාග 11.02 න් ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය ජූලි 27 සඳුදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]