[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙරුවන් සරණ ගිය පළමු උපාසක බරණැස් සිටුතුමා

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 05 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 08.49 ට ලබයි. 06 වනදා සිකුරාදා අපරභාග 08.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 06 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

දහම් පිපාසිත සමාජයට බුදුසරණ ධර්ම චාරිකා පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයෙන් ඇරඹුණු වගයි

දහම් පිපාසිත සමාජයේ සිත් පහන් කරවන මා හැඟි පින්කමක් ඉකුත්දා (31) කොළඹ දිසාවේ පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයේ දී පැවැත්විණි. බුදුසරණ ධර්ම චාරිකා පුණ්‍ය මහෝත්සවයේ පළමු වන ධර්ම දේශනාව එහිදී පැවැත්විණි. සංකල්ප මාවතේ සිට ප්‍රදේශයේ සැදැහැති පින්වතුන්ගේ දායකත්වයෙන් හේවිසි පූජා සහ සාධු නාද මධ්‍යයේ මල්, පහන්, ගිලන් පස බුද්ධ පූජා පෙරහර සංකල්ප විහාරය වෙත ළඟා විය. අනතුරුව හේවිසි පූජා සහ සාධු නාද මධ්‍යයේ ධර්ම දේශනාව සඳහා ධර්ම ශාලා මන්දිරය වෙත පූජ්‍ය බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ වැඩම කරවුයේ ඉමහත් ශ්‍රද්ධා ගෞරවයෙනි. මාකන්දන සංකල්ප විහාරාධිපති, කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ විසින් එහිදී කෙටි අනුශාසනාවක් පවත්වනු ලැබුහ. අපේ රටේ පත්තර මහ ගෙදර ලෙස ගෞරවයට පත් ව ඇති ලේක්හවුස් ආයතනය හෙවත් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ශත වර්ෂයකටත් අධික කාලයක සිට මෙරට ජනතාවගේ නැණ පහන් දැල්වීමට මහඟු මෙහෙවරක් සිදු කරන අතර, වාර්ෂික මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාව ආදී ආගමික කටයුතු නොපිරි හෙලා ඉටු කරන බව පැවසුහ.

 

ධර්ම දේශනාව:

ප්‍රඥාවෙන් ජීවත්වීම උතුම් ය

තිලෝගුරු ලොව්තුරු බුදුපියාණෝ දමනය කළ නොහැකි විෂම පුද්ගලයන් දමනය කළ සේක. සච්චක, සුචිරෝම ,ඛරරෝම වැනි යකුන් ඒ අතර වේ. යකුන් අතර සිටි ආලවක නුවණැත්තෙකි. ආලවක යකු වාසය කළේ දඹදිව මගධයේ අලව් නුවර ය. බුදුපියාණෝ අලව් යකු හමුවට වඩින වේලේ ඔහු සිය භවනයේ නොසිටියේ. යකු එනතෙක් බලා සිටි බුදුරදුන් යක්ෂ භවනයේ අසුන් ගත්හ. එකෙනෙහි බඩ සායෙන් පීඩිතව පැමිණි ආලවක, බුදුරදුන් දැක යක්ෂාරූඪ වූයේ ය. හැසිරීම අමුතු ය. ආගන්තුක සත්කාර නොදත් හෙතෙම බුදුරදුන් පිළිගත්තේ අමුතුම අයුරිනි. ශ්‍රමණය, මාගේ විමානයෙන් එළියට යව, (නික්ඛම සමණාති) යහපතැයි කියූ බුදුරදුන් නික්මුණු සේක. යළිත් යකු කියන්නේ, මාගේ විමානයට ඇතුළු වෙව, (පවිස සමණාති) බුදුන් වහන්සේ එසේම කළ හ. එලෙස තෙවරක් ම කළහ. සිව් වනවර එසේ නොකළහ. තමන් වහන්සේ එසේ නොකරන බව වදාළ හ. තමන්ට හැකි දෙයක් ඇත්නම් කරන්නැයි වදාළ හ. එවිට කෝප වූ යකු, බුදුරදුන්ගෙන් ප්‍රශ්න ඇසීම ට සැරසුණේය.

 

ඓතිහාසික ගැටබරු රාජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර පුණ්‍යෝත්සවය

රුහුණේ ඓතිහාසික සිද්ධස්ථාන අතර ගැටබරු රාජමහා විහාරයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙයි. බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ගේ දේවාලය ද එම ස්ථානයෙහි පිහිටුවා තිබීම සුවිශේෂී වැදගත්කමකින් යුක්තය. ගාල්ල, දෙනියාය ප්‍රධාන මාර්ගයේ කොටපොල නමැති පෞරාණික සුන්දර ග්‍රාමයේ පිහිටි මුහුදු මට්ටමින් අඩි 1500 ක් උස් වූ ගැටබරු කඳු මුදුනේ මෙම ඓතිහාසික විහාරස්ථානය පිහිටා තිබේ. ඉතා චිත්තාකර්ෂණීය පරිසරයක් හාත්පසින්ම දැකිය හැකි මෙම ගැටබරු පුදබිම එක්පසෙකින් රක්වාන හෙල්වලටත්, ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් වන සිංහරාජ අඩවියටත් සම්බන්ධ වෙයි.අනෙක් පසින් මොරවක්කන්ද කඳුකරයේ හාත්පසින්ම විහිදී යන මහා වනාන්තරයකට සම්බන්ධ වෙයි. මොරවක් කෝරළය හා කන්දබඩ පත්තුව තුළ පිහිටි මෙම ප්‍රදේශය ඉපැරැණි රෝහණ රාජධානියේ බටහිර කලාපයට අයත් වෙයි.

 

කඩවත සූරිගම නිකිණි පෙරහර

කඩවත සූරිගම ශ්‍රී සුධර්මාරාම ශ්‍රී නාගාර්ජුන විද්‍යාපීඨ මහ පිරිවෙනේ නිකිණි මහා පෙරහර සහ වාර්ෂික මහා පින්කම අටවැනි වරටත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ජූලි 29 වැනිදා ආරම්භ වූ පින්කම් මාලාවේ අවසානය සනිටුහන් කරමින් සැප්තැම්බර් 07 වැනි දා පෙරහර ග්‍රාම ප්‍රදක්ෂිණා කිරීමට නියමිත ය. පෙරහර මංගලෝත්සවයේ චමත්කාරය හා අසිරිමත් බව ඉස්මතු කොට දැක්වීමට දක්ෂ උඩරට, පහතරට, සබරගමු, නැටුම් කණ්ඩායම් 45 ක් පමණ සහභාගි වෙනවා. පෙරහර ආරම්භයට දින කිහිපයකට පෙරාතුව පෙර පුහුණුවීම්, පෙරහුරු පැවැත්වීම් තුළින් කලාකරුවන්ගේ කුසලතා වර්ධනය කරගැනීමට මෙන්ම පෙරහරේ ගුණාත්මක අගය වර්ධනය කර ගැනීමට පියවර ගන්නවා. අලි අතුන් 20ට අධික ප්‍රමාණයක් සහභාගි කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙවර කරඬුව වැඩම වන්නේ නැදුන්ගමුවේ රාජ ඇතා විසින්.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]