[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයට විසි වසරක් සපිරීම හා කොළොන්නාවේ සිරි සුමංගල මහ නා හිමියන්ගේ 50 වන ඡන්ම දිනය සහ දිව්‍ය රම්‍ය මහ සෑයෙහි කොත් වහන්සේ නිරාවරණ පින්කම

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරය අරඹා විසි වසරක් සපිරීමත්, කොළොන්නාවේ සිරි සුමංගල මහා නාහිමියන්ගේ පනස් වන ජන්ම දිනයත්, අඩි 117 ක් උසින් යුත් දිව්‍ය රම්‍ය මහා සෑයෙහි කොත් වහන්සේ නිරාවරණයත් නිමිත්තෙන් දෙව්රම් මහා විහාරයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ. කොත් වහන්සේ නිරාවරණය මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමිපාණන් වහන්සේගේ සුරතින් සිදු කිරීමට නියමිත ය. එම මහා සෑ රදුන් වහන්සේ වටා ඉදිකර ඇති අට විසි බුද්ධ මන්දිරය සියලු පාර්ශ්වයන්හි මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුරතින් නිරාවරණය කිරීමට නියමිත ය.


බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 21 වන දා සෙනසුරාදා අපර භාග 08.20 ට ලබයි. 22 වන දා ඉරිදා අපර භාග 7.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා ඉරිදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]