[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොහෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෝදා පෙරවරු 06.00 - 06.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 06.30 - 07.00 උදෑසන බුද්ධ පූජාව, 08.00 - 09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00 - 10.00 පෙරවරු ධර්ම දේශනාව අක්මීමන ධම්මපාල හිමි, 10.00 -11.00 ධම්මපදයෙන් බිඳක් කොළොන්නාව පුරාණ විහාරවාසී, කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්යය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පුජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 - 02.00 සීල භාවනා සමිතිය, 02.00 - 03.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 03.00 - 4.00 පස්වරු ධර්ම දේශනාව විලච්චියේ පඤ්ඤාලෝක හිමි, 04.00 - 05.00 ධර්ම සාකච්ඡාව, 05.00 - 06.00 භාවනා වැඩසටහන මෙහෙය වීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00 - 8.00 සන්ධ්‍යා ධර්ම දේශනාව පූජ්‍ය කැලණියේ සීලදස්සන හිමි.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනය, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව පෙරවරු වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 - 2.00 ධර්ම දේශනය සියඹලාගොඩ දම්මින්ද හිමි, 2.00 - 3.30 ධර්ම දේශනය ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංස හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 5.00 - 6.00 ධර්ම දේශනය අලුත්වල ධම්මසති හිමි.

****

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 5.30 ක්ෂිරපායාස බුද්ධ පූජාව, 6.00 සීල සමාදානය හා ධර්මානුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 - 9.00 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 9.00 - 10.30 භාවනාව සහ දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි. 10.30 - 11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15- 1.00 ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනාව, 1.00 - 2.00 ධර්ම දේශනාව තල්ගමුවේ සුධිරානන්ද හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව දිගන සුගතවංශ හිමි, 3.30 - 5.00 ධර්ම සාක්ච්ඡාව මහකෙලියේ ලොකු ස්වාමීන් වහන්සේ සමග දිගන සුගත වංශ හිමි, 5.00 පුණ්‍යානුමෝදනාව, කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය, 6.00 ඖෂධ 108 සහිත ගිලන්පස සම්බුද්ධ පූජාව සහ ධාතු වන්දනාව.

****

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරය

සීදුව, රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දී බිනර පෝදා පින්කම් මාලාවක් විහාරාධිපති, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. උදෑසන 06.00 උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව සීදුවේ සුමනවංස නාහිමි, 6.45 ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, 8.00 - 9.00 ධර්ම දේශනාව කැලණිය මානෙල්වත්ත නාගානන්ද විශ්ව විද්‍යාලයේ නැදගමුවේ සෝම හිමි, 9.00 - 10.45 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අශෝක පි‍්‍රයදර්ශන, ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ඒ.එන්. ඉන්ද්‍රසේකර, ධර්මාචාර්ය අනුර සිරිමාන්න, ශාස්ත්‍රපති නීල් ධම්පි‍්‍රය බණ්ඩාර, ධර්මාචාර්ය කේ.ඒ.එස්. ආර්. දයානන්ද යන මහත්වරු අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මුල්තැන් බුද්ධ පූජා කිරීම. පස්වරු 12.00 - 12.30 සක්මන් භාවනාව, 12.30 - 1.00 තෙරුවන් වන්දනාව, 1.00 - 2.00 කාව්‍යමය ධර්ම දේශනාව, වනාතවිල්ලුවේ විපස්සි හිමි, 2.30 - 3.30 භාවනාව මොණරාගල සෝමසාර හිමි.3.30 - 4.30 ජාතක ධර්ම දේශනාව රද්දොළුවේ වජිර හිමි, 4.30 - 05.30 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී ඇඹිලිපිටියේ සාරද හිමි, 6.00 අටවිසි බුද්ධ පූජාව, පහන් පූජාව හා බෝධි පූජා පින්කම

****

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික අනුරාධපුර මහා විහාරයේ බිනර පොහෝ දින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී පහළතලාවේ සුමනසිරි හිමියන් සංවිධානය කරති.

පෝදා පෙරවරු 6.00 අටසිල් සමාදන්වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ දර්ශනපති, කථිකාචාර්ය පනාමුරේ චන්දිම හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 09.15 ගිහි දේශනය, ශාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන මහතා, 10.30 බුද්ධ පූජාව දවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 01.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති පණ්ඩිත මහවිලච්චියේ ධම්මරතන හිමි, 02.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය, ශාස්ත්‍රපති කරපික්කඩ සෝභිත හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න, ශාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන මහත්වරු. 04.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 05.00 බෝධි පූජාව මෙහෙයවීම, ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 06.00 - 07.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00 - 9.00 භාවනාව පිටිපන සාසනරතන හිමි, 09.00 - 10.00 ධර්ම දේශනාව හැඳල දමිත හිමි, 10.00 - 11.15 පරෝපකාර සංග්‍රහය - අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ වරකාපොල ධම්මශාන්ත හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 - 3.00 වෙසෙසි දෙසුම මනෝවිද්‍යා පුහුණු උපදේශිකා හා මනෝ චිකිත්සක නාලනී මොහොට්ටි විජේරත්න මහත්මිය. 03.00 - 04.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පරගම්මන අමරකිත්ති හිමි, 4.15 - 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 - 6.00 ධර්ම දේශනාව මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00 - 06.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි.

****

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් බිනර පෝදා වැඩසටහන පැවැත්වේ.

පෙරවරු 06.30 - 7.30 අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.30 - 9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 10.00 - 10.40 ජාතක කථා දේශනය, හපුතලේ ඤාණවිසුද්ධිහිමි, 10.45 දවල් අටවිසි සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 - 3.00 ගිහි දේශනය හා භාවනාව, ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ, පස්වරු 3.15 - 4.00 ධර්ම දේශනය වඳුරඹ ඤාණාලංකාර හිමි, 4.00 - 5.00 මහාසමය සූත්‍ර දේශනාව සහිත පිරිත් සජ්ඣායනය, ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා, 5.00 සිල් පවාරණය සිදු කිරීම, 6.30 - 7.30 අෂ්ටපාන සහිත අටවිසි ගිලන්පස බෝධි පූජාව සිදු කිරීම. බුදුසරණ පුවත්පත ධර්ම දානය පිණිස බෙදාදීමේ දායකත්වය මොරටුව, කටුබැද්ද පදිංචි සාමවිනිසුරු චමින්ද පි‍්‍රයංකර මහතා ඇතුළු මිතුරු කැළ විසිනි.

****

කැලණිය තරුණ බෞද්ධ සමිතිය

කැලණිය තරුණ බෞද්ධ සමිතියේ පෝදා වැඩසටහන මෙසේ ය. පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම, ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 ධර්ම දේශනය, 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව බොරලුකන්දේ ඤාණින්ද හිමි, පස්වරු 01.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය 5.00 බෝධි පූජාව බොරලු කන්දේ ඤාණින්ද හිමි, 06.00 සිල් පවාරණය.

****

බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 06.00 - 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි. 08.00 - 09.00 ධර්මානුශාසනාව ගෞරව ශාස්ත්‍රවේදී බොරැල්ලේ කෝවිද හිමි, 09.00 - 10.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි, 10.00 -11.15 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, පස්වරු 12.15 - 01.15 සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිරි වජිරාරාමාධිකාරී සිරි වජිරාරාම දහම් පාසල් අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 - 02.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 03.00 - 04.00 භාවනාව සහ අනුශාසනාව - සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි, 4.00 - 05.00 ගිහි දේශනය, ශාස්ත්‍රවේදී ආචාර්ය ශේන් බ්ලොක් මහතා, 05.00 - 06.00 ධර්මානුශාසනාව කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කරපුටුගල රේවත හිමි, 06.00 - 06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා.

****

ශ්‍රී සම්බෝධි විහාරය

බිනර පෝදා පෙරවරු 05.30 - 06.00 කිරි ආහාර බුද්ධ පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ හිමි, 08.00 - 09.00 ධර්ම දේශනාව දොරොව්වේ ඤාණරතන හිමි, 09.15- 10.15 ධර්ම දේශනාව දොඩංදූවේ සිරිකර නා හිමි, 10.30 - 11.00 ව්‍යාංජන 108 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පුජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 - 02.00 ප්‍රත්‍යවේක්ෂා පෝදා ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි, මෙහෙයවීම නීතීඥ ශෂික ජයතිලක මහතා, 2.00 - 3.00 ධර්ම දේශනාව කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 - 04.30 ධර්ම දේශනාව අලුත්ගංගොඩ ඤාණවීර හිමි, 4.30 - 05.30 ධර්ම දේශනාව හසලක සීලවිමල හිමි, 05.30 - 6.00 මහා ඖෂධ පූජාව, සහ සිල් පවාරණය මෙහෙයවීම තලාවේ සුමනරතන හිමි.

****

කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ දී පොහෝදා පින්කම් තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් පැවැත්වේ. පෙරවරු 6.00 - 06.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරි මහින්ද නාහිමි,7. 7.30 තෙරුවන් වන්දනාව 8 - 9 භාවනාව කන්තලේ සුමිත්ත හිමි,09.15 - 10.15 දහම් දෙසුම තලල්ලේ ධම්මදේව හිමි 10.30 - 11.00 දවල් සම්බුද්ධ පූජාව හා දෙතිස්වෑංජන පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, පස්වරු 12.15 - 12.45 සෙත් පිරිත් දේශනය පස්වරු 1.00 - 2.00 මාසික රැස්වීම, 2.15 - 3.15 ධර්ම දේශනාව බුලනවැවේ වජිර බුද්ධි හිමි, 3.30 - 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ ධම්මදේව හිමි, 4.30 - 05.30 ධර්ම දේශනාව ගැට්ටුවානේ සුමේධ හිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, රාත්‍රී 06.45 - 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව.

****

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි බිනරපෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , වේවැල්දූවේ ධම්මකිත්ති, ලෝලුගස්වැව සුමනවංස, ගල්කිස්සේ ධම්මිස්සර යන හිමිවරුන්ද, ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 06.00 - 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත බියගම ධම්මජීව හිමි, 08.00 - 09.00 භාවනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 09.00 - 10.00 සූත්‍ර දේශනාව, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති උල්ලිඳුවාවේ විනයධම්ම හිමි, 10.00 - 11.00 ධර්ම දේශනාව අලුත්ගම පඤ්ඤාසාර හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව කන්දකැටියේ වජිරධම්ම හිමි, තඹුත්තේගම නාරද හිමි, පස්වරු 12.15 - 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20 - 01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, අයගම සමිත හිමි, 01.00 - 02.00 ධර්ම සාකච්ඡාව පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි, 02.00 - 03.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති අලුයටවල විමලධම්ම හිමි, 03.00 - 03.45 ධර්ම දේශනාව පඟුරේ නන්දාරාම හිමි, 04.00 - 05.00 ධර්ම දේශනාව, වජිරාරාමවාසී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වැලිගෙපොල සීලවංශ හිමි, 05.00 - 06.00 ධම්ම පදය, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 06.00 - 06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

****

තලවතුගොඩ සංඝමිත්තාරාමයේ පින්කම්

තලවතුගොඩ , වැලිපාර, සංඝමිත්තාරාමයේ දී බිනර පුන් පොහී දින පෙරවරු 6.00- පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩ සටහන් පැවැත්වේ. පෙරවරු 8.00- 9.00 දහම් දෙසුම් ගල්විලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ඇහැළියගොඩ පුණ්‍යජි හිමි 9.30, 9.30 - 10.30 දම් දෙසුම නාවින්න ඉසිපතනාරාමවාසී පනාපිටියේ ජිනරතන හිමි 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00- 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00-2.00 භාවනා වැඩසටහන දම්සිසිල සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක යෝගාශ්‍රමාධිපති ආටිගල අමිතදේව 2.15-3.00 ධම්මපදය 3.00-4.00 දහම් දෙසුම දෙල්කඳ පුෂ්පාරාම විහාරාධිපති කහටපිටියේ පඤ්ඤාසාර හිමි 6.00 සිට මල්, පහන් , ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාව සුපුරුදු පරිදි මෙම බිනර පුර පසළොස්වක පොහොය දිනයෙහි දී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.

****

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ පින්කම්

පෝදා 6.45 - 07.30 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව මහනුවර, අස්ගිරි මහා විහාර පිරිවෙන්, විහාරවාසී හිමිනමක් 8.30 - 10.30 ධර්මානුශාසනාව හා භාවනාව කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා අසපු විහාරාධිපති, නාලන්දේ පවර හිමි, 10.30 - 11.30 දවල් බුද්ධ පූජාව, පස්වරු 12.30 - 01.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති, පණ්ඩිත ඇකිරියේ පඤ්ඤානන්ද හිමි, 01.30 - 02.30 ධර්මානුශාසනාව හා සාකච්ඡාව හේනේගම ශ්‍රී සංඝානන්ද විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය, රාජකීය පණ්ඩිත අත්තරගම කුශල හිමි, 03.00 - 04.15 ධර්මානුශාසනාව හා සිල් පවාරණය පැණිදෙණිය භාරතීය පිරිවෙණේ නියෝජ්‍ය පරිවේනාධිපති කොළඑළියේ සුදස්සී හිමි.

****

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරය

කොබවක ශ්‍රී සුමනාරාම දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ උපදෙස් මත බිනර පෝදා ධර්ම දේශනා මාලාවක්, සංඝගත දක්ෂිණාවක්, සදහම් වන්දනාවක් සමඟ භාවනා වැඩසටහනක් පැවැත්වේ. පෙරවරු 08.30 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත බෝතලේ ශ්‍රී ඥාණිස්සර නාහිමි, 09.30 සදහම් වන්දනාව මෙහෙයවීම, ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ, සවස 01.00 විශේෂ භාවනා වැඩසටහන මෙහෙයවීම වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ, සවස 02.30 ධර්ම දේශනාව දර්ශනපති, නාහල්ලේ වජිරඤාණ හිමි, සවස 03.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත නවදගල ශ්‍රී චන්දසිරි නා හිමි, සවස 04.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත මොරපිටියේ ශ්‍රී ධම්මතිලක නා හිමි.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි.
14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
22 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]