[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සිය වසට ළඟා වන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

මෙරට බොදු පුනරුදයට ශාසනික ආගමික හා සාමාජික වශයෙන් යුග මෙහෙවරක් ඉටු කරන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මෙම වසරේ දෙසැම්බර් 21 වන දා සිය වන වසට පා තබයි. යටත්විජිත යුගයේ දී බෞද්ධ සමාජයට මුහුණ පෑමට සිදු වූ විවිධ හේතු මුල් කර ගනිමින් 1919 දෙසැම්බර් 21 වන දා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ආරම්භ විය. 1917 දී පමණ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දී තරුණ බෞද්ධ සමිති විසි එකක් ඇතුළු මෙරට බොදු සංවිධාන ඒකරාශි වී පැවැති සාකච්ඡාවක දී එබඳු සංවිධානයක අවශ්‍යතාව ගැන අදහස් පළ විය. කොළඹ තරුණ බෞද්ධ සමිතියේ සභාපති මෙරට කීර්තිමත් බෞද්ධ ජන නායකයකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක ශ්‍රීමතාණන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පළමු සභාපතිවරයා වේ. එදා මෙදා තුර මෙරට බෞද්ධ ප්‍රභූ නායකයන්ගේ මූලිකත්වයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පැවත එන්නාහ. එෆ්.ආර්. සේනානායක මහතා, පී.ද. ඇස්. කුලරත්න මහතා, සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා, ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා, එච්.ශ්‍රී නිශ්ශංක මහතා, එල්.එච්. මෙත්තානන්ද මහතා, ආදී සම්භාවනීය බොදුජන නායකයන් මුල් යුගයේ දී සභාපති ධූරය දරමින් මහඟු මෙහෙවරක් ඉටු කර ඇත. 1939 සිට 1958 දක්වා ලොව ප්‍රකට පඬිරුවනක් වූ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා, ලලිත රාජපක්ෂ මහතා සහ මෑත යුගයේ මහාචාර්ය එම්.බී. ආරියපාල මහතා සහ මිලිනා සුමතිපාල මහත්මිය එහි සභාපති ධූරය හොබවමින් සිදු කර ඇත්තේ උදාර මෙහෙවරකි.


බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි.
14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
22 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]