[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

වාහල්කඩින් අලංකෘත වූ පස්සර ඓතිහාසික රාජමහා විහාරස්ථානය

ඌව දනව්වේ ඓතිහාසික පුදබිම් අතරින් සුවිශේෂී වූ විහාරස්ථානයකි, පස්සර ඓතිහාසික රාජමහා විහාරස්ථානය. එම විහාරස්ථානය දුටුගැමුණු මහ රජතුමාගේ කාල වකවානුවේ බුත්තල, හිඟුරුකඩුව පසු කරමින් පැමිණි සේනාව පස්සර කරපාල්ල හරහා මහියංගනයට යන අතරතුර ඉදිකළ විහාරස්ථානයක් ලෙස සැලකේ. පසුව නටබුන් වූ විහාරස්ථානය මහනුවර යුගයේ රජ පැමිණි රාජාධි රාජසිංහ හා ශ්‍රී වික්‍රමරාජසිංහ රජවරුන් සන්නස් පුදා අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කොට ඇත. දැනට දක්නට ලැබෙන පැරැණි විහාර මන්දිරය, චෛත්‍යය හා සොල්දොර මැද මිදුලක් සහිත දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල මහනුවර යුගයේ නිර්මිත ඒවා බව එම යුගයේ පැවැති චිත්‍ර හා කැටයම් සමග සන්සන්දනය කරන විට පැහැදිලි වේ.  නුවර යුගයේ නිර්මාණය කරන ලද විහාරස්ථානයට පිවිසුන මාර්ගයේ ඇති මකර තොරණ ගරා වැටී පවතී. පල්ලේගම මාර්ගය ඉදිවීමත් සමගම එම පැරැණි මකර තොරණ විහාර භූමියෙන් වෙන්වීම නිසා නව වාහල්කඩ හෙවත් පිවිසුම් මාර්ගය ඉදි කරන තොරණ මගින් විහාරස්ථානයට ලැබී ඇත්තේ අපූරු සුන්දරත්වයකි. මනරම් පරිසරයක ඉදි වූ එම වාහල්කඩ ශාස්ත්‍රපති පාලාවත්තේ විමලවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි සැදැහැති නිර්මාණ දායකත්වය දක්වා ඇත්තේ පස්සර සපුරෙදා ගම්මානයේ ජන්ම ලාභය ලබා දැනට කඩවත මහර ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික බැංකු විධායක නිලධාරී, සාමදාන විනිශ්චයකාර සෝමපාල අත්තනායක මහතා හා විශ්‍රාමලත් පාඨශාලාචාරිනී කාන්ති අත්තනායක මහත්මිය ඇතුළු දූ දරුවන් විසිනි.

නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]