[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

නිවන් සුවය හැඳින ගනිමු

බිනර පුර පසළොස්වක පොහොය දිනයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි. බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම ඊට ප්‍රමුඛ හේතුවයි. බිනර පොහෝදා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ගේ පැවිදිවීම සිදු වූ අතර, එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය. අද වැනි පොහොය දිනෙක ඉහත කී ශාසනික වැදගත්කම සිහිපත් කිරීම ඉතා වැදගත් වෙයි. ඒ සමඟම බුදු දහමේ මූලික ඉගැන්වීම් පිළිබඳව අවබෝධයක් ලබා ගැන්ම ද බුද්ධිමත් පියවරක් වනු ඇත. බුදු දහමේ අවසාන අපේක්ෂාව නිර්වාණාවබෝධය යි. නිවන යන ශබ්ද මාත්‍රය පවා සැදැහැති බෞද්ධයන්ගේ කන් පිනවන, සිත සනසන මිහිරි හඬෙකි. කිසියම් කුසලයක් සිදුකොට සැදැහැතියන් ප්‍රාර්ථනා කරනුයේ නිවන් සුවයයි. ඔවුන්ගේ එකම පරමාර්ථයත් එම උතුම් නිවනයි.එබැවින් අද දින නිවන පිළිබඳ හැකිතාක් දුරකට මෙනෙහි කිරීම අර්ථවත් වෑයමක් යැයි, සිතේ. තෘෂ්ණාව ‘වාන’ යනුවෙන් හැඳින් වේ. ‘නි’ යනු ‘නික්මීම’ යන අර්ථයයි. මෙම වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් නික්මීම ‘නිබ්බාන’ යනුවෙන් අර්ථ දැක්විය හැකි ය. මෙය නිත්‍ය දෙයක් වන හෙයින් කිසි කලෙකත් අභාවයට පත් නොවේ. එසේම නිවන සඳහා බොහෝ සත්ත්වයින් පැමිණීමෙන් එහි පූර්ණත්වයක් හෝ, නොපැමිණීමෙන් ඌණ තත්ත්වයක් හෝ ඇති නොවේ. නිවන හුදෙක් හට ගැන්මක් හෝ සටහනක් නොමැති ලෝකෝත්තර ධර්මතාවයෙකි.


බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි.
14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
22 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]