[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

නිදහස හා සහජීවනය

මෙලොව උපන් සෑම සත්ත්වයෙකුට ම උපතින්ම යම් නිදහසක් උරුම වී තිබේ. ජීවත්වීමේ නිදහස ඉන් පළමුවැන්න යි. අනවශ්‍ය බැඳීම්, යටත්වීම් සහ පීඩනයන්ගෙන් තොරව නිදහසේ ජීවත්වීමට සැවොම පි‍්‍රය කරති. නිදහස තනි පුද්ගලයෙකු වශයෙන් හා පවුලක සාමාජික පිරිසක් වශයෙන් භුක්ති විඳීම එහි මූලික අවස්ථාව ලෙස දැක්විය හැකි ය. එය සාමූහික ව රටක්, ජාතියක් ලෙස භුක්ති විඳීම නිදහසේ පොදු අවස්ථාව ලෙස දැක්විය හැකි ය. සියලු සත්ත්ව වර්ගයා ජීවත්වනුයේ එකම සමාජය ඒකාකාරී රාමුවක් තුළය. එක් මිනිස් වර්ගයක නිදහස පිළිබඳ යම් යම් සීමාවන් පැනවීම හෝ නිදහස සහමුලින්ම අහෝසිකර දැමීම මානුෂික වශයෙන් මෙන් ම සදාචාරාත්මක වශයෙන් කිසිදු හේතු යුක්ති සහගත ක්‍රියාවක් නො වේ. ලොව ජීවත්වන සියලු සත්ත්ව වර්ගයාට උත්තරීතර මානව නිදහසක් උදාකරදීම සඳහා වු සර්වකාලීන හා සර්ව භෞමික ඉගැන්වීමක් පළමුවෙන් ම ලෝකයාට ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේ ය. ප්‍රාග් බෞද්ධ හා බුද්ධකාලීන භාරතීය සමාජ පසුබිම පිළිබඳ විමසා බැලීමේ දී එකල මිනිසුනට යටත් පිරිසෙයින් ජීවිතය පවත්වාගෙන යාමටවත් කිසිදු නිදහසක් උරුමව නොපැවතුණි. බමුණන් විසින් වර්ග කරන ලද චතුර්වර්ණය පදනම් කරගෙන එකල සමාජය සකස්ව තිබුණි. “බ්‍රාහ්මණ. ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යනු එම චතුර්වර්ණයයි. මෙම වර්ගීකරණයට අනුව බමුණන් පූජකයන් හා ගුරුවරුන් ලෙස ද, රජුගේ උපදේශකවරුන් ලෙස ද පෙනී සිටි අතර මිනිස් සමාජය උසස් පහත් වශයෙන් මහා බ්‍රහ්මයා විසින් මවන ලදැ යි යන්න ඔවුන් ගේ නිසැක පිළිගැනීම විය.


නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]