[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුල දරුවන් හය දෙනෙක් සසුන් ගත කෙරේ

කුල දරුවන් හය දෙනෙක් සසුන් ගත කෙරේ

වාද්දුව, දෙල්දුව ගනේවත්ත පුරාණ රජ මහා විහාරස්ථානයේ කිතලගම නන්දසාර හිමියන්ගේ 36 වෙනි ජන්ම දිනය හා පැවිදි දිවියට 28 වසරක් පිරීම නිමිත්තෙන් එම විහාරස්ථානයේ් දී සැප්. 12 සිට 15 වෙනි දා දක්වා පින්කම් මාලාවක් පැවැති අතර ගැබිනි මව්වරුන් 600 දෙනෙකුට වියළි ආහාර සලාක පාර්සල් 600 ක් බෙදාදීම, පානදුර, කළුතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක දෙල්දුව ගනේවත්ත පුරාණ රජමහා විහාරාධිපති, දෙල්දුව සුමන නාහිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

එම අවස්ථාවට කළුතර ප්‍රාදේශීය ලේකම් සිසිර කුමාර හේනාධීර, කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් විමල් ගුණතුංග, බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිශාන්ත වර්ණසිංහ හා විකුම්, මොරොන්තුඩුව පොලිස් ස්ථානාධිපති ජයසම්පත් රණසිංහ, හා කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආනන්ද ප්‍රේමකීර්ති යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

එම අවස්ථාවේ දී බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් වන “සිහිලැල් දැහැන” වෙහෙර විහාර සංවර්ධන ව්‍යාපෘති කටයුතු යටතේ, ගනේවත්ත විහාර සංවර්ධන කටයුතු සඳහා රු. ලක්ෂ දහයක (10ක) චෙක් පතක්, නිශාන් වර්ණසිංහ මහතා විසින්, විහාරාධිකාරී කිතලගම නන්දසාර හිමියන් වෙත ප්‍රදානය කරන ලදී.

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 21 වන දා සෙනසුරාදා අපර භාග 08.20 ට ලබයි. 22 වන දා ඉරිදා අපර භාග 7.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා ඉරිදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]