[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජයකඩුව ශ්‍රී ශාසන වර්ධන විහාරස්ථානයේ ගලබාවේ පඤ්ඤාරතන හිමියන්ගේ ඉල්ලීමක් මත මහියංගනය, සොරබොර පදිංචි ඩග්ලස් වර්ණසූරිය මහතා සහ චන්ද්‍රා කුමාර යන අයගේ පුත් සහිරු අචින්ත කුමරා බටුවැව මලියදේව විහාරය, ජයකඩුව, ශ්‍රී ශාසන වර්ධන විහාරය යන උභය මහා විහාරාධිපති ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ කුරුණෑගල දිසා පාලක ගල්කැටියාගම වනරතන මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් අගෝස්තු මස 15 වැනි දින ජයකඩුව ශී‍්‍ර ශාසන වර්ධන විහාරස්ථානයේ දී පැවිදි බිමට පත් කෙරිණි.

හිඳගල ඤාණාධාර හිමියන් රචිත ග්‍රන්ථ පහක් 8 වැනිදා දොරට වඩී

විද්වත් හා කීර්තිමත් ලේඛකයකු ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී කථිකාචාර්ය, ආචාර්ය හිඳගල ඤාණාධාර හිමියන් විසින් බුදුදහමේ ඉගැන්වෙන විවිධ පැතිකඩ පාදක කරගෙන රචිත ග්‍රන්ථ පහක් දොරට වැඩීමේ මහෝත්සවය සැප්තැම්බර් 08 වන ඉරිදා පස්වරු 2.00ට දිවුලපිටිය බලගල්ල සරස්වතී මහ පිරිවෙන් පරිශ්‍රයේ දී පැවැත්වේ.සිංහල භාෂාවෙන් හා ඉංගී‍්‍රසි භාෂාවෙන් ලියැවුණ ග්‍රන්ථ පහ එදින මෙසේ දොරට වැඩීම සිදුකෙරේ.


බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 05 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 08.49 ට ලබයි. 06 වනදා සිකුරාදා අපරභාග 08.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 06 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]