[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ගිහි ගෙදරට දහම් වැටක්:

අවබෝධයෙන් රැස් කළ යුතු කුසලය

තණ්හාව පවතින්නේ පුද්ගල මනසෙහි ය. එය ඇතැම් විට සමාජයට නොපෙනෙන ලෙස භාවිත වෙයි. ඇතැම් විට සමාජයට පෙනෙයි. දානය ද එක්තරා පරිත්‍යාගයකි. එසේ වුව ද සෑම පරිත්‍යාගයක් ම, දානයක් බවට පත්වන්නේ නැත. එයට හේතුව දානය නමැති කුසල කර්මය සම්පූර්ණ වීම සඳහා බාහිර ක්‍රියාකාරකම් පමණක් ප්‍රමාණවත් නොවීමයි. ඒ සඳහා ප්‍රධාන බලපෑම සිදුකරනු ලබන්නේ මානසික සාධක වීමත්ය. ශිලය ද එසේම ය. පංච ශීලයට අනුකූලව ජීවිතය සරසාගත් පුද්ගලයා කවරදාවත් තමා පංචශීලය රකින්නේ යැයි, ප්‍රකාශ කරනු ලබන්නේ නැත. එයට හේතුව ඔහු ඒ අනුව ජීවත්වන නිසා ය. ශීලය ආරක්ෂා කිරීමෙන් ලබන මානසික සංතුෂ්ටිය එකකි. ශීලය ආරක්ෂා කරන බවට තැන තැන ප්‍රකාශ කිරීමෙන් ලබන මානසික වින්දනය වෙනත් එකකි. භාවනාව හුදු මානසික ම ය කාරණාවක් වුව ද, එය ද වැරැදි ලෙස යොදා ගත හැකි ය. බුදු දහම යනු හෘද සාක්ෂියයි. දහම අනුව තමන් ජීවත් වනවා ද, නැති ද කියා නිවැරැදිව දන්නේ එම පුද්ගලයාගේ හෘද සාක්ෂියයි. ඉදිරි භවය හෝ ඊළඟ කාලය තීරණය වන්නේ එපරිදි ය.


වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා අපර භාග 12.23 ට ලබයි. 28 වන දා සඳුදා පූර්ව භාග 09.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය.

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]