[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලොකුම දෙය

ලොකුම දෙය

මේ කතාවට මුල් වන්නේ මගේ හොඳම මිත්‍රයෙකුගේ පුංචි දුවක්. ඔහු මා සමඟ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඔහුගේ පුංචි දුව ඉගෙන ගත්තේ එංගලන්තයේ පාසලක පළමුවන වසර පන්තියේ

දවසක් ඇගේ ගුරුවරිය ළමයින්ගෙන් මෙසේ ඇසුවා.

“මේ ලෝකයේ ලොකුම දෙය කුමක් ද?”

“ ලෝකයේ ලොකුම දෙය මගේ තාත්තා” කියල එක් ළමයෙක් උත්තර දුන්නා.

“ නැහැ. නැහැ. ලෝකයේ ලොකුම දෙය අලියා” කියලා තවත් ළමයෙක් උත්තර දුන්නා.

“නැහැ ටීචර්” ලෝකයේ ලොකුම දෙය කන්ද. ඒක අරයාගේ තාත්තාටත්, මෙයාගේ අලියාටත් වැඩිය ලොකුයි” තවත් ළමයෙක් උත්තර දුන්නා.

මගේ මිත්‍රයාගේ දියණිය දුන් උත්තරය මෙහෙමයි.

“ලෝකයේ ලොකුම දෙය මගේ ඇස” ඇය කිව්වා.

මේ ළමයා කියන්නේ මොනවාද කියලා ගුරුවරියටත් තේරුම් ගන්න බැරිවුණා.

“ටීචර්, මගේ ඇසට එයාගේ තාත්තා දැක ගන්න පුළුවන්. මගේ ඇසට අලියාත්, කන්දත් දැකගන්න පුළුවන්. ඊටත් වැඩිය ලොකු දේ දකින්න පුළුවන්. මේ නිසා ලෝකයේ ලොකුම දෙය මගේ ඇස”

පස් හැවිරිදි දැරියකගේ විශිෂ්ට තර්කයක්. අප යමක් දිහා බලනවිට, වෙනස් විදිහට බැලුවාම, අදහන්න බැරි ප්‍රඥාවක් අප තුළ ඇති වෙනවා. ඈ කියූ පරිදි මේ ලෝකයේ බොහෝ දේවල් ඇසෙන් දකින්න පුළුවන්.

නමුත් මම ඇගේ උත්තරයට දෙන්නේ ලකුණු 10 න් ලකුණු 9ක් විතරයි. මක්නිසාදයත් ? ඔබේ මනසට, ඔබේ ඇසට කවදාවත් දකින්න බැරි දේ දැකගන්න පුළුවන් නිසයි. සැබෑ ලෝකයේ ඔබට කිසිදාක දකින්න බැරි දේ ඔබේ මනසට සිතෙන් මවා ගන්න පුළුවන්. ඔබේ මනසට ගඳ සුවඳ දැනෙනවා. ස්පර්ශය විඳගන්න පුළුවන්. නොයෙකුත් දේ සිතේ මවාගන්න පුළුවන්. ලෝකය කුමක් ද කියා අත්විඳින්නෙත් මනස මගිනුයි. මේ නිසා ඔබේ ලෝකය තිබෙන්නේ ත් ඔබේ මනස තුළයි. මනස ලෝකයේ තිබෙන්නක් නොව, මනස තුළයි ලෝකය තිබෙන්නේ.

ඔබට ලස්සන මතකයක් සකස් කර ගන්න පුළුවන් නම්, ධනාත්මක මනසක්, කරුණා, දයාවෙන් පිරුණු මනසක් සකසා ගන්න පුළුවන් නම් සියලු දේ එයට ගැළපේවි. අනුරූප වේවි.

එවිට අසහනය, මානසික පීඩාව දුරු වී සතුට, සාමය, සැනසීම ළඟාවේවි. මක්නිසාදයත් ? ඒ සියල්ල තිබෙන්නේ වෙන කොහේවත් නොව මනසේ ම නිසයි.

මනස සන්සුන්වනවිට, සාමකාමී වනවිට, ධනාත්මක වනවිට අන් සියලු දේ ම සාමකාමී හා පාරිශුද්ධ වෙනවා. එසේ වූ විට කිසිදාක මානසික අසහනයක්, මානසික පීඩාවක් ඇති වන්නේ නෑ. ඒ වෙනුවට සිතට සාමය හා සන්සුන් බව ලැබෙනවා.

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා අපර භාග 12.23 ට ලබයි. 28 වන දා සඳුදා පූර්ව භාග 09.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය.

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]