[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුගලන් තෙරණුවෝ මහරහතන් වහන්සේනමක් බවට පත්වූ සේක

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 25 වනදා සඳුදා අපරභාග 10.40 ට ලබයි. 26 වනදා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 04 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභිමානයෙන් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමේ චාරිත්‍රානුකූල උත්සවය අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන් අබියස සලපතළ මළුවේ දී ඉකුත්දා ( 18) පෙරවරුවේ අභිමානවත් සහ ගෞරවනීය ආකාරයෙන් පැවැත්විණි. ශ්‍රී ලාංකේය රාජවංශයේ අනභිභවනීය නාමයක් දිනාසිටින වීර දුටුගැමුණු රජතුමන් නිර්මාණය කළ, මහා රහතන් වහන්සේලාගේ පා පහසින් ශුද්ධත්වයට පත් ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන් අභියස පැවැති එම උළෙල චාම් , එහෙත් අභිමානවත් ආකාරයෙන් සංවිධානය කර තිබුණි. මෙරට ඉතිහාසයේ දේශය එක්සේසත් කළ සහ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කළ ශ්‍රේෂ්ඨ නරපතියකු වන දුටුගැමුණු රජතුමාගේ පිළිරුව ඉදිරියේ පැවැති එම අභිමානවත් උළෙල මෙරට ජනාධිපතිවරයෙකු අනුරාධපුරයේ දී දිවුරුම් දුන් ප්‍රථම අවස්ථාව සනිටුහන් කිරීමට සමත්විය. එම අභිමානවත් උළෙලට මෙරට පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ උදෑසන 11.15 ට පමණ ය. අනතුරුව ජය සක් හඬ මැද ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් පත්වෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන එනු ලැබූ අතර රැස්ව සිටි පිරිස වෙතින් ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

සිරි දළදා හිමි සෙවණේ ජනපති ජනජය පැතිරේ

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා (20) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගත්තේ ය. ශ්‍රී දළදා මාළිගාවේ පත්තිරිප්පුව ඉදිරිපිට දී මහනුවර පුරපති කේසර සේනානායක මහතා විසින් බුලත් හුරුල්ලක් දී ජනපතිවරයා පිළිගනු ලැබී ය. අනතුරුව රතු පළසක් වෙතින් ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසට ගිය ජනපතිවරයා ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සම්ප්‍රදායානුකූලව පිළිගෙන දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට කැඳවා ගෙන යනු ලැබී ය. ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණි ජනපතිවරයාට සුබ පැතීම පිණිස දහස් සංඛ්‍යාත ජනතාවක් ශ්‍රී දළදා මාළිගාව අභියසට පැමිණ සිටියහ. දළදා මාළිගාව තුළ රැඳී සිටි ජනතාවගේ සාධුකාර මධ්‍යයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී දළදා මාළිගාව තුළට ප්‍රවිශ්ඨ වූ අතර එහි දී සතර මහ දේවාල බස්නායක නිලමේවරු හා පිටිසර දේවාල බස්නායක නිලමේවරු ඒ මහතා පිළිගනු ලැබූහ.දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු දළදා මැඳුරෙන් පිටතට පැමිණි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහු පිළිගැනීම සඳහා බලා සිටි ජනතාව අතරට ගොස් ඔවුන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

 

ධර්ම දේශනාව:

මිනිසා හා මිනිසත්බව

මිනිසා හා මිනිසත් බව එකිනෙකට බද්ධ වූ අංග දෙකකි. මිනිසෙකු වශයෙන් උපත ලැබීම ඉතාමත් දුර්ලභ අවස්ථාවක් බවට බුදු දහමෙහි කරුණු දැක්වේ. (දුල්ලභං ච මනුස්සත්තං) ඒ අනුව සෑම ජීවියෙකුට ම මිනිසෙක් වශයෙන් ඉපදීමට නොහැකි බවත්, මිනිසෙක් ව උපත ලැබීමට බොහෝ පින් හා කුසල් අවශ්‍ය බවත් කියැවේ. එසේ ම, මිනිසෙකු වීම සංසාර ගමනෙහි ප්‍රධාන සංධිස්ථානයකි. එයට හේතුව වන්නේ මිනිසෙකුව උපන් අයට බුද්ධත්වය ලැබීමට හෝ දෙවියෙකු වීමට හෝ නැවත මිනිසෙකු වීමට හෝ තිරිසන් සත්වයෙකු වීමට හෝ කටයුතු කළ හැකි වීමයි. ඒ අනුව මිනිසෙකු ව උපන් අයට සාංසාරික ජීවිතයේ දියුණුව හෝ, පරිහානිය හෝ සලසා ගත හැකි බව පැහැදිලි කරුණකි. මිනිසෙකුගේ දියුණුවට හේතුවන කටයුතුවල නිරත වන්නේ නම්, එය මනුෂ්‍යත්වයේ ලක්ෂණයකි. යම් මිනිසෙක් පරිහානියට යොමුවී අධම, පහත්, දුර්ජන ක්‍රියාවල නිරත වන්නේ නම්, එය ඔහුගේ අමනුෂ්‍යත්වයේ ලක්ෂණයකි. එබැවින් මිනිසෙකු වී මනුෂ්‍යත්වය සුරක්ෂිත කිරීමේ වගකීම පුද්ගලයා මත රඳා පවතියි. මිනිසුන් වශයෙන් සියලු දෙනාම කායිකව එක හා සමාන ය. සමාජයේ වෙසෙන බුද්ධිමත් ම සත්වයා වන්නේ ද මිනිසා ය. එසේම මිනිසාට හිමි වී ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ ස්වාධීන චින්තනය යි. එයට අදාළ විශේෂ කායික අංගයක් වන්නේ සිතයි. මනසක් හිමි, බුද්ධිමත් ව කටයුතු කළ හැකි මිනිසා සියලුම සත්වයන්ට වඩා උසස් ය.

 

දහම් නැති ලොවනොවේ සසොබන

ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගැනීම සඳහා ධර්මශාස්ත්‍ර ඥානය නමැති ඇස් දෙක තිබිය යුතු ම ය. ලෝකය කෙබඳු ද? ඒ ලෝකයේ කුමක් කළ යුතු ද? කුමක් නොකළ යුතු ද? කුමක් සැපතට හේතු වේ ද? කුමක් දුකට හේතු වේ ද? යනුවෙන් උභයාර්ථ සාධනය සඳහා බොහෝ ඇසූ පිරූ තැන් මිනිසෙකු සතුවිය යුතු ය. විශ්වය අප දකින, අසන, දැනෙන දෙයට වඩා බොහෝ සංකීර්ණ ය. සංකීර්ණ විශ්වයේ යථා ස්වභාවය අවබෝධ කරගත් එකම ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ ය. එම නිසා බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ යනුවෙන් හඳුන්වති. මේ ලෝකය පිළිබඳ ව දැනගැනීම ඉතාමත් දුෂ්කර ය. නොයෙක් පුදුම දේවලින්, පුදුම කරුණුවලින් පිරී පවතී. ඒ සියල්ල ම මසැසට විෂයව පවතින දේ නොවෙති. ලෝකයේ ඇසින් බලා අවබෝධ කරගන්නා වූ දෙයට වඩා එසේ දැනගත නොහැකි දේ බොහෝ වෙති. ධර්ම ශාස්ත්‍ර දෙක වනාහි ප්‍රකෘති ඇසට අවිෂය වූ, බොහෝ දේ පිළිබඳව ස්මරණය අවදි කරන්නා වූ දිව්‍ය ඹෟෂධයකි. මිනිසෙකුහට මෙලොව සැප ඇතිව, ගරු නම්බු ඇතිව කල් ගත කිරීම හා මරණින් මතු සුගතියට පැමිණීම යන දෙක ඇසට පෙනීමෙන් ම වන දැනීමෙන් පමණක් කිසි කලෙකත් සිදු කර ගත හැකි නොවේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]