[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය:

දහම් රසය

සම්බුදු දහම අදහන මිනිසුන් ලෙසට
සන්සුන් ලෙසින් එක්වීමෙන් පිළිවෙතට
දුන් දම් රසය විඳ ග ත්විට හදවතට
සම්බුදු පියා සිහිපත් වෙයි තුන්යමට

සිත් තුළ රඳවා ගත් විට සම්බුදු දහම
මෙත් සිතිවිලි වැඩෙනු ඇත දිවි ඇති තුරුම
ගත් මඟ පැහැදිල ිය බිඳලනු ඇත කරුම
අත් වෙයි මතු දිනක නිවනෙහි දොර ඇරුම


නිරෝගී බක්කුල හිමි

දහසක් හිමි වරුන්ගේ ලෙඩ සුව වන්න
දුන්නා බෙහෙත් පෙර භවයේ ඇති වෙන්න
ඒ පින නිසා නීරෝගිව උපන්න
බක්කුල හිමිට වඳිනෙමි පින් ලැබ ගන්න

හිමිගේ පිනෙන් අපෙ ලෙඩ දුක් දුරු වේවා
උතුම් ධනය නිරෝගිකම යැයි කීවා
බුදු හිමි එය සත්‍ය යැයි දෙසුවා
හිමිගේ අනුහසින් සැමටම සෙත් වේවා


පුදුමය

ලෝකයම
චිත්‍රයක්
නරඹන්නා
ඒ ඇතුළෙම
ඉන්න එකනෙ
පුදුමෙ


නමස්කාරය

ලෝ සත වෙත සසර දුකින් මිදෙන මග පහදා
අනන්ත සත්ත්වයන් සසරෙන් එතෙර කරවූ
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්විත වූ
බුදු පියාණනේ , මාගේ නමස්කාරය වේවා

වැඩිය යුතු දස පුණ්‍ය ක්‍රියා ලොවට කියා දුන්
දුරු කළ යුතු දස අකුසල් ලොවට කියා දුන්
මෙත් කරුණා මුදිතා දී බඹ විහරණයන්ගෙන් යුතු වූ
බුදු පියාණනේ ඔබට මාගේ නමස්කාරය වේවා


මගේ පැතුම

කරනා මෙහෙවරය මා රැක්මට බැති පෙම්
බොදු සිත් ඇත්තෙක් ම විය සුන්දර පුතු නම්
ලස්සන හදවතක් ඇත ලියවී සිතුවම්
තිය යි ආදරෙ හද සැනසුම්

අදිටන් බල මහිමයේ සෑ ම
ඉල්ලමි බෝ මළුවෙ සිට නිරතුරු ම
ඉපදී භවයකදි පුතු බුදු වූ දින ම
ලැබේවා නමදින්න පා යුග බැතියෙන් ම


දුරුතු පෝය

ජටිල පිරිසකි දුරුතු පෝ දින
බුදු අමා ඇස යොමු වුණේ
ඔවුන් අරි සඟ ගණක් ලෙස බුදු
හිමිගෙ සසුනේ බැබළුණේ

පසුව එදිනම බිම් තැන්න ළඟ මිනිපෙ
සරුබිම සොයමිනේ
බුදුරදුන් වැඩි එදින සවනක්
රැසින් බැබළී දිලිසුණේ


මිනිස් ගති

අහස උසට ගිනිදැල් මැද දැවෙනා සිත්
තව තව තළ තළා ලබනා සිත් බලවත්
ඇයි මිනිසුනේ කළුගල් වැනි මේ හදවත්
ආගම දහම වෙත යොමුවනු මැන යහපත්

කරුණා දයා මෙත් මල් කැන් පීදේවා
සාම ගීත රැව් පිළිරැව් දේවා
රටක් හදන්නට දෑතම එස වේවා
ලස්සන රටක් අද දිනයේ බිහි වේවා


පෝ දින අසිරිය

මහියංගණේ මහා නාග වන උයනේ
යක් දෙපිරිසක් මහ ‘අරගලයක’ යෙදුණේ
සැනෙකින් මුනිඳු එතැනට වැඩි ලක් දෙරණේ
යක් මහ අරගලය එ දවස සංසිඳුණේ

සුමන දෙවිඳු ඇරැයුම් කළෙ බුදු හිමිට
කේශ ධාතු දැගැබ තුළ තබන්නට
තුන් බෑ ජටිලයන් දමනය කරන්නට
සිදු වුණි දුරුතු පෝ දිනයේ මුනිඳු හට


නමඳිමු සිරිපා

සමනොළ ගිරි හිස සරසන සිරිපා
දෙව් බඹ සේනා නමදින සිරිපා
ඉර සේවයෙනුත් නමදින සිරිපා
අපි නමදිමු ඒ සම්බුදු සිරිපා

සුමන නිරිඳු ඇරයුම් ලද සිරිපා
එදා මෙදා තුර බබළන සිරිපා
පසඟ පිහිටුවා නමදිමු සිරිපා
නිවනින් සැනසෙමු වැඳ වැඳ සිරිපා


උත්සාහය

දියුණු වෙන්න සැමගේ සිත් ළඟට එති
පරිහානියට සැමගේ පින් දුරස් වෙති
අලස ගතිය තිබුණොත් ඔහු පසු බසිති
උත්සාහවන්තයා නිතරම ජය ගනිති


දෙව්දතුන් නිරයේ සිට...

සැකි කුල කුමරු පස් දෙනෙකුන් සමඟ එදා
හැකි විය පැවිදි වන්නට බුදු හිමි නැමදා
දැකි බුදු ගුණෙන් උන් තිර සුව ලදත් එදා
රැකියේ නො හැකි විය මට සිත, පවින් මුදා

ලත් ඍද්ධියත් යෙදවූවේ වැරැදියට
ගත්තේ අජාසත්, ඉන් පහදා පවට
පත් විය එයින් බිම්සර රජ මරු මුවට
සිත් කකියවයි ඒකට අදටත් සැරට

යෙදුවා බුදුන් නැසුමට දුනුවායන්ව
හැදුවා ගලක් පෙරළන්නට දුක නැතිව
කැඳවා ධනපාල ඇතු, මත් කොට යැව්ව
මෙව්වා නිසා නිරයේ මට වර ලදුව

භේදය කළා සඟරුවනට වර අයැද
වාදය කළා මට මුල් තැන දෙන ලෙස ද?
කී දෙය බුදුන් වැටහුනෙ නැති, මගෙ පව ද?
ලෝදිය ලැබෙයි ඒ වෙනුවට මට නිබඳ


විදසුන් වඩමු

එළැඹුන නව වසරෙ යහපත් ලෙස දිවිය
ගතකර ගනිමු ජීවිතයට එය හරිය
නව ගුණ වැල අතට ගෙන වඩවා සතිය
විදසුන් වඩමු, එය අපෙ නිවනට මගය

චන්ද්‍රලතා හපුආරච්චි
මණ්ඩාවල


පින්බර පොහොය

පළමු වරට ලක්දිව වෙත වැඩි පොහොය
මියුගුණ යක් දනන් දමනය කළ පොහොය
සුමන සුරිදු නිවනට යොමු කළ පොහොය
කේශ දා නිදන් කොට සෑයක් කළ පොහොය


තාත්තා

හැම දුකක්ම ඔබ හිස මත තබාගෙන
දුප්පත් වුවත් ඒ හැම දෙය දරාගෙන
දුක් කඳුළැලි තනිවම ඔබ ඉවසගෙන
 

උපදින සැමට මරණය නියතක් වුව ද
ඔබ නැති අඩුව ඉවසන්නේ කෙලෙසද ?
දියණියකට පිය සෙනෙහස නැති විටක
ඔබේ සෙනෙහස ලැබ දෙන්නේ කවුරුන්ද?


බුදුහිමිගේ ආදර්ශය

දුප්පත් ,පොහොසත්, ලස්සන, අවලස්සන සැම දෙනාට
ලොකු තනතුරු, පොඩි තනතුරු යාචකයට සැම දෙනාට
මිතුරු , සතුරු ,වෛර, ක්‍රෝධ කරනා සියලුම දෙනාට


ඉසිපතනය

දම්සක් නද බුදු සමිඳුන්ගෙන් නැඟුනේ ඉසිපතනේ
සාදු නාද පළමුවරට නද දුන්නේ ඉසිපතනේ
මුව පොව්වන් සැනසිල්ලේ සැරිසරනා ඉසිපතනේ
ඍෂින් පතනය වූ සරු පින්බිම ඉසිපතනේ


කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.
 


නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]