[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

මිනිසා හා මිනිසත්බව

මිනිසා හා මිනිසත් බව එකිනෙකට බද්ධ වූ අංග දෙකකි. මිනිසෙකු වශයෙන් උපත ලැබීම ඉතාමත් දුර්ලභ අවස්ථාවක් බවට බුදු දහමෙහි කරුණු දැක්වේ. (දුල්ලභං ච මනුස්සත්තං) ඒ අනුව සෑම ජීවියෙකුට ම මිනිසෙක් වශයෙන් ඉපදීමට නොහැකි බවත්, මිනිසෙක් ව උපත ලැබීමට බොහෝ පින් හා කුසල් අවශ්‍ය බවත් කියැවේ. එසේ ම, මිනිසෙකු වීම සංසාර ගමනෙහි ප්‍රධාන සංධිස්ථානයකි. එයට හේතුව වන්නේ මිනිසෙකුව උපන් අයට බුද්ධත්වය ලැබීමට හෝ දෙවියෙකු වීමට හෝ නැවත මිනිසෙකු වීමට හෝ තිරිසන් සත්වයෙකු වීමට හෝ කටයුතු කළ හැකි වීමයි. ඒ අනුව මිනිසෙකු ව උපන් අයට සාංසාරික ජීවිතයේ දියුණුව හෝ, පරිහානිය හෝ සලසා ගත හැකි බව පැහැදිලි කරුණකි. මිනිසෙකුගේ දියුණුවට හේතුවන කටයුතුවල නිරත වන්නේ නම්, එය මනුෂ්‍යත්වයේ ලක්ෂණයකි. යම් මිනිසෙක් පරිහානියට යොමුවී අධම, පහත්, දුර්ජන ක්‍රියාවල නිරත වන්නේ නම්, එය ඔහුගේ අමනුෂ්‍යත්වයේ ලක්ෂණයකි. එබැවින් මිනිසෙකු වී මනුෂ්‍යත්වය සුරක්ෂිත කිරීමේ වගකීම පුද්ගලයා මත රඳා පවතියි. මිනිසුන් වශයෙන් සියලු දෙනාම කායිකව එක හා සමාන ය.


ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 25 වනදා සඳුදා අපරභාග 10.40 ට ලබයි. 26 වනදා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 04 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]